පැදුරෙන් නැඟිට්ට පොලීසිය FAකුසලානය දිනයි | Page 2 | සිළුමිණ

පැදුරෙන් නැඟිට්ට පොලීසිය FAකුසලානය දිනයි

සර 70ක අභිමානවත් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසය වෙනස්ම මගකට යොමු කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මෙරට පැවැත්වෙන ඉහළම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලානය තමන් සතු කරගැනිමට සමත් විය. මේ වන විට සිව් වතාවක් එෆ්.ඒ. කුසලානය දිනා ඇති පොලිසිය. පළමු වරට 1953 දී ආර්.ඩී. සෝමපාලගේ නායකත්වයෙන් පොලීස් කණ්ඩායම එෆ්. ඒ. කුසලානය පළමු වරට දිනා ගෙන ඇත. 1973 වසරේදි අෂීස් ගේ නායකත්වයෙන් ඒෆ්.ඒ. කුසලානයට උරුමකම් කීමට සමත් වන අතර 2008 වසරේදි අවසන් වරට සංජය ප්‍රදීප් කුමාරගේ නායකත්වයෙන් එෆ්.ඒ. කුසලානය පොලිසිය වෙත රැගෙන ඒමට සමත් විය. සිව්වන වරට අමිත් චාමික කුමාරගේ නායකත්වයෙන් පොලීස් කණ්ඩායම එෆ්.ඒ. කුසලානය පොලිසිය වෙත රැගෙන යාමට නොබෝදා සමත් විය.

2017 – 18 වසරේදී ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලද පරාජය හේතු කොට ගෙන පාපන්දු ශ්‍රේණිගත කිරිම්වල පහතට වැටෙන පොලිස් කණ්ඩායම වසර දෙකක් තුළ දේශිය පාපන්දු ක්‍රීඩාවේ මුදුනටම පැමිණිමට සමත්ව සිටීයි. එම ගමන කරා පොලිස් කණ්ඩායම රැගෙනගිය ශ්‍රි ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ කීර්තිමත් දැල් රකින්නා ලෙසද කටයුතු කල පොලිස් පරික්ෂක මහින්ද ගලගෙදර සමගයි.

ජයග්‍රාහි ගමන ගැන සිය හඬ අවදි කළ මහින්ද ගලගෙදර, “2018දී පොලිස් පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරමින් මට කණ්ඩායම බාරදෙනකොට ඒගොල්ලෝ හිටියේ අන්තිම අඩියේ. ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් කණ්ඩායම.ඇත්තෙන්ම එතනින් එහාට වැටෙන්න තැනක් තිබුණේ නෑ. අපි පැදුරේ ඉඳලා ආපු ගමනක ප්‍රතිඵලය තමයි මේ.

පොලිස් කණ්ඩයමත් එක්ක තරගයකට එන සියලු ප්‍රතිවාදී කණ්ඩායම් පාපන්දු පිටියට එන්නේම දිනලයි. ඒ කියන්නේ පහසු ජයග්‍රහණයක් ලෙස සලකා තමයි. ඔවුන් ක්‍රිඩා කරන්නේ. සමස්ත පොලිස් පාපන්දු ක්‍රීඩකයන් තුලම මේ පරාජිත මානසිකත්වය තිබුණා. මට අන්න ඒ මානසිකත්වය වෙනස් කිරිමට උවමනා වුණා. කාලයක් තිස්සේ ඔවුන් පුහුණු වෙමින් තිබුණු රටාව වෙනස් කරමින් එදිනෙදා ක්‍රිඩාවට ප්‍රයෝජනවත් ධනාත්මක ආකල්ප ඔවුන් තුලම වර්ධනය කළා.මෙකි ගමනේ සාර්ථකත්වය ලෙස මහින්ද දක්වන්නේ ද මේ ආකල්පමය වෙනසයි.

ධනාත්මක ආකල්පමය වෙනසක් මඟින් විශාල ජයග්‍රහණයක් කරා යෑමට හැකි වුණා. පසුගිය වසර දෙක පුරාවට අපි ක්‍රිඩා කර තිබෙන්නේ තරගාවලි 4ක් පමණයි. එම තරගාවලි හතරෙන් තරගාවලි තුනක්ම අපරාජිතව පොලිස් කණ්ඩායම ශූරතා දිනාගත්තා. කණ්ඩායම් 700ක් පමණ සහභාගී වු එක් තරගාවලියකදී අනුශුරයන් ලෙස අපට සැහිමකට පත් වන්නට සිදුවුණා. වසර දෙකක් තුළ පැමිණි ගමන සාර්ථකයි. මගේ නවමු ශිල්පිය ක්‍රම තුළින් ඉදිරියක් දැක්කා. එහි දිගුවක් තමයි එෆ්.ඒ. කුසලාන ජයග්‍රහණය. කොටින්ම අපේ කණ්ඩායමේ සුපර් ස්ටාර්ලා නෑ. නමුත් කණ්ඩායමේ සිටින සියලු දෙනා ස්ටාර්ලා ඒ නිසා මම වැඩ කළේ මානසිකත්වය හා ආකල්පමය වෙන ගැන විශ්වාසය තියලයි.“ කණ්ඩායම බාර ගෙන වසර දෙකක් තුළ මේ ජයග්‍රහණයට කරා යෑමට වට පිටාව තුළ ගෙඩ නැගුණු නිදහස වඩා වැදගත් බවයි මහින්ද පවසන්නේ.

“කණ්ඩායම තෝරා ගැනිමේදී පූර්ණ නිදහාස හිමිවුණා. වෙනස්කම් සිදුකරන්න හා කණ්ඩායම තෝරාගන්නට. පොලිස් පාපන්දු සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ඩී.අයි.ජී.) පද්මසිරි ගුණසිංහ මහතා හා පොලිස් පාපන්දු ක්‍රීඩා සංගමයේ ලේඛම් සහාකාර පොලිස් අධිකාරී (ඒ.එස්.පී.) අශෝක නව්කලගේ මහතා මට පූර්ණ නිදහස ලබා දී තිබුණා. මට උවමනා විදිහට මගේම රටාවට පුහුණුවීම් කරගෙන යැමට. හැම විටම අශෝක නව්කලගේ මහතා කියා සිටියේ මහින්ද ඔයා කණ්ඩායමේ තාක්ෂණික පැත්තගැන අවබෝධයෙන් කටයුතු කරන්න අපි අනෙකුත් දේ ගැන ක්‍රියා කරන්නම් කියා.

මෙම ජයග්‍රහණය සාමුහික ජයග්‍රහණයක් තනි තනි ක්‍රීඩකයන්ට වඩා සමස්ත කණ්ඩායම ගැනම තමයි මගේ අවධානය යොමු වෙලා තිබුණේ. තරගයකට ක්‍රීඩා කරන ක්‍රිඩකයන් 11 දෙනා ගැන පමණක් අවධානය යොමු කොට ඔවුන් 11 දෙනා පමණක් පෙරට ගෙන ඒමේ සැලැස්මක් මට තිබුණේ නෑ. මෙම සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනෙකු සිටිනවා ඔවුන් 23 දෙනාම ස්ටාර්ලා ලෙස සලකා තමයි මගේ පුහුණු වීමේ සැලැස්ම ක්‍රීයාත්මක කළේ. ඔවුන්ගේ මානසිකත්ව වර්ධන වැඩසටහන ක්‍රීයාත්ක කළේ. නැතිනම් 11 දෙනා පිළිබද වැඩි අවධානය යොමුකොට සැලැසුම් ක්‍රියාත්මක කළානම් ඔවුන්ගෙන් කෙනෙකුට ආබාධයක් අනතුරක් සිදු වුණා නම් මට ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. නිසා මම මගේ සැලැසුම වුයේ සියලුම දෙනා කෙරෙහි අවධානය යොමු කර කණ්ඩායමක් ලෙස සැලැසුම් ක්‍රියාත්මක කිරීමයි.“

එෆ්.ඒ. කුසලාන අවසන් වටය නියෝජනය කළ සෝන්ඩස්, බ්ලුස්ටාර්, ගුවන් හමුදාව යන කණ්ඩායම් දැඩි අභියෝගයක් වු බව පවසන මහින්ද අවසන් පූර්ව තරගයේදී බ්ලුස්ටාර් පරාජය කළ පොලිස් කණ්ඩායම අවසන් තරගයේදි සෝන්ඩර්ස් කණ්ඩායමට මුහුණ දිමට අවසන් තරගය ගැන තරග සැලැසුම කළ අයුරු විස්තර කළේය.

“සෝන්ඩර්ස් කණ්ඩායම කිසිවෙලාවක අවතක්සේරු කළ හැකි කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් තමයි වැඩිම වාරගණනක් ඒෆ්.ඒ. කුසලානය ජයගත් ක්‍රිඩා සමාජය. ඔවුන්ට ඒ ගෞරවය දිය යුතුයි. මම මගේ කණ්ඩායමට හැම විටම කියා සිටියේ ඔවුන්ට ඒ ගෞරවය ලබාදෙන්න කියායි. ඔවුන් වගේම අපිත් ක්‍රිඩා කරන්නේ කකුල් දෙකෙන්, ඔවුන්ට පුළුවන්නම් ඇයි අපිට බැරි අපිටත් පුළුවන් කින අදහසයි මම ඔලුවට දැම්මේ. අපි අවසානයේ ඉලක්කයට ගියා.

අපේ කණ්ඩායමේ සිටිනවා බෞද්ධ, හින්දු,කතෝලික, මුස්ලිම් සියලු දෙනාම. ඔවුන් ඉතාමත් හොදින් සමගියෙන් ආශිර්වාදයෙන් එකමුතුව ක්‍රීඩා කරනවා. ගෝල්ඩන් ගලව්ස් කුසලානයට අමතරව හොඳිම විනය ගරුක කණ්ඩායමට හිමි කුසලානයද මෙවර හිමි වෙන්නේ පොලිස් කණ්ඩායමටයි. රන් අත් ආවරණය “ගෝල්ඩන් ගලව්ස්“ කුසලානය හිමිවන්නේ මුරලිදරන් දිනේෂ්ට. විනය ගරුක කණ්ඩායම “ෆෙයා පේල් “ කුසලානය හිමිවන්නේ කණ්ඩායමට. මම ඉතාමත් සංතෝෂ වනවා හොඳම විනයගරුක කණ්ඩායමට හිමි කුසලානය දිනාගැනිම ගැන. මක්නිසාද යත් ලෝකයේ පවත්වන සූපර් ලීග් තරගාවලි හැම එකකම වගේ එම කුසලානය හිමිවන්නේ සාමාන්‍යයෙන් තරගාවලිය ජයගත් කණ්ඩායමට නෙමෙයි. තරගාවලිය නියෝජනය කළ වෙනත් කණ්ඩායමකට මේ තමයි ඒ පළමු අවස්ථාව ජයග්‍රහි කණ්ඩායමටම හොඳම විනය ගරුක කණ්ඩායම ලෙස කුසලාන හිමි වු. මගේ පුහුණුවේ තේමාවද විනය ගරුක අති දක්ෂ කණ්ඩායමක් යන මතය. එය මෙම කුසලානය හිමිවිමත් සමග එය සනාථ වුණා.“

Comments