‘ජුලි­යස් සීසර් නැවත උප­දියි’ | සිළුමිණ

‘ජුලි­යස් සීසර් නැවත උප­දියි’

රෝම­යට ජය­ග්‍ර­හ­ණය ගෙනා යුරෝ­පයේ දේශ­පා­ලන ගුරු­ව­රයා ලෙස සැල­කෙන ජුලි­යස් සීසර්, රෝමයේ කැපි­ටෝ­ලය ඉදි­රි­පිට මහ දවල් රෝම­ව­රුන් ඉදි­රියේ ක්‍රි.පු. 44 මාර්තු 15 දින ඝාත­නය විය. එය ලෝක ඉති­හා­සයේ ලෝක සාහි­ත්‍යයේ ක්‍රෑර­තම ඝාත­නය ලෙස සැලකේ. ක්‍රි.පු. 102 දී රෝමයේ රදල පවු­ලක උපන් ‍ඒ මහා පෙර­ළි­කා­රයා අද අප සිය­ල්ල­න්ගේම ජීවිත තීර­ණය කරන කැලැ­න්ඩ­රය ලොව පුරා ක්‍රියා­ත්මක කළේය.

ජුලි මාස­යට ඒ නම තැබු­ණේද ඔහු නිසාය.

ඡන්දය සඳහා මහ­ජන සේව­යට මුදල් සෙවී­මට සීසර් බොහෝ ණය වී ඇත. සල්ලා­ල­යකු ණය­කා­ර­යකු හා දක්ෂ කථි­ක­යකු ලෙස සීසර් ප්‍රසිද්ධ විය.

සීසර්ගේ ඒකා­ධි­පති හා අත්ත­නෝ­ම­තික පාල­නය නොඉ­වසූ පිරිස් සීසර් බල­යෙන් පහ කිරී­මට අන් කිසිදු ක්‍රම­යක් නොවූ හෙයින් ඔහු මරා දැමී­මට කුම­න්ත්‍ර­ණය කළේය. මේ කුම­න්ත්‍ර­ණ­යට මූලික වූයේ සීසර්ට විරු­ද්ධව සට­න්කර පසුව ඔහු­ගෙන් සමාව ලබා සෙනේට් සභා­ව­ටත් සම්බන්ධ බෘෘටස් නමැති තරුණ නිල­ධා­රි­යෙකි. සීසර්ගේ කිට්ටු­ව­න්ත­යෙක් ඔහුගේ ලෝගු­වෙන් අදිද්දී පිරිස සඟ­වා­ගෙන සිටි කිනිසි ඇද කඩු පහ­ර­වල් 26 ක් ඇන සීසර් ඝාත­නය කළේ පොම්පෙයි ප්‍රති­මාවේ පාදම අස­ල­දීය. සීසර්ගේ ඉතාම සමීප මිතුරා වූ බෲටස් අත ­රැඳි කිණිස්ස දුටු සීසර් අද­හා­ගත නොහැ­කිව අව­සන් හුස්ම පොද හෙළද්දී බෲටස් ඔබත්... යනු­වෙන් ඔහුට කිය­විණි. බලය අත්පත් කර­ගැ­නී­මට සීසර් සිය ජීවි­ත­යෙන් අවු 36 ක් මහන්සි වුවද එම බලය භුත්ති විඳි­මින් ජීවත් වූයේ පස් අවු­රු­ද්දකි. සීසර්ට අත් වූ මේ ඛේද­ජ­නක ඉර­ණ­මෙන් ඔප්පු වන්නේ බලය යනු කොත­රම් අස්ථීර හා විනා­ශ­කාරී දෙයක්ද යන්නයි.

ශේක්ස්පි­යර්ට අනුව මාකස් බෘෘටස් විසින් ජුලි­යස් සීසර් ඝාත­නය කළේ ඇයි ද යන ප්‍රශ්නා­ර්ථ­යට බුද්ධි­මත් විස­ඳු­මක් සඳහා ජන විඥා­නය අවදි කිරී­මට ලංකාවේ ශේක්ස්පි­යර් පද­නම මගින් ජුලි­යස් සීසර් රඟ දක්වයි.

මෙය ප්‍රථ­ම­යෙන්ම රඟ දක්වන ලද්දේ 1599 ග්ලෝබි රඟ­හලේ වන අතර ඛේදා­ත්මක නාට්‍ය වර්ග­යට අයත්ය. ජුලි­යස් සීසර් නාට්‍ය­යට සිංහ­ලට පරි­ව­ර්ත­නය කර වේදි­කා­වට ගෙනෙන්නේ ලංකාවේ ශේක්ස්පි­යර් පද­නමේ නිර්මාතෘ ඔබි­නා­මුණි ගාමිණී ද සිල්වා අධ්‍ය­ක්ෂ­ක­ව­රයා විසිනි. මේ ඔහුගේ හඬ.

“මගේ පළමු නාට්‍යය 1976 රෝමියෝ ජුලි­යට් 1970 තමයි මම මුලින්ම නාට්‍යය කලා­වට පිවි­සියේ භද්‍රජී මහින්ද ජය­ති­ල­කගේ හද­ව­තක සට­හන් නාට්‍යයේ රඟ­පා­මින් (1972) එම නාට්‍යය 1973 රාජ්‍ය සම්මාන උලෙ­ළට තේරිලා සම්මාන ලැබුවා. 1976 තමයි මම ශේක්ස්පි­යර් පද­නම ඇර­ඹුවේ.

1976 රෝමියෝ ජුලි­යට් පරි­ව­ර්ත­නය කරලා අධ්‍ය­ක්ෂ­ණය කළා. ලේක්හ­වුස් ආය­ත­නයේ ඩේලි නිවුස් පුව­ත්පතේ මම දින 3ක් වැඩ කරන කොට එංග­ල­න්ත­යට යන්න සිදු වුණා. වේල්ස් නාට්‍යය උලෙ­ළට. ලංකා­වෙන් පිට රඟ දැක්වූ පළමු නාට්‍ය කණ්ඩා­යම වේල්ස් යුත් තිය­ටර් එකේ අපේ නාට්‍ය කණ්ඩා­ය­මයි. එහිදී මට කලා අධ්‍ය­ක්ෂක ලියෝන් රුබින් දැන හඳු­නා­ගන්න ලැබුණා. ලන්ඩන් කොලේජ් ඔෆ් ෆිල්ම් ටෙක්නො­ලොජි ආය­ත­නයේ වසර 4ක් නාට්‍ය හා රංග කලාව හැදෑ­රුවා. ශේක්ස්පි­යර් නාට්‍ය ගැන. ලංකා­වට ආවට පස්සේ මට හිතුණා ශේක්ස්පි­යර් නාට්‍යය කලාව දියුණු කළොත් හොඳයි කියලා.

සුදර්ශියේ නාට්‍ය පුහුණුවෙමින්

මම 1982 ලංකා­වට ඇවිත් 86 ප්‍රේම තටා­කය නාට්‍යය අධ්‍ය­ක්ෂ­ණය කළා. මගේ ගුරු­වරු කීවා අලුත් දෙයක් අලුත් අයට පව­සන දෙයක් කරන්න කියලා. 1989 සමන් චන්ද්‍ර­ර­ත්නගේ නාට්‍ය වැඩ­මු­ළු­වක උග­න්වන්න ලැබුණා. එම පාඨ­මා­ලාව අව­සන් වූ පසු එයාලා සමඟ 1990 ශේක්ස්පි­යර් පද­නම ඇර­ඹුවා. එව­කට ජනා­ධි­පති ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­ත්ම­යාට අපේ වැඩ­පි­ළි­වෙළ ගැන කීවා.

1990 (ඔතෙලෝ) 1992 (මැක්බත්) අධ්‍ය­ක්ෂ­ණය කරලා රට වටේ ගෙනිච්චා. ඔතෙලෝ දර්ශ­න­වාර 1000ක් මැක්බත් 750 ජුලි­යස් සීසර් නාට්‍යය කරන්න මුහු­රත් උලෙළ තිබුණේ 2018 මාර්තු 15 මහා­චාර්ය කාලෝ ෆොන්සේ­කාගේ ප්‍රධා­න­ත්ව­යෙන්.

ශේක්ස්පි­යර් නාට්‍යය අනෙක් නාට්‍ය සමඟ බලද්දී සර්ව­කා­ලීන නාට්‍ය­යක්. සාහිත්‍ය ගුණ­යෙන් අනු­නයි. සම්භාව්‍ය ගණ­යට අයත් ශේක්ස්පි­යර් නාට්‍ය ශ්‍රී ලංකා­වට උචි­ත­වන අයු­රින් වෙනස් කළේ කොහො­මද කියා මම විම­සුවෙමි.

“අපේ රටේ සංස්කෘ­ති­යට හා ගුණා­ත්මක භාව­යට අව­හි­ර­යක් නොවන පරිදි වගේම, ජුලි­යස් සීසර් නාට්‍යයේ අන්ත­ර්ග­ත­යට හානි­යක් නොවන අයු­රින් තමයි සැක­සුවේ. වේදි­කාව තුළ යමක් රංග­ගත කළ පම­ණින් එය නාට්‍ය­යක් වෙන්නෙ නැහැ. වර්ත­මා­නයේ චූල සම්ප්‍ර­දායේ හා මහා සම්ප්‍ර­දායේ නාට්‍ය බොහො­මයි. ඒත් ජාතික වටි­නා­ක­මක් දීලා තියෙන්නේ චූල සම්ප්‍ර­දායේ නාට්‍ය­ව­ලට. එවන් නාට්‍ය ප්‍රේක්ෂ­කයා වැලඳ ගැනීම ශෝච­නීය කරු­ණක්. ඒවා­යෙහි කිසිම විදග්ධ භාව­යක් නොමැති බාල ගණයේ ඒවායි. වෙනත් රට­වල් සමඟ සස­දද්දී ලංකාවේ කලා­වට වේදි­කා­වට තියන පහ­සු­කම් අව­මයි. දහ­සක් දුෂ්ක­රතා මධ්‍යයේ වුවත් නාට්‍ය­ව­ලට ලැදි බොහෝ පිරි­සක් වේදිකා නාට්‍යය කලාව ඇද­ගෙන යනවා. මෙය රටේ පාල­නයේ හා සමාජ ක්‍රමයේ බර­ප­තළ වර­දක්. මම නම් කියන්නේ ඔපෙරා, බැලට්, සංගීත ප්‍රසංග, මුද්‍රා නාට්‍ය කරන අය­ටත් තැනක් දිය යුතුයි දේශ­පා­ලන ප්‍රවා­හය තුළ ඇත්ත­ටම ගොඩ­නැ­ගිලි හැදු­වට විත­රක් නාට්‍ය කලාව දියුණු වෙන්නෙ නැහැ. අනික් අතට අග­න­ග­රයේ විත­රක් නෙමෙයි. අනි­කුත් දිස්ත්‍රි­ක්ක­ව­ලත් නාට්‍ය පෙන්වන්න යටි­තල පහ­සු­කම් පුළුල් කළ යුතුයි.

නාට්‍ය අධ්‍ය­ක්ෂ­
ඔබි­නා­මුණි ගාමිණි ද සිල්වා

මගේ පියා හෝටල් ව්‍යාපාර කළ අයෙක්. 1993 පමණ මට හිමිවූ ව්‍යාපාර මම මල්ලි­ලාට පව­රලා පූර්ණ­කා­ලී­නව වේදි­කා­වට කැප­වුණේ මුදල් උප­යන්න නෙමෙයි. ඒ කවු­රුත් මගේ නාට්‍ය කලා­වට උදව් කර­නවා. ඇත්ත­ටම ශේක්ස්පි­යර් නාට්‍ය කලාවේ ගැඹුරු අගය දන්න පිරි­සක් අපට උදව් කර­නවා. අපි වස­රක පමණ සිට තමයි පුහු­ණු­වීම් කරන්නේ. මාර්තු 15දා මර­දාන එල්ෆි­න්ස්ටන් රඟ­හල රෝමයේ කැපි­ටෝ­ලය බවට පත්වෙ­නවා. ජුලි­යස් සීසර් හැම­දාම මැරෙ­නවා. ඔහුව ඇත්ත­ටම මැරුවේ ඇයි යන්නට බුද්ධි­මත් ප්‍රේක්ෂ­ක­යන්ට පිළි­තු­රක් සොයා­ගන්න ඉඩ­හ­සර සැල­සෙ­නවා. එපික් තිය­ටර් ටෙක්නික් රංගන වින්‍යා­ශය භාවිතා කර­නවා. ජුලි­යස් සීසර් ඝාත­නය කළේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙ­න්මද? නැත්නම් තවත් යමක් තිබු­ණාද? මේ හැම පැන­ය­ක­ටම අපි එදාට පිළි­තුරු ලබා දෙනවා.”

ශේක්ස්පි­යර් පද­නමේ භාණ්ඩා­ගා­රික නදී­ශානි විම­ල­රත්න මෙනෙ­විය මෙහි ෆෝෂි­යාගේ චරි­ත­යට පණ පොවයි.

මේ ඇගේ හඬ.

“මා වෘත්ති­යෙන් කොළඹ ජාතික රෝහලේ හෙද නිල­ධා­රි­නි­යක්. රාජ­කාරි මැද වුණත් වේදි­කා­වට තියන ආද­රය නිසා මීට සම්බන්ධ වුණා. ගාමිණී සර් අපිට කැප­වී­මෙන් උග­න්වන්නේ මිල, මුදල් බලා­පො­රො­ත්තු­වෙන් නෙමෙයි. මේ නාට්‍ය­යෙන් අපි රඟ­පාන්න නාට්‍යය ගැන විත­රක් නෙමෙයි ජීවි­තය ගැනත් ඉගෙ­න­ග­න්නවා. මුලදී මටම පුදුම හිතුණා. මේ තරම් දැනුම් සම්භා­ර­යක් ගාමිණී සර් අපිට නොමි­ලේම ලබා­දීම ගැන හරි­යට පාස­ලක් වගේ”.

ඔබි­නා­මුණි ගාමිණි ද සිල්වා අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ ජුලි­යස් සීසර් (සිංහල) වේදිකා නාට්‍යය සෑම දින­කම රාත්‍රී 10.00 දක්වා සුදර්ශී ශාලාවේ පුහු­ණු­වීම් කරති. නාට්‍ය­යට රංග­න­යෙන් දාය­ක­වන ලොකු කුඩා කොයි කවු­රුත් උදේ සිට රැය වන තුරුත් මහත් කැප­වී­මෙන් පුහු­ණු­වී­ම්වල යෙදෙති.

ජුලි­යස් සීසර් නාට්‍යයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂ ලෙස මහේන්ද්‍ර වීර­රත්න කට­යුතු කරයි. සහාය අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස සමන්ති මහගේ, නදී­ශානි විම­ල­රත්න, මෝක්ෂා සමෝෂි, චම්මි දිසා­නා­යක, නිශාන්ත බඹ­රැන්ද චන්ද්‍ර­සිරි මග­ලගේ කට­යුතු කරයි. වේදිකා පාල­නය මෙත්තා­නන්ද විතා­නගේ හා රංගන පෙරේ­රා­ගෙනි. සංගීත සුසං­යෝ­ජ­නය කලනි සුභා­ෂිත. රංගා­ලෝක සැල­සුම් විජිත් මැද­වල. ඇඳුම් නිර්මා­ණය චාමරී අසංකා රණ­සිංහ. වේදිකා සැල­සුම් වසන්ත උපුල්. රංග වින්‍යා­සය චින්තක ප්‍රිය­ද­ර්ශන ජය­තුංග යන ශිල්පීන් මෙහෙ­ය­වයි. විජේ­සිරි මැණි­ක්පුර (ජුලි­යස් සීසර්) නිශාන්ත බඹ­රැන්ද (මාර්ක් ඇන්ටනි) මහේන්ද්‍ර වීර­රත්න (මාකස් බෲටස්) සුදත් විජේ­සේ­කර (කැසි­යස්) සංඛ ගම්ලත් (කස්කා) ෆෙලේ­සි­යන් පෙරේරා (ආටි මිඩෝ­රස්) රංග වීර­කෝන් (දෛව­ඥයා) මොක්ෂා සමෝෂි (කැල්ෆ­නියා) නදී­ශානි විම­ල­රත්න (ෆෝෂියා) යන චරි­තාංග සමඟ අනුර ආටි­ගල රංගන පෙරේරා, චමනී මනීෂා මධු­භා­ෂිණී බන්නැ­හැක, මෙත්තා­නන්ද විතා­නගේ,විමුක්ති සංජය, සහ­න් ලෝ­චන බන්නැ­හැක, සර­ත්චන්ද්‍ර පෙරේරා, නිශ්ශංක රාජ­පක්ෂ, ගාමිණී විජ­ය­ව­ර්ධන, ශානක පෙරේරා, වජිර පෙරේරා ජීවන සිල්වා, නිශාන්ත ඇල්ගි­රිය, විදාන පති­රණ චන්ද්‍ර­සෝම සම­ර­නා­යක, ආනන්ද විජේ­පාල සමන්ති මහගේ, නිමාෂා චතු­රංගි අර­ඹේ­ගෙ­දර පත්මා­වතී, නිරෝෂා මැණිකේ, මෙතු­නිමා සේනා­රත්න, සහ­ඝ්‍රිකා සේනා­රත්න, උපුලි රත්න­තුංග, හිරන්ති විතා‍නගේ ඇතුළු පිරි­සක් රංග­න­යෙන් දායක වෙති.

සේයාරූ - සුදම් ගුණ­සිංහ

විපුල අම­ර­සිංහ

Comments