කොවිඩ්19ට එරෙහිව බෝල්ට් ගෙන් වැඩක් | සිළුමිණ

කොවිඩ්19ට එරෙහිව බෝල්ට් ගෙන් වැඩක්

ලොව පුරා පැතිර යන කොවිඩ්19 නිසාවෙන් මුළුමහත් ලෝකයේම කටයුතු නතර වී තිබේ. සාමාන්‍ය ජන ජීවිත මෙන්ම ක්‍රීඩා කටයුතු අඩපණ කරමින් පැතිරෙන කොවිඩ් 19ට එරෙහිව ලොව පුරා ක්‍රීඩකයෝ ද එක් රොක්වෙමින් සිටිති.

හිටපු සුපිරි කෙටි දුර ධාවන ශූර යුසෙන් බෝල්ට් ද තම දේශය කොවිඩ්19 වසංගතයෙන් බේරා ගැනීමේ සටනට උපකාර කිරීමට පසුගිය දා එක්විය. “Jamaica Together We Stand” තේමා පාඨය යටතේ පැවති ප්‍රසංගයකට එරට මුදලින් 500,000ක් මුදලක් ඔහු විසින් පරිත්‍යාග කර තිබුණි.

කොවිඩ් 19 මැඩලීමට අවශ්‍ය බෙහෙත්, පරීක්ෂණ උපකරණ ආදිය ලබා ගැනීමේ අරමුණින් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් අරමුදලක් නිර්මාණය කර ඇති අතර එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් සම්පූර්ණ කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ජැමෙයිකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 8ක් දිනාගෙන ඇත්තේ ලොව වේගවත්ම මිනිසා යන අන්වර්ථ නාමය ද සියතට ගෙන තිබේ. බෝල්ට්ගේ මෙම ක්‍රියාවත් සමඟින් අනෙකුත් ක්‍රීඩකයන් ද ඔහු වටා එක්වීමට ආරම්භ කර ඇත.

Comments