‘මේ කරාබු දෙක අම්මාට දෙන්න’ පණ අඳි­මින් සිටි ප්‍රේමා­ව­ති ඇල­ඩින්ට පව­සයි | සිළුමිණ

‘මේ කරාබු දෙක අම්මාට දෙන්න’ පණ අඳි­මින් සිටි ප්‍රේමා­ව­ති ඇල­ඩින්ට පව­සයි

කතරගම රූමතිය වූ ප්‍රේමාවතී (වමේ) සිය පළඳනාව දෙවැනියාට පලන්ඳවමින්.
කතරගම රූමතිය වූ ප්‍රේමාවතී (වමේ) සිය පළඳනාව දෙවැනියාට පලන්ඳවමින්.

පෙර දින උඩ­වත්ත ඇතුළු පොලිස් පිරිස අත්අ­ඩං­ගු­වට ගත් සිය දිය­ණි­යට කුමක් වූවේ­දැයි ප්‍රේමාගේ මව වන ලීලා­වතී මහ­ත්මි­යට දැන ගැනී­මට අප්‍රේල් 16 වැනි දින නොහැකි වූ නිසා ඇය 17 වැනි දින උදෙන්ම ලංගම විශ්‍රාම ශාලාවේ පිහිටි හමුදා කඳ­වුර වෙත ගියාය. එහෙත් ඇයට සිය දිය­ණිය දැක ගැනී­මට නොහැකි විය. අප්‍රේල් 17 වැනි දිනත් ඇය ඇඬූ කඳු­ළෙන් නිවස බලා ගියාය.

ඇය සිය දිය­ණි­යට සිදු වූ දේ දැන ගැනී­මට නොහැ­කිව නිවස ඉදි­රි­පිට ඇති අඹ­ගහ යටට වී සිටි­යදි අප්‍රේල් 17 වැනි දින කත­ර­ගම ලංගම විශ්‍රාම ශාලව තුළ පිහිටි හමුදා කඳු­වරේ සහ ‍පොලිසියේ නාය­කයා වූ ලයි­තන් ඇල්ප්‍රඩ් විජේ­සූ­රිය දිවා භෝජන සංග්‍ර­හ­යක් පැවැ­ත්වී­මට කෑම පිළි­යෙල කිරී­මට අණ කළේය. ඒ අනුව හමුදා අර­ක්කැ­මි­යන් මස් මාංශ පිළි­යෙල කර­මින් සිටි­යදි කඳ­වු­රට පැමි­ණියේ හමුදා ස්වේච්ඡා භට කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙකු වූ ඔලි­වර් සිල්වා මහ­තාය.

කලක් ලංගම ප්‍රධාන ආර­ක්ෂ­ක­යෙ­කුව සිටි ඔලි­වර් සිල්වා හමුදා ස්වේච්ඡා භට කණ්ඩා­ය­මට සම්බන්ධ වීමෙන් පසුව ඔහුව හදිසි නීතිය යටතේ හම්බ­න‍්තොට ප්‍රදේ­ශයේ හමුදා සේව­යට යොදනු ලැබීය. ඒ අනුව හම්බ­න්තොට සිට කත­ර­ග­මට යැවිය යුතු තැපැල් මල්ලක් ගෙන යෑමට ඔලි­වර් ඇතුළු ස්වේච්ඡා භට කණ්ඩා­ය­මට සිදු විය.

හම්බ­න්තොට සිට තිස්ස­ම­හා­රා­ම­යට පැමිණ එතැන් සිට කත­ර­ග­මට පැමි­ණියේ හමුදා වාහ­න­ය­කිනි. එම කණ්ඩා­යමේ නාය­කයා වූයේ ලයි­තන් වනි­ග­සේ­කර මහ­තාය.

කිසිඳු කැර­ලි­කාර සංවි­ධා­න­යක අව­හි­ර­ය­කින් තොරව කත­ර­ග­මට ඇවිත් තැපැල් කාර්යා­ල­යට තැපැල් මල්ල බාර දීමෙන් පසු හමුදා කඳ­වුරේ අත් අඩං­ගු­වට ගනු ලැබූ කැර­ලි­කාර කණ්ඩා­යමේ තරු­ණි­යන් අත්අ­ඩං­ගු­වට ගෙන හමුදා කඳ­වුරේ සිටින බව ඔවු­නට දැන­ග­න්නට ලැබිණි.

එම කැර­ලි­කාර තරු­ණි­යන් බැලී­මට ඔලි­වර් ඇතුළු පිරිස කඳ­වු­රට යද්දි කඳ­වුර ඉදි­රි­පිට සෙබ­ළුන් සහ පොලිස් නිල­ධා­රින් සිටිනු ඔවු­නට දැක­ගත හැකි විය. තරු­ණි­යන් රඳවා සිටි තැනට ගිය ඔලි­වර් ඇතුළු පිරි­සට තරු­ණි­යන් කිහි­ප­දෙ­නෙක් දැක­ග­න්නට ලැබුණි. ‍

බ්‍රිතාන්‍ය එවබරි සාමි, අධිනීතීඥවරු වන බාලතම්පො සහ ප්‍රින්ස් ගුණසේකර මනම්පේරි භූමිදානය කළ ස්ථානයේදී
එවබරි සාමි සහ ප්‍රින්ස් ගුණසේකර, 71 කැරැල්ලේ වින්දිතයන් බවට පත් වූ පවුලක් සමඟ සාකච්ඡාවක්
71 කැරැල්ලේදී පොලිසිය විනාශයට පත් කළ 
කතරගම නිවසක්

ඇල්ප්‍රඩ් විජේ­සූ­රිය රූමත් තරු­ණි­ය­ක­ගෙන් ප්‍රශ්න කර­මින් සිටි­යේය. විජේ­සූ­රිය පුටු­වක වාඩි වී ප්‍රශ්න කරද්දි එම තරු­ණිය ඔහු ඉදි­රියේ හිට­ගෙන අසන ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙනු ඔවුහු දුටු­වෝය. තරු­ණි­යන් රඳවා සිටි තැනට ගිය ඔලි­වර් සිල්වා කඳ­වු­රෙන් පිට වී කඩ­ය­කට ගොස් තේ බී නැවත කඳ­වු­රට පැමි­ණෙද්දි කඳ­වු­රට ඇතු­ල්වන ස්ථානයේ සෙබ­ළුන් පිරි­සක් රැස්ව සිටිනු දුටු­වේය.

කඳ­වුර ඇතුළේ ප්‍රශ්න කර­මින් සිටි තරු­ණිය කඳ­වු­රට ඇතුල් වන ස්ථානයේ සිටි­යදි විජේ­සූ­රිය සබ්මැ­සින් තුව­ක්කු­වක් අතේ ඇතිව එහි නවතා තිබූ ජීප් රථ­ය­කට හේත්තු වී සිටි­යේය.

‍ෙම් අව­ස්ථාවේ විජේ­සූ­රිය ඈ ඇඳ සිටි ඇඳුම් ගල­ව­න්නට අණ කළේය.

ඇය ඇඳුම් ගැල­වූයේ නෑ. ඇය ඇඬුවා. ‘සර් මට ඇඳුම් ගල­වන්න බෑ. මට වෙඩි තියන්න’ යැයි අඬ­මින් කීවා.

‘අනේ සර් මට වෙඩි තියලා මරා දාන්න. මට ඇඳුම් ගල­වන්න නම් බෑ’ තරු­ණිය නැව­තත් හඬ­මින් කීවා.

‘වෙඩි තියන එක මගේ වැඩක්. උඹට මන් කියන්නේ ඇඳුම් ගල­වන්න. උඹ ඇඳුම් ගල­ව­පන්’ යැයි සැර කර­මින් විජේ­සූ­රිය ඇයට තර්ජ­නා­ත්ම­කව බල කළේය.

ඈ මේ අව­ස්ථාවේ හඬ­මින් උඩ­ග­වුම ගැලෙව්වා. අනිත් ඇඳුම් ගල­වන්නේ නැතිව මහා හඬින් ඇඬුවා. විජේ­සූ­රි­යගේ ම්ලේච්ඡ ක්‍රියාව නව­ත්තන්න කවු­රුත් ඉදි­රි­පත් වූයේ නෑ. කවු­රුත් තුෂ්නි­ම්භූ­තව ඒ දෙස බලා සිටියා.

‘අනිත් ඇඳුම් මන් ගල­වන්න ද?’ සබ්මැ­ෂින් තුව­ක්කුව අතේ තියා­ගෙන විජේ­සූ­රිය ඇයට තර්ජ­නය කළා.

කිසිඳු පිහි­ටක් නොමැ­තිව අස­ර­ණව සිටි ඇය ඉතිරි යට ඇඳුම් ද ගලවා දැමුවා.

ඈ ඇ‍ෙග් අත් දෙකෙන් ඇ‍ඟේ රහස් පෙදෙස වසා ගත්තා. නමුත් ඇයට එලෙ­ස­වත් විලි­වසා ගැනී­මට ඉඩ දුන්නේ නෑ. ඇයට අත්දෙක ඔස­වා­ගෙන මහ­පාර දෙසට හැරී හැරී ‘මම පන්ති පහට ගියා’ කිය­මින් එව­කට කත­ර­ගම නග­රයේ පිහිටි තැපැල් කාර්යා­ලය දෙසට ඇවි­දින්න නියම කළා.

ඇය මෙලෙස යාර 150ක් හෝ 200ක් යද්දි ඈ පස්සෙන් ගිය විජේ­සූ­රිය ඇයට ඉස්සර වී පාරේ දකුණු පැත්තේ ඇති තැපැල් කාර්යා­ලයේ කණු­ව­කට හේත්තු විය. අ‍ෙත් තිබූ තුව­ක්කු­වෙන් ‍ඇයට වෙඩි කීප­යක් එල්ල කළා. එම වෙඩි වැදී­මෙන් ඇය බිම ඇද වැටුණු පසු වි‍ෙජ්සූ­රි­යත්, රත්නා­ය­කත් කඳ­වුර ඇතු­ළට ගියහ.

ඒ අව­ස්ථාවේ කඳ­වුර ඉදි­රියේ සිටි සෙබ­ළුන් 50ක් පමණ එම සිද්ධීන් බලා සිටි­යහ.

විජේ­සූ­රි­යත්, රත්නා­ය­කත් කඳ­වුර තුළට ගිය පසු බිම වැටුණු ඇය නැගි­ට්ටාය. අඩි දෙක තුනක් ඇවිද යළිත් ඇද වැටු­ණාය. නැව­තත් තැපැල් කාර්යා­ලය දෙසට අඩි කීප­යක් ගමන් කළාය. නැව­තත් බිම වැටුණි. ‘අන්න, අන්න ගෑනු ළමයා නැගිට්ටා’ කියා පාර දෙසින් කවුදෝ කෙනෙක් කෑ ගැසුවා. ගෑනු ළම­යාට තව­මත් පණ තිබෙන බව කෙනෙක් කඳ­වු­රට ගොස් කීවා. ඉන්පසු සැර­යන් රත්නා­යක එස්.එම්.ජී. තුව­ක්කු­වක් අර­ගෙන ඇය වැටී සිටි තැනට ගොස් නැවත්ත හිත්පිත් නැතුව ඇයට වෙඩි තබා කඳ­වු­රට ගියේ කෙල්ල වළ­දා­පන් යැයි පව­ස­මිනි.

සැර­යන් රත්නා­යක වෙඩි තබා ගිය පසු හමු­දාවේ නොවන දෙතුන් දෙනෙක් ඇගේ අත්ව­ලින් සහ කකුල් වලින් ඔස­වා­ගෙන පාරේ වම් පැත්තේ ඇති ඉඩ­ම­කට ගෙන ගියේය. ඉන් විනාඩි කීප­ය­කට පසු ඒ දෙසින් යළිත් වෙඩි හඬක් ඇසුණි. මේ සිය­ල්ලම මට පෙනුණේ මා කඳ­වුර ඉදි­රියේ සිට බලා­ගෙන සිටි හෙයිනි. ඇ‍ඟේ සිරුර පාරෙන් ඉව­තට ගෙන ගියාට පසු මට කිසි දෙයක් පෙනුණේ නැති බව ඔලි­වර් පැවැ­සීය.

“සිද්ධිය දැකී­මෙන් පසු මට දහ­වල් කෑම පවා එපා වුණා. මමත් ලයි­තන් වනි­ග­සේ­කර ඇතුළු අපි හත­ර­දෙනා කත­ර­ගම සිට හම්බ­න්තොට බලා පිටත් වුණා.” වැඩි­දු­රට ඔලි­වර් සඳ­හන් කළේය.

මෙත­රම් රුදුරු ම්ලේච්ඡ අප­රා­ධ­යක නිරත වෙමින් විජේ­සූ­රිය එදින සාද­ය­කට හමුදා කඳ­වුර සකස් කරන බව එම සාද­යට ඇර­යුම් ලැබූ යාල බ්‍රවුන් බිච් හෝට­ලයේ වාහන කළ­ම­නා­කරු ඩග්ලස් පෙරේරා මහතා පැව­සීය. එම හෝට­ලයේ පාල­ක­ව­රයා වන වයිට් මහතා සහ තවත් කීප­දෙ­නෙ­කුට මෙම සාද­යට ඇර­යුම් කර තිබිණි. “එදින අපි හෝට­ලයේ සිට සැත­පුම් 28ක් ගෙවා කඳ­වු­රට ගියේ ජීප් රිය­කිනි.

යාල සිට කත­ර­ග­මට යද්දි අපට කැර­ලි­ක­රු­වන් හමු වූයේ නෑ. විජේ­සූ­රිය සහ අප්‍රේල් 17ට කලින් යාලට පැමි­ණියේ හමු­දා­වට අවශ්‍ය වාහන ලබා ගැනී­ම­ටයි. මගේ පියා හෝට­ලයේ පාල­ක­ව­රයා, මා එහි වාහන කළ­ම­නා­ක­ර­ණය කරන හෙයින් හමු­දා­වට අවශ්‍ය වාහන කීප­යක් අපි හෝට­ල­යෙන් දුන්නා. මේ සිද්ධි­යෙන් පසු විජේ­සූ­රිය අප සමඟ මිත්‍ර වී අපට ඔහුගේ සාද­යට ඇර­යුම් කළා.”

“මොවුන් අත්අ­ඩං­ගු­වට ගත් තරු­ණි­යන් කඳ­වුරේ සිටිනු අපට දැක­ගන්න ලැබුණා. මින් එක තරු­ණි­ය­ක­ගෙන් විජේ­සූ­රිය ප්‍රශ්න කර­මින් සිටිනු බව මා දුටුවා. ඇයට ඇඳුම් ගල­වන ලෙස විජේ­සූ­රිය නියෝග කර­න­විට මමත්, පියාත් පුදුම වුණා. ඇඳුම් ගල­වන්න බෑ කියා ඇය ඇඬුවා. තුව­ක්කු­වක් අතේ තියා­ගෙන විජේ­සූ­රිය ඇයට බල කරන විට ඇය ඇඳුම් ගැලෙව්වා.

විජේ­සූ­රි­යගේ තර්ජ­නා­ත්මක බල­පෑම් නිසා මුළු­ම­නින් ම නිරු­වත් වූ ඇයට මහ පාරේ ඔස්සේ කත­ර­ගම ටවුම දෙසට ගමන් කිරී­මට බල­ක­ර­මින් ඈ පිටු­පස විජේ­සූ­රිය හා සැර­යන් රත්නා­යක තවත් සෙබ­ළුන් කීප දෙනෙක් සමඟ ගියා. ටික දුරක් නිරු­ව­තින් ගිය ප්‍රේමාට විජේ­සූ­රිය ඔහුගේ අතේ තිබූ තුව­ක්­කු­වෙන් වෙඩි දෙක තුනක් තිබ්බා. එම වෙඩි පහ­ර­වල් වැදී­මෙන් ඇය බිම ඇද වැටුණා. විනාඩි කීප­ය­කින් නැඟිට අඩි­යක් දෙකක් ඇවිද ආයිත් බිම වැටුණා.”

“මේ වන විට විජේ­සූ­රිය සහ රත්නා­යක කඳ­වුර තුළට ගියා. බිම ඇද වැටුන ප්‍රේමාට කව්දෝ වතුර බොන්න දුන්නා. එය දුටු සෙබ­ළෙක් ඇයට මුකුත් දෙන්න එපා වතුර දෙන අය­ටත් වෙඩි තබන බවට තර්ජ­න­යක් කළා.”

එදා කත­ර­ගම පුද බිමේ පැවති පරි­ස­රය එලෙ­සය.

1959 කත­ර­ගම රෝහල් පාරේ ඉඩ­මක පදිං­චිවූ එල්.ඒ. ඇල­ඩින් සිල්වා, ප්‍රේම­ව­තිගේ මව සහ පියා හොඳින් දන්නා පුද්ග­ල­යෙකි. ඔහු 1971 අප්‍රේල් 17 වැනි දින උදේ 6.30ට පමණ කත­ර­ගම ටවු­මට පැමිණි අතර එහිදි ඔහුට හින්නි මහ­ත්තයා හමු­විය. හින්නි මහ­ත්තයා ඔහුට භික්ෂු­ව­කගේ මළ­සි­රුර වළලා දම­න්නට බාර දීමෙන් පසු එය කත­ර­ගම තරුණ බෞද්ධ සමිති ශාලා­වට අයත් වත්තේ වළක් කපා වළලා දැමුවේ පෙරු­මාල්, සයි­මන් සහ කාදර් යන පුද්ග­ල­යන් ඔහුට සහය විය.

ඊට අවශ්‍ය වූ උදලු කූඩ ගල්ද්‍රෝනි හින්නි මහ­ත්තයා පොලි­සි­යෙන් සපයා දී තිබෙ­නවා. හමු­දා­වෙන් ඇල­ඩින් ඇතුළු පිරි­සට එහි නව­තින ලෙස දැනුම් දී තිබෙ­නවා. ඇල­ඩින් සහ පිරිස කඳ­වුර අසළ සිටි­යදි විජේ­සූ­රිය ප්‍රේමා­ව­තිව කඳ­වුර ඉදි­රි­යට ගෙන ආවා. එහිදි විජේ­සූ­රිය ඇයට ඇඳුම් ගැල­වී­මට අණ කළද ඇය ඊට කීකරු වූයේ නෑ. අන්ති­මේදි ඔහු ඇයට දැඩි ලෙස තර්ජ­නය කිරී­මෙන් පසු ඇඳුම් ගැලෙව්වා.

“ඇය සම්පූ­ර්ණ­යෙන් ම නිරු­වත්ව සිටි­යදි ඇගේ කල­වයේ ලේ තිබුණි. ඊට හේතුව කවු­රුත් දැන සිටියේ නෑ. මෙහිදී ඇය වතුර ඉල්ලුවා. එහි සිටි හමුදා භට­යි­න්ගෙන් අව­සර ගෙන සිසිල් බීම බෝතල් තුනක වතුර ලබා දුන්නේ ඇයට පානය කිරී­ම­ටයි. ඉන්පසු අපි තිදෙනා එක්වී ප්‍රේමා වළලා දමන්න වළ කැපුවා.”

“ඉන්පසු භට‍යෙක් එතැ­නට ඇවිත් අයට වෙඩි කීප­යක් තබා ඇයව වළ ළඟට උස්සා­ගෙන ගියේය. ඒ වන විටත් ඇයට පණ තිබුණි. එහිදි ඇය සිය කන්දෙකේ තිබූ කරාබු දෙක ගලවා ඇල­ඩින්ට දෙමින් පැව­සුවේ “මේ මගේ පෙර කරු­ම­යක් මේ කරාබු දෙක අම්මාට දෙන්න” ඉල්ල­මින් සද­හ­ටම ඇස් පියා ගත්තාය.

ඈ මිය ගිය විට ඇල­ඩින් ඇතුළු පිරිස ඇගේ සිරුර වළට දමා ඊට උඩින් ඇගේ ගැලවූ ඇඳුම් දමා වළ වසා දැමු­වේය.

ඉන්පසු කරාබු දෙකත් රැගෙන ඇල­ඩින් ඇගේ මව සොයා දෙන­ග­මට යද්දී ලීලා­වතී මහ­ත්මිය සිදු වූ කිසි­වක් නොදැන ගේ ඉදි­රි­පිට ඇති අඹ ගස යටට වී හැඬූ කඳු­ළෙන් පසු වූවාය.

ඇල­ඩින් කරාබු දෙක ලීලා­වතී මහ­ත්මි­යට දෙන විට “මගේ දරුවා නැතිව මට කරාබු ඕනෑ නෑ” කියා මහත් හඬින් ඇඬු­වාය. ඒ මොහොතේ ඇල­ඩි­න්ටත් ඇඬුණු බව ඔහු පැව­සු­වේය.

මෙම ම්ලේච්ඡ අප­රා­ධය එතෙ­කින් අව­සන් වන බව සිතූ අප­රාධ කාරයෝ ඔවුන් නොසිතූ අන්ද­මට කළ අප­රා­ධය ඔවුන් පිටු පස හඹා එන්නට විය. සිද්ධිය පිළි­බ­ඳව දැන ගත් එව­කට අග­මැ­ති­නි­යව සිටි සිරිමා බණ්ඩා­ර­නා­යක දකුණු ප්‍රදේ­ශය බාරව සිටි හමුදා සම්බ­න්ධී­ක­රණ නිල­ධාරි ඩෙරික් නුග­වෙ­ලට මේ සම්බ­න්ධ­යෙන් වහාම ක්‍රියා­ත්මක වන ලෙස දැන්වීය.

එතැන් සිට සිදු වූ සිදු­වීම් ලබන සතියේ

Comments