ඡන්ද අයි­තිය ප්‍රති­ක්ෂේප කිරීමේ අන­ර්ථය | සිළුමිණ

ඡන්ද අයි­තිය ප්‍රති­ක්ෂේප කිරීමේ අන­ර්ථය

මාස දෙක­කට ආසන්න කාල­යක් තිස්සේ පැවති මෙරට මහ මැති­ව­රණ කල­බෑ­ගෑ­නිය මේ වන විට අව­සන් වී තිබේ. එම මහ මැති­ව­ර­ණය අව­සන්වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ හෙවත් පොහො­ට්ටු­වට අති විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. එවර ඡන්ද­යෙන් පොහො­ට්ටු­වට ජය අත්වන බව රටේ වැඩි දෙනෙකු කල්තියා දැන සිටිය ද එම පක්ෂ­යට මෙත­රම් විශිෂ්ට ජයක් ලැබෙ­තැයි කිසි­වකු හෝ නොසි­ත­න්නට ඇතු­වාට සැක නැත.

එහෙත් මෙරට බුද්ධි­මත් ජන­තාව පොදු­ජන පෙර­මු­ණට වාර්තා­ගත ජය­ග්‍ර­හ­ණ­යක් අත්කර දුන්නේ අනෙ­කුත් සිය­ලුම පක්ෂ අන්ත පරා­ජ­ය­කට පත් කර­මිනි. ඇතැ­ම්විට මෙවර මහ මැති­ව­ර­ණ­යෙන් තමන්ට මෙත­රම් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලැබෙ­තැයි පොදු­ජන පෙර­මුණේ නායක කාර­කා­දී­න්වත් නොසි­ත­න්නට ඇත. ඒ ගැන අපට සිතෙන්නේ එය මෙරට සමස්ත ජන­තා­වම ලැබූ සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යක් ලෙසිනි. එසේම අභි­න­ව­යෙන් පත්වූ ආණ්ඩුව තමන්ට මෙත­රම් විශිෂ්ට ජයක් අත්කර දුන් ජන­තා­වගේ සිතුම් පැතුම් ඉටු­කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පිය­වර ගනු ඇතැයි අපගේ ද පැතු­මයි.

එසේම ඉකුත් මහ මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පක්ෂය ලබා ඇති එම සුවි­ශේෂ ජය­ග්‍ර­හ­ණය ගැන අප උදක්ම සතු­ටට පත්වන බව පළ­මු­කො­ටම සද­හන් කළ යුතුය. ඒ සම­ඟම මෙවර මහ මැති­ව­ර­ණ­යේදී ජන­තා­වගේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බ­න්ධ­යෙන් අප තුළ ප්‍රශ්නා­ර්ථ­යක් හට­ගෙන ඇති­ බව ඒ සම­ගම කීමට සිදුවී ඇත්තේ තර­මක කණ­ස්ස­ල්ලක් ද සිත තුළ තෙර­පෙන අත­ර­තු­රය. ඊට හේතුවී ඇත්තේ ඉකුත් මහ මැති­ව­ර­ණ­යේදී මෙරට ලියා­ප­දිංචි ඡන්ද­දා­ය­ක­යන් අත­රින් හත­ළිස් අට­ල­ක්ෂ­යක් පමණ පිරි­සක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කර නැතැයි ජන­මාධ්‍ය මගින් අස­න්නට ලැබී­මයි.

එම මාධ්‍ය වාර්තා සඳ­හන් කර තිබූ අන්ද­මට ඉකුත් මහ මැති­ව­ර­ණ­යේදී ඡන්ද­දා­ය­කයෝ 1,62,63, 711 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවශ්‍ය සුදු­සු­කම් සපුරා තිබු­ණහ. එහෙත් එම පිරිස අත­රින් තම ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 1,13,84,711 දෙනෙකු පමණි. මෙතෙක් මෙරට පැවති කිසිම ඡන්ද­ය­කදී මෙත­රම් සංඛ්‍යා­වක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද මධ්‍ය­ස්ථා­නය වෙත නොපැ­මිණී ප්‍රථම අව­ස්ථාව මෙය විය.

ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද මධ්‍ය­ස්ථා­නය වෙත පැමිණ තිබූ පිරිස විසින් ප්‍රකා­ශිත ඡන්ද මධ්‍ය­ස්ථා­නය වෙත පැමිණ තිබූ පිරිස විසින් ප්‍රකා­ශිත ඡන්ද අත­රින් ඡන්ද හත් ලක්ෂ­යක් පමණ ප්‍රති­ක්ෂේප වී ඇති බව ද එම ජන­මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබිණි. ඇතැම් විට ඡන්ද පත්‍රිකා ප්‍රති­ක්ෂේප වන්නට ඇත්තේ ඒවා නිය­මිත පරිදි සල­කුණු කර නොතිබූ නිසා විය හැකිය.

කෙසේ වෙතත් මෙරට ඡන්ද­දා­ය­ක­යන් අත­රින් හත­ළිස් අට­ල­ක්ෂ­යක් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරී­මට ඉදි­රි­පත් නොවී­මත්, ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද පොළට පැමිණි හත් ලක්ෂ­යක් පමණ වූ පිරි­සක් විසින් සල­කුණු කරන ලද ඡන්ද පත්‍රිකා විවිධ හේතු මත ප්‍රති­ක්ෂේප වීමත් එත­රම් සුබ­දායී ලක්ෂ­ණ­යක් නොවන බව අපගේ අද­හ­සයි. අප එසේ කියන්නේ කවර රටක වුවද පාර්ලි­මේන්තු සම්ප්‍ර­දා­යට අයත් පාලන ක්‍රම­යක් සාර්ථක වීමට නම් එම රටේ පුර­වැ­සි­යන්ගේ දේශ­පා­ලන දැනු­මත්, තම අයි­ති­වා­සි­කම් පිළි­බද උන­න්දුව ඉහළ මට්ට­මක පැව­තී­මත් අත්‍ය­වශ්‍ය වන බැවිනි.

ඉකුත් මහ මැති­ව­ර­ණ­යේදී හත­ළිස් අට ලක්ෂ­යක් පමණ දෙනා තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉදි­රි­පත් නොවීම එක කරු­ණක් වන අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ අද­හ­සින් ඡන්ද පොළට පැමිණ තමන්ගේ අභි­ම­තය සහ මනා­පය සල­කුණු කරන ලද ඡන්ද පත්‍රිකා හත් ලක්ෂ­යක් පමණ ප්‍රති­ක්ෂේප වීම තවත් කරු­ණකි. එහෙත් එම හේතු සාධක දෙකෙන්ම ලැබෙන ප්‍රති­ඵ­ලය එත­රම් යහ­පත් නොවේ. එම කරුණු දෙකෙන්ම ලැබෙන දිගු කාලීන ප්‍රති­ඵ­ලය අමි­හි­රිය. අප එසේ කියන්නේ යම් පුද්ගල සමූ­හ­යක් තමන් සතු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­වා­සි­කම් ගැන තැකී­මක් නොක­රන විට හෝ ප්‍රති­ක්ෂේව කරන විට එය අන්ත­වාදී පෙළ­ඹ­වීම්වලට හේතු­වක් විය හැකි බැවිනි.

ඇතැ­ම්විට ඔවුන් අත­රින් වැඩි දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට නොපැ­මි­ණෙ­න්නට ඇත්තේ ඉකුත් කාලයේ රට පුරා හිස ඔස­ව­මින් තිබූ කෝවිඩ්-19 හෙවත් කොරෝනා උව­දු­රට බියෙන් යැයි කෙනෙ­කුට අනු­මාන කළ හැකිය. එසේත් නැත්නම් මැති­ව­ර­ණය පැවති දිනයේ තමන් අස­නී­ප­යෙන් සිටී නිසා යැයි හෝ විදේ­ශ­ග­තව සිටී නිසා යැයිද කීමට පුළු­වන. ඒ අත­රින් කොරෝනා උව­දු­රට බියෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොගිය බව කීම පිළි­ගත හැකි කරු­ණක් නොවේ. මන්ද මෙරට සිය­ලුම ඡන්ද මධ්‍ය­ස්ථා­න­වල සෞඛ්‍ය ආර­ක්ෂක විධි­වි­ධාන උප­රිම මට්ට­මින් යොදා තිබී­මත්, ඒ නිසාම ඡන්ද දාය­ක­යන් අත­රින් අති විශාල පිරි­සක් ඒ ගැන නොස­ලකා ඡන්ද පොළට පැමි­ණී­මත් නිසාය. එසේම යම් යම් දේශ­පා­ලන පක්ෂ කෙරෙහි ඇතිවූ කල­කි­රීම නිසාත්, ඒ වෙනු­වට වෙනත් දේශ­පා­ලන පක්ෂ­ය­කට ඡන්දය ප්‍රකාශ කිරී­මට නොහැ­කි­යාව නිසාත් තමන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොගිය බවට ද තවත් කෙනෙ­කුට හේතු දැක්විය හැකිය. ඇතැ­ම්විට එම ප්‍රකා­ශයේ ඉතා සුළු වශ­යෙන් හෝ සත්‍ය­යක් ද තිබිය හැකිය. එහෙත් මෙත­රම් විශාල පිරි­සක් තමන් අයත්ව සිටී දේශ­පා­ලන පක්ෂය ගැන ඇතිවූ කල­කි­රීම නිසා ඡන්දය ප්‍රකාශ කිරී­මට නොගිය බව කීම සත්‍ය­වාදී ප්‍රකා­ශ­යක් ලෙස විශ්වාස කිරී­මට අප­හ­සුය.

මේ අතර සල­කුණු කරන ලද ඡන්ද පත්‍රිකා හත් ලක්ෂ­යක් පමණ ප්‍රති­ක්ෂේප වී ඇත්තේ ඡන්ද පත්‍රි­කාව නිසි පරිදි සල­කුණු කිරීම පිළි­බ­දව මැති­ව­රණ කොමි­සම මගින් දිගින් දිග­ටම කරන ලද දැනු­වත් කිරීම හරි­හැටි වටහා ගැනී­මට නොහැ­කි­වීම නිසා යැයි තවත් කෙනෙ­කුට හේතු දැක්විය හැකිය. එහෙත් එය ද පිළි­ගත හැකි හේතු­වක් නොවන්නේ ශ්‍රී ලංකාව සාක්ෂ­ර­තාව අතින් දකුණු ආසි­යානු රට­වල් අතර ඉහ­ළම ස්ථාන­යක පසු­වන බැවිනි. එහෙ­යින් යමක් කියවා තේරුම් ගැනී­මට තරම් දැනු­මක් අපේ ශ්‍රී ලාංකික ජන­තා­වට නැතැයි කිසි­සේත්ම පිළි­ගත නොහැක. එසේ වුවද වය­ස්ග­ත­වීම නිසා හෝ ඇස් පෙනීම දුර්වල වීම නිසා හෝ යම­කුට ඡන්ද පත්‍රි­කාව හරි­හැටි බලා­ගත නොහැකි තත්ත්ව­යක් උද්ග­ත­වී­මට හැකි­වු­වද ඒ සඳහා ද ඡන්ද පොළ නිල­ධා­රින් අවශ්‍ය සේවා පහ­සු­කම් සපුරා තිබු­ණේය. ඒ අනුව ඡන්ද­පොළ නිල­ධා­රින්ගේ සහය ලබා­ගෙන තමන් කැමති පක්ෂය සල­කුණු කිරී­ම­ටත්, තමන් කැමති අපේ­ක්ෂ­ක­යන් තිදෙ­නෙ­කුට මනා­පය පළ කිරී­ම­ටත් ඉඩ සලසා තිබු­ණේය. එහෙ­යින් තමන් ඡන්දය ප්‍රකාශ කිරී­මට ඉදි­රි­පත් නොවීම සහ සල­කුණු කරන ලද ඡන්ද පත්‍රි­කාව ප්‍රති­ක්ෂේප වීම ගැන එම පුද්ග­ල­යන් විසින් ගෙන­හැර දක්වන හේතු සාධක පිළි­ගත නොහැ­කිය.

ඇතැම් විට යම් කෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොයා­මට මුල්වූ බවට දක්වන හේතු සාධ­කය සත්‍ය­යක් හෝ අස­ත්‍ය­යක් විය හැකිය. එහෙත් අපගේ අද­හස නම් කුමන තත්ත්ව­යක් යටතේ වුවද තමන්ගේ ඡන්දය නිසි අයු­රින් ප්‍රකාශ කිරීම තමන් සතු ප්‍රජා­තා­න්ත්‍රිය අයි­ති­යකි. යම් කෙනෙකු තමන් සතු එම අයි­තිය හිතා­ම­තාම ප්‍රති­ක්ෂේප කරන්නේ නම් ඔහු තම රටට පම­ණක් නොව තමන්ට ද සිදු­ක­ර­ගන්නේ බල­වත් අන­ර්ථ­යකි. එහෙ­යින් මීල­ගට පැවැ­ත්වෙන පළාත් සභා ඡන්දයේ දී හෝ එවැ­න්නක් සිදු නොවිය යුතුය.

 

Comments