මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ | සිළුමිණ

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ විය.

ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදු වේ.

ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවන්නේ, කාබන් තැවරූ කඩදාසි කොටසක් මගින් ය.

අවශ්‍ය නම් ටිෂූ කඩදාසියක් මේසය මත තබා වුව ද එය සිදු කිරීමට අවස්ථාව සකසා තිබේ.

ඡන්දය භාවිත කරන කුටිය විශේෂිත ආකාරයකින් නිර්මාණය කර ඇති අතර , එය විටින් විට විෂබීජහරණය කරනු ඇති.

දිස්ත්‍රික්ක 22 ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12985 කදී ඡන්ද විමසීම පැවැත්වේ.

එහිදී කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගනු ඇති.

මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.

වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ය.

එම සංඛ්‍යාව දාහත් ලක්ෂ අසු පන්දහස් නවසිය හැට හතරකි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙන් ය.

එම සංඛ්‍යව දෙලක්ෂ 87, 024කි.

පිළිගත් දේශපාලන පක්ෂ 40 ක් මෙවර මහ මැතිවරණයට තරග කරයි.

මැතිවරණයට ඉදිරිපත් වී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 312 කි.

Comments