අනු­රා­ධ­පු­රය හා කේන්ද්‍ර­ගත වූ අතීත මාර්ග පුරා­ණය | සිළුමිණ

අනු­රා­ධ­පු­රය හා කේන්ද්‍ර­ගත වූ අතීත මාර්ග පුරා­ණය

අතී­තයේ දී මෙරට භාවිත වූ මාර්ග පද්ධ­තිය පිළි­බ­ඳව ක්‍රමා­නු­කූල හා නිශ්චිත තොර­තුරු නැති වුවද ක්‍රි.පූ. 3 දි ශ්‍රී මහා බෝධිය රැගත් පිරිස ජම්බු­කෝ­ල­ප­ට්ටනේ සිට උතුරු මහා මාර්ගය ඔස්සේ අනු­රා­ධ­පු­ර­යට පැමි­ණීම මාර්ග භාවි­තය සම­බ­න්ධව ඇති ප්‍රබල ඓති­හා­සික සාධ­ක­යකි. මහා­වං­ශයේ දැක්වෙන පරිදි ශ්‍රී මහා බෝධිය රැගත් සංඝ­මිත්තා තෙර­ණිය ඇතුළු පිරි­සට ජම්බු­කෝ­ල­ප­ට්ටන සිට අනු­රා­ධ­පු­ර­යට පැමි­ණී­මට දින 13 ක් ගත වී ඇත. එමෙන්ම  නග­රයේ උතුරු දොර­ටු­වෙන් ඇතු­ළුව රජ­වී­දිය ඔස්සේ මහා­මේඝ වන­යට ශ්‍රී මහා බෝධිය රැගෙන පැමිණි බව ද සඳ­හන්ය. ධාතු වංශ­යට අනුව හේම­මාලා හා දන්ත කුමරු, දන්ත ධාතුව රැගෙන ඒම පිණිස භාවිත කොට ඇත්තේ ද මේ මාර්ග­යයි. එමෙන්ම ගජබා රාජ්‍ය සමයේ දී ඉහත සඳ­හන් මඟ ඔස්සේ සොළී රට ආක්‍ර­ම­ණය කිරී­මට යාපා පටු­නට සේනාව ගමන් ගත් බව රාජා­ව­ලියේ දැක්වේ.

විශේෂ උත්සව අව­ස්ථා­වල දී නග­රයේ වීදි සැර­සීමේ හා වීදි සංචා­රය කිරීමේ සම්ප්‍ර­දා­යක් තිබුණු බව වංස­කතා වල දැක්වේ. එනම් ශ්‍රී මහා බෝධි රෝපණ අව­ස්ථාවේ දී රජ­වී­දිය සුදු වැලි අතුරා, පංච මලින් සරසා තිබුණු බවත් මිහිඳු හිමිගේ දේහය ආදා­හ­නය කිරීම සඳහා උත්තිය රජ දවස මිහි­න්තලේ සිට අනු­රා­ධ­පුර නග­ර­යට රජ වීදිය ඔස්සේ රැගෙන ආ බවද සඳ­හන්ය. 

රජ­වී­දිය යනු ඇතුළු නග­රයේ උතුරු දකුණු දොර­ටුව දක්වා මෙන්ම මහා­වි­හා­රය, රුව­න්වැ­ලි­සෑය, දක්ඛිණ ස්තූපය හා තිසා­වැවේ බැම්ම දක්වා වූ මාර්ගය තෙක් විහිදී යන බව ඓති­හා­සික මූලා­ශ්‍ර­යන් හි දැක්වේ. කෞටි­ල්‍යගේ අර්ථ ශාස්ත්‍රය අනුව රාජ­කීය මහා මාර්ග සහ නග­ර­ද්වාර පළ­ලින් අඩි 48 ක් විය යුතුය. ඒ අනුව අනු­රා­ධ­පුර රජ වීදිය ඇතුළු නග­ර­යෙන් පිට­තට දිවෙන දකුණු දොර­ටුව අඩි 58 ක් පළ­ලින් යුක්ත බැව් සිදු කළ කැණීම් මඟින් තහ­වුරු වී ඇත. 

භාවි­තය අනුව එකි­නෙ­කට වෙනස්  වූ පළ­ලින් යුක්ත වූ මාර්ග ඉදි­කි­රීමේ මූල­ධ­ර්මය කෞටි­ල්‍යගේ අර්ථ ශාස්ත්‍රය අනුව අනු­රා­ධ­පුර නග­රය තුළද දක්නට ඇති බව පුරා­වි­ද්‍යා­ත්මක සාධක මගින් අනා­ව­ර­ණය වේ. රාජ­කීය මාර්ග සෙසු අව­ශ්‍යතා සඳහා භාවිත නොකළ බව ද ඒ හේතු­වෙන් අනු­රා­ධ­පුර නග­ර­යට පිවි­සීම උදෙසා ප්‍රධාන ගල් පාලම් වලට අම­ත­රව වෙනත් කුඩා ගල් පාලම් භාවිත කළ බව ආචාර්ය පී. විදා­න­ප­ති­රණ තම "මාර්ග පුරා­ණය" ග්‍රන්ථයේ දක්වා තිබේ. එහි දැක්වෙන පරිදි කුඩා ගැල් භාවිත කළ හැකි අඩි 6-8 පමණ පළ­ලැති ගල් පාලම් 7 ක් ද එම පළල හා සමා­නව දැව­යෙන් කළ පාල­මක් (සාලි­ය­පුර ආස­න්නයේ මල්වතු ඔය හරහා) සහ ඒද­ණ්ඩක් යොදා­ගත් අඩි­පා­රක් අනු­රා­ධ­පුර අධි නාග­රී­ක­රණ කලා­ප­යට සම්බන්ධ මාර්ග ජාල­යට අයත්ව පැවති බව සඳ­හන්ය. අනා­ව­ර­ණය කර­ගෙන තිබෙන පුරා­වි­ද්‍යා­ත්මක සාධක අනුව දිව­යිනේ සතර දිසා­වට ම විහි දී ගිය තාක්ෂ­ණික වශ­යෙන් සමා­න­ක­මක් දැක් වූ ස්ථාවර ගල් පාලම් සහිත ප්‍රධාන මාර්ග ඉදි වී තිබී ඇත. 

ඒ අනුව අනු­රා­ධ­පුර නග­රයෙ සතර දොරටු කේන්ද්‍ර කොට ගෙන සිව් දිසා­ව­ටම විසිරී යන පරිදි ප්‍රධාන මාර්ග හය­කින් යුත් මාර්ග ජාල­ය­කින් සම­න්විත වූ බව කියැවේ. එම මාර්ග හය විසිරී පැවති ප්‍රදේශ ලෙස අනු­රා­ධ­පුර සිට උතුරේ ජම්බු­කෝ­ල­ප­ට්ට­න­යට, වයඹ දිග වෙර­ළ­බඩ මහා­ති­ත්ථ­යට, නැගෙ­න­හිර වෙරළ ගෝක­න්ණ­ති­ත්ථ­යට, මහා­ති­ත්ථ­යට දකු­ණෙන් පිහිටි උරු­වෙල හා මගන උප වරා­යට හා දකුණේ රෝහ­ණ­යට යනාදි වශ­යෙන් දැක්වේ. 

අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ  මිහි­න්තලේ සිට කිලෝ­මී­ටර් 10 ක් පමණ ගොස් මහ­ක­න­දරා වැව් බැම්ම පසු­කර ගමන් කිරී­මෙන් පුරාණ ගල්පා­ලම පිහිටි ප්‍රදේ­ශ­යට පිවි­සිය හැකිය. මහ කන­ද­රාව ගල් පාලම යනු අතී­තයේ දි මෙරට ගල් පාලම් ඉදි කිරීමේ තාක්ෂ­ණයේ ඉතා සුවි­ශේෂි සාධ­ක­යකි. 1907 දි ඉංග්‍රීසි ජාතික වාරි­මාර්ග ඉංජි­නේ­රු­වෙක් වූ හෙන්රි පාකර් විසින් මෙම පාලම පිළි­බ­ඳව මෑත­කා­ලී­නව පළ­මුව සට­හ­නක් තබා ඇත. පසුව 1928 දි Ceylon journal of Science සඟ­රාවේ  පෙබ­ර­වාරි කලා­ප­යට ඒ. එම්. හෝකාට් විසින් ඡායා­රූප සහි­තව ලිපි­යක් සම්පා­ද­නය කරන ලදී.  

මහ­සෙන් රජු විසින් (ක්‍රි.ව. 274-301)  මහ­ක­න­දරා වැව තන­වන ලද බව සඳ­හන් වන අතර ගල් පාලම තනා ඇත්තේ කාන නදිය හරහා බැවින් පාලම, කන­දරා වැව ඉදි කිරී­මට පළ­මුව මෙම කාල වක­වා­නු­වේ­දීම නිර්මා­ණය කර­න්නට ඇතැයි යන්න අද­හ­සයි. වැව, කාන නදිය හරස් කොට ඉදි­කි­රීම හේතු­වෙන් පසුව පාලම ඇති ස්ථාන­යෙන් වැඩි ජල ප්‍රමා­ණ­යක් ගමන් නොකළ ද පාලම අඛ­ණ්ඩව භාවිත කර ඇත.

පොළොව මට්ටමේ සිට ඉහ­ළට සවි කොට ඇති අඩි­යක් දිග හා අඩි­යක් පළල ගල් කණු 42 ක් මත  පාලම රඳවා ඇත. ශේෂව ඇති පාලම දිගින් අඩි 80 ක් පමණ වන අතර පළල අඩි 10 ක් පමණ වේ. යකඩ හෝ යකඩ ඇණ කිසි­වක් භාවිතා නොකොට සුදුසු ස්ථාන වල කුහර කපා ගල් කණු බස්සවා පාලම ඉදි­කර ඇතැයි යන්න මහා­චාර්ය ඉන්ද්‍ර­කීර්ති සිරි­වී­රගේ අද­හ­සයි. එමෙන්ම එම කුළුණු හරහා අඩි දහ­යක් දිග චතු­ර­ස්‍රා­කාර කණු දාහ­ත­රක් සවි කොට ඒ මත ගල් පුවරු අතුරා පාලම ඉදි කොට ඇතැයි යන්න ඔහු ප්‍රකාශ කරයි.

විවිධ ප්‍රමා­ණ­යෙන් යුත්  ගල් පුවරු උප­යෝගි කර ගත්ත ද ඒවා මනා ලෙස එකි­නෙ­කට වද්දා ඇති බවත් විශා­ලම ගල් පුව­රුව අඩි අටක් පමණ දිග වන අතර පළල අඩි එක­හ­මා­රක් වන බව ද සඳ­හන්ය. එසේම එක් ගල් පුව­රු­වක ඝන­කම අඟල් අටකි. පාලම ඉදි කිරී­මට අවශ්‍ය ගල් පුවරු සහ ගල් කණු මහ කන­දරා වැව් ඉවු­රට ඉස්ම­ත්තෙන් පිහිටි පර්ව­ත­ය­කින් කපා ගන්නට ඇතැයි යන්න මහා­චා­ර්ය­ව­ර­යාගේ අද­හ­සයි. 1930 දී ආර්. එල්. බ්‍රෝහි­යර් සඳ­හන් කරන්නේ පුරාණ කළු­ගල් පාල­මක් සංගි­ලි­ක­න­ද­රාවේ දිය­දො­ර­ටු­වට යාර 300 ක් දුරින් පිහිටා තිබෙන බවත් එය පුරාණ කම්ක­රු­වාගේ දක්ෂ­කම පෙන්වන බවත්ය. 

මහ කන­දරා ගල් පාලම මිනි­සුන්ගේ ගම­නා­ග­ම­න­යට මෙන්ම අලි ඇතුන්, අශ්ව රථ, ගව ගැල් සහ තව­ලම් යනා­දිය ගමන් කිරී­මට හැකි වන අයු­රින් සවි­මත්ව සක­ස­න්නට ඇත. ප්‍රධාන මාර්ග­යක් කේන්ද්‍ර­ගත කොට මෙම පාලම් ඉදි­ක­ර­න්නට ඇතැයි යන්න විද්ව­තුන්ගේ මතයි. මෙම පැරණි මාර්ගය අනු­රා­ධ­පු­රය, මිහි­න්ත­ලය, මහ කන­ද­රාව, පන්කු­ලම හා රත්මලේ හරහා ගෝකණ්ණ (ත්‍රිකු­ණා­ම­ලය) දක්වා වැටි තිබුණු බව සඳ­හන්ය.

පුරා­විද්‍යා නිල­ධාරී කුසු­ම්සිරි කොඩි­තු­වක්කු ප්‍රකාශ කරන්නේ ශ්‍රි ලංකාවේ පැර­ණිම පාලම්, ගලෙන් නිර්මා­ණය කරන ලද ඒවා බවය. ඉදි­කි­රීම් තාක්ෂ­ණය අනුව ගල් පාලම් ගල් බාල්ක පාලම් (Stone Beam Bridges) හා ගල් පුවරු පාලම් (Stone Slab Bridges) වශ­යෙන් දෙයා­කා­ර­ය­කින් හඳු­නා­ගත හැකි බවත් මේ අත­රින් වඩාත් විශාල පාලම් ඉදි­කී­රිම සඳහා උප­යෝගි කර ගෙන ඇත්තේ ගල් බාල්ක ක්‍රමය බවත් ඔහුගේ අද­හ­සයි.  මෙවැනි පාලම් මහා වංශ­යෙහි “සිලා­සේතු” නමින් හඳුන්වා ඇත.

අනු­රා­ධ­පුර මල්වතු ඔය හරහා ඉදි කරන ලද ගල් පාලම් අත­රින් දැනට ශේෂව පාලම් තුනක් දක්නට ඇති බවත් කිරි­බත් වෙහෙ­රට නුදු­රින් පිහිටි ගල් පාලමේ බොහෝ දුරට නිර්මාණ ලක්ෂණ ආරක්ෂා වී ඇතැයි යන්න සඳ­හන්ය. මහ කන­ද­රාව ගල් පාලම තරම් විශාල නොවූව ද එහි ශේෂව පවත්නා ගල් කණු, කුළුණු හා පුවරු මැන­වින් ඔප දමා ඇති බව දක්නට ලැබේ. මෙම ප්‍රදේ­ශය වර්ත­මා­නයේ දී හඳු­න්වනු ලබන්නේ ද ගල් පාලම යනු­වෙනි.

එමෙන්ම නඛා වෙහෙ­රට ආස­න්නව ගල් පාලම් දෙකක අව­ශේෂ දක්නට ඇති බවත් ඉන් වර්ත­මා­නයේ දී දක්නට ලැබෙන්නේ ගල් කණු පම­ණක් බව කුසු­ම්සිරි මහ­තාගේ අද­හ­සයි. එමෙන්ම අනු­රා­ධ­පු­රයේ පිහිටි ගල් පාලම් අත­රින් හොඳින් ආරක්ෂා වී ඇති පාල­මක් ලෙස හාල්පානු ඇළ හරහා ඇති කුඩා ගල් පාලම දැක්වේ. ධාතු වංශයේ අනු­රා­ධ­පු­රයේ සිට පැති­රුණු නැඟෙ­න­හිර ගමන් මාර්ගය "මහා වාරිකා මග්ග" වශ­යෙන් සඳ­හන්ව ඇත. 

ආචාර්ය සිරාන් දැර­ණි­ය­ග­ල­යන්ගේ අද­හස වූයේ මහා­තිත්ථ හා ජම්බු­කෝල පට්ටන වරාය සමඟ අනු­රා­ධ­පුර නග­රය කට­යුතු කිරීම හේතු­වෙන් වාණිජ අර­මුණු පෙර­දැ­රිව සිදු වී ඇති ක්‍රියා­ව­ලිය හඳු­නා­ගැ­නී­මට හැකි භෞතික සංස්කෘ­තික තොර­තුරු විශාල ප්‍රමා­ණ­යක් අනු­රා­ධ­පුර ඇතුළු නග­රයේ මධ්‍ය පූර්ව ඓති­හා­සික අව­ධි­යෙන් හඳු­නා­ගත හැකි බවය. එම කාල වක­වා­නුව වන විට අනු­රා­ධ­පුර නග­රය දකුණු ආසි­යාවේ පැවති විශා­ල­තම නගර පහෙන් එකක් ව පැවති බව දැර­ණි­ය­ගල සඳ­හන් කර ඇත. ඒ බැව් සනාථ වනුයේ කැණීම තුළින් මුදුහු ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ විවිධ පළ­දනා  හා හක්බෙ­ල්ලන් , කාල වර්ණ මැටි බඳුන්, අස්ථි­ව­ලින් නිම වූ පන්හිඳ, හස් එබූ කාසි,ඇතා සහ ස්වස්තික කාසි, බ්‍රහ්මී අක්ෂර සහිත මැටි මෙව­ලම් ආදී වර්ග එම කාල වක­වා­නු­වට අදා­ළව අනු­රා­ධ­පු­ර­යෙන් වාර්තා වී තිබී­මයි. දැර­ණි­ය­ග­ලගේ අද­හස වූයේ අනු­රා­ධ­පුර ඇතුළු නග­ර­යෙන් හමු වූ රුලේ­ටඩ් බඳුන් උතුරු ඉන්දි­යා­වෙන් මෙර­ටට ආන­ය­නය කර­න්නට ඇති බවයි.

ක්‍රි.ව. දහ­වන සිය­ව­සින් පසු ජම්බු­කෝ­ල­ප­ට්ට­නට වඩා ඌරා­තොට (ඌර­ත්තු­රෙයි) වඩා වැද­ගත් වූ බව සඳ­හන්ය. පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහූ (ක්‍රි.ව. 1153-1186) රජු කල, නයි­න­තිව් (නාග­දීප) දෙමළ ශිලා ලිපි­යට අනුව දැක්වෙන්නේ අශ්ව­යින්, මැටි භාණ්ඩ හා පිඟන් යනාදි වෙළඳ ද්‍රව්‍ය රැගෙන ඌරා­තො­ටට වෙළ­ඳාම පිණිස විදේ­ශීය නෞකා නිතර පැමිණි බවයි. මේ අනුව අනු­රා­ධ­පුර සිට පොළො­න්න­රු­වට භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා මාර්ග තිබී ඇති අතර ගල් පාලම් තිබූ බවට ද සාධක ඇත. අතී­තයේ දී මහා­තිත්ථ වරාය සමඟ අනු­රා­ධ­පු­රය ප්‍රධාන මාර්ග­ය­කින් සම්බන්ධ වී තිබුණි. ගංඟා සහ ඔය­වල් ඇති ස්ථාන­වල මෙවැනි මාර්ග ඉදි­කොට තිබුණේ ගල් පාලම් භාවිත කර­මින්ය.

ක්‍රි.ව. 5 වෙනි සිය­වසේ දි මෙර­ටට පැමිණි චීන ජාතික ෆාහි­යන් භික්ෂු­වගේ දේශා­ටන වාර්තාව අනුව එකල අනු­රා­ධ­පුර ඇතුළු නුවර ක්‍රමා­නු­කූල මාර්ග පද්ධ­ති­ය­කින් යුක්ත විය. එහි දැක්වෙන පරිදි නග­රය අවට පෙදෙ­ස්වල මංමා­වත් හොඳින් සම­තලා කොට උස් පහත් වන තැන් සඳහා පිය­ගැට සකසා, ගව් කණු සිටුවා, තැනිත් තැන අම්බ­ලම් හෝ විශ්‍රාම ශාලා පිහි­ටුවා තිබූණි. රේඛී­යව විහිදී ගිය වීදි හා හරස් වීදි අවම වශ­යෙන් අඩි 15-20 ක් පළ­ලින් යුක්ත වූ බව සඳ­හන්ය. එමෙන්ම ෆාහි­යන් හිමි දක්වන්නේ එම කාල වක­වා­නුව වන විට අනු­රා­ධ­පුර නග­රයේ ප්‍රධාන වීථි හත­රක් පැවති අතර ඒවා පුළුල් වූ බවය. ප්‍රධාන නග­ර­වල මාර්ග සහ වීථි පුළුල් ලෙස සකසා තිබුණි යැයිද  ඇතැම් වීථි­වල ගඩොල් අල්ලා දෙපස ගඩොල් බිත්ති බැඳ තිබුණු බව ද දැක්වේ. මහා­වං­ශයේ සඳ­හන් වන්නේ පොළො­න්න­රුවෙ වීථි දෙපස ඕනෑම භාණ්ඩ­යක් මිල දී ගත හැකි වෙළ­ඳ­සැල් තිබුණු බවය. එමෙන්ම ඓති­හා­සික මූලා­ශ්‍ර­වල ඇතැම් කතා වස්තු­වල අග­න­ග­රයේ පැවති වීදි පිළි­බ­ඳව තොර­තුරු අන්ත­ර්ගත ව ඇත.

ආචාර්ය පී. විදා­න­ප­ති­රණ පෙන්වා දෙනුයේ අනු­රා­ධ­පුර නග­රා­ශ්‍රිත කලා­පයේ වාරි­මාර්ග පද්ධති පුළුල් වීමත් සමඟ වඩාත් සංකීර්ණ වු මාර්ග ජාල­යක් නිර්මා­ණය වූවා විය හැකිය  යන්නය. නුව­ර­වැව සිට මහ­ග­ල්ක­ඩ­වල දක්වා වාරි ඇල සහ කන­දරා වැව සිට මහ­ග­ල්ක­ඩ­වල වැවට සම්බන්ධ වාරි ඇල­වල් ඉදි­වී­මත් සමඟ එම ඇල ඉවුරු අධි­නා­ග­රී­ක­රණ කලා­පයේ ජනා­වාස අතර මාර්ග ලෙස ප්‍රයෝ­ජ­න­යට ගත් බවත් නග­රා­සන්න කලා­පයේ මල්වතු ඔය හරහා බැඳි අමුණු ද මාර්ග ලෙස භාවිත වන්නට ඇතැයි යන්න ආචාර්ය විදා­න­ප­ති­ර­ණගේ අද­හ­සයි. මල්වතු ඔයේ හාල්පානු ඇල, ගල්ක­ඩ­වල සහ ගල­පො­ත්තේ­ගම අමුණු ද මල්වතු ඔය හරහා නග­ර­යට ප්‍රවේශ මාර්ග­යක් ලෙස භාවිත කෙරුණු බව ද සඳ­හන්ය.

ඒ අනුව පැහැ­දිලි වන්නේ අනු­රා­ධ­පු­රය හා කේන්ද්‍ර­ගත වූ අතීත මාර්ග පුරා­ණය, ජාත්‍ය­ය­න්තර වශ­යෙන් වෙළඳ සබ­ඳතා පැවැ­ත්වී­ම­ටත්  ජන ජීවි­තය හා සම්බන්ධ වීම­ටත්  ඉතා වැද­ගත් වූ බවය.  

Comments