රට සංව­ර්ධ­නය කරන්න සුපිරි බල­ව­තුන්ගේ සහාය | සිළුමිණ

රට සංව­ර්ධ­නය කරන්න සුපිරි බල­ව­තුන්ගේ සහාය

ලංකාව කුඩා දූප­තක් වුවද එය අන්ත­ර්ජා­තික වශයෙන් භූමි හා දේශ­පා­ල­නික වශ­යෙන් අති­ශය වැද­ගත්, හා තීර­ණා­ත්මක මධ්‍ය­ස්ථා­න­යක් බවට ගොඩ­නැ­ඟෙ­මින් ඇත. විශේ­ෂ­යෙන්ම වත්මන් රජය බල­යට පත්වී­මත් සමඟ මේ තත්ත්වය වඩාත් කැපී­පෙ­නෙන ලෙස වර්ධ­නය වී ඇති බවක්ද පෙනෙ­න්න ඇත. ගෝඨා­භය රාජ­පක්‍ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආග­ම­න­යත් සමග ලොව ප්‍රබල රට­වල් රැසක්ම රාජ්‍ය­තා­න්ත්‍රික වශ­යෙන් මෙරට කෙරෙහි දක්වන උන­න්දු­වද සුවි­ශේෂ ලෙස ඉහළ ගොස් ඇත.

මේ බව වටහාගත හැකි හොඳම නිද­සු­නක් පසු­ගිය 14 වැනිදා අපට දක්නට ලැබිණි. එනම් ලොව ප්‍රබ­ල­තම රට­වල් තුනක් වන ඇමෙ­රි­කාව, චීනය හා රුසි­යාව යන රට­වල් තුනේම විශේෂ නියෝ­ජි­ත­යින් තිදෙ­නෙකු එකම දින­කදී මෙර­ටට පැමිණ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැ­ත්වී­මයි .

රාජ්‍ය තාන්ත්‍රික වශ­යෙන් මෙය මීට පෙර දැක­ග­න්නට නොලැ­බුණු තරමේ සුවි­ශේෂ සිදු­වී­මකි .

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සිල සැසි­වා­ර­යද දොර­ක­ඩ­ටම පැමිණ ඇති මොහො­තක මෙම සාක­ච්ඡා පැවැ­ත්වීම එහි වැද­ග­ත්කම තවත් වර්ධ­නය කර­න්නක් විය. එම සැසිය ආරම්භ වනුයේ ලබන මාර්තු­වේය.

මෙර­ටට පැමිණි ඇමෙ­රි­කා නියෝ­ජි­ත­ව­රිය වූ, එරට දකුණු හා මධ්‍යම ආසි­යා කට­යුතු කාර්යාං­ශයේ ප්‍රධාන නියෝජ්‍ය සහ­කාර ලේකම් ඇලිස් ජේ. වෙල්ස් මහ­ත්මිය, ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමග පැවැති සාක­ච්ජා­වේදී මානව හිමි­කම් සැසිය වෙත විශේෂ අව­ධා­න­යක් යොමු කළාය. ඇය මෙර­ටට පැමි­ණියේ ඇමෙ­රි­කා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙත යොමු කළ ලිපි­යක් ද සම­ඟය. ජනා­ධි­පති රාජ­පක්ෂ මහතා සමඟ පැවති සාක­ච්ඡා­වේදී ඇය මේ ලිපිය ඉදි­රි­පත් කළාය.

විශේ­ෂ­යෙන්ම ජගත් මානව හිමි­කම් කවු­න්සි­ලයේ සම්මත වී ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජ­නාව පිළි­බ­ඳව මෙහිදී ඇමෙ­රි­කාවේ විශේෂ අව­ධා­න­යක් යොමු වූ බවක් ද පෙනෙ­න්නට විය. රජය දිගින් දිග­ටම එම යෝජ­නා­ව­ලි­යට එරෙ­හිව අද­හස් දක්වා තිබීම ඊට හේතුව විය.

එසේම කවු­රුත් අපේක්ෂා කළ පරි­දිම මෙම සාක­ච්ජා­වේදී මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සුම සම්බ­න්ධ­වද දෙපා­ර්ශ්­වය අතර පුළුල් ලෙස කතා­බහ ඇති විය. නව රජය මෙම ගිවි­සු­මට අත්සන් තැබී­මට සූදා­නම් බවට එජා­පය ප්‍රමුඛ විප­ක්ෂය පසු­ගිය දින­වල නැඟූ හඬ, නිහඬ කර­මින්, එම චෝද­නා­වන්ට නිසි පිළි­තු­රක්ද සප­ය­මින්, ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙහිදී ඇමෙ­රි­කා නියෝ­ජි­ත­ව­රි­යට සුවි­ශේෂී කරුණු කිහි­ප­යක්ම අව­ධා­ර­ණය කර සිටි­යේය.

මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සුම සම්බන්ධ ඉදිරි කට­යුතු සිදු කිරී­මේදී ජනතා අද­හස් සැල­කි­ල්ලට ගත යුතුම බව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙහිදී අමෙ­රි­කා නියෝ­ජි­ත­ව­රිය වෙත දැනුම් දී සිටි­යේය. එම ප්‍රකා­ශය හරහා ජන­ප­ති­ව­රයා ඇමෙ­රි­කා­වට හඟවා සිටියේ, එනම් නොකියා කියුවේ, මෙරට ජන­තාව අකැ­මැති දෙයක් සිදු­කි­රී­මට තම රජය කිසි­සේත්ම සූදා­නම් නැති බවය. එසේම ජන­තාව අකැ­මැ­ති­නම් මෙම ගිවි­සුම අස්සන් තැබී­මට රජය කිසි­සේත්ම පිය­වර නොගන්නා බවද ඒ ප්‍රකා­ශය හරහා මොන­වට පැහැ­දි­ලි­විය.

අදාළ යෝජ­නා­ව­ලිය මේ වන විට විද්වත් මණ්ඩ­ල­යක් විසින් අධ්‍යය­නය කර­මින් සිටින බවත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කර සිටි­යේය. එසේම මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සුම සෙසු රට­වල ක්‍රියා­ත්මක කළ ආකා­රය සහ අත්දැ­කීම් පිළි­බඳ විද්වත් මණ්ඩ­ලයේ විශේෂ අව­ධා­න­යට ලක්ව ඇති බවද ජනා­ධි­ප­ති­ව­රයා ඇමෙ­රි­කා නියෝ­ජි­ත­ව­රිය වෙත සඳ­හන් කළේය.

එම ගිවි­සුම සම්බ­න්ධව මෙන්ම මානව හිමි­කම් යෝජ­නා­ව­ලිය සම්බ­න්ධ­වද ඇමෙ­රි­කා රජය අපේක්ෂා කරන ආකා­රයේ ප්‍රති­චා­ර­යක් ශ්‍රී ලංකා රජය වෙතින් මෙම සාක­ච්ජා­වේදී ජන­ප­ති­ව­රයා වෙතින් නොලැ­බු­ණද, තව­දු­ර­ටත් ශ්‍රී ලංකාව සමඟ සබ­ඳතා ශක්ති­මත් කර­ගැ­නී­මට ඇමෙ­රි­කාවේ ඇති උන­න්දුව හා කැමැත්ත මෙහිදී කැපී පෙනුණු කරු­ණක් විය. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පම­ණක් නොව විදේශ සබ­ඳතා අමාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා සමග පැවති සාක­ච්ඡා­ව­ල­දීද ඇමෙ­රි­කානු නියෝ­ජි­ත­ව­රිය මේ පිළි­බ­ඳව කිහි­ප­ව­රක්ම අව­ධා­ර­ණය කළාය.

ඇමෙ­රි­කාවේ පද­යට නැටීම් සිදු නොක­ළද තව­දු­ර­ටත් එරට සමග යහ­පත් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන යාමේ හැකි­යා­වක් ශ්‍රී ලංකාව සතු බව ගෝඨා­භය රාජ­පක්ෂ ජන­ප­ති­ව­රයා මෙම සාකච්ඡා හරහා ඔප්පු­කර පෙන්වීය.

එමෙන්ම පසු­ගිය රජය සමයේ යම්තාක් දුර­කට දුරස්ව තිබු චීන - ශ්‍රී ලංකා සබ­ඳ­තා­ වත්මන් රජය යටතේ නැවත වරක් ශක්ති­මත් වූ බවක් චීන විදේශ අමාත්‍ය චැංග් යී හා ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අතර පැවති සාක­ච්ඡා­වන් මඟින් මොන­වට පැහැ­දිලි විය .

එසේම මානව හිමි­කම් මුල් කර­ග­නි­මින් විවිධ ජාත්‍ය­න්තර බල­වේග වෙතින් මෙර­ටට එල්ල­විය හැකි බල­පෑ­ම්ව­ලදී ශ්‍රී ලංකාව වෙනු­වෙන් පෙනී සිටී­මට චීනය සූදා­නම් බවද මෙහිදී පැහැ­දිලි විය. එළ­ඹෙන මානව හිමි­කම් සැසි­වා­රය ඇතුළු තීර­ණා­ත්මක අව­ස්ථා­ව­ලදී එය මෙර­ටට සුවි­ශාල ශක්ති­යක් වනු ඇති බව නොඅ­නු­මා­නය.

චීනය ශ්‍රී ලංකාවේ නිර­න්තර විශ්වා­ස­දා­යක මිතුරා වන බවත්, ශ්‍රී ලංකාවේ අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලට මැදි­හත් වීමට බාහිර බල­වේ­ග­යන්ට ඉඩ නොත­බන බවත් මෙහිදී චීන විදේශ අමා­ත්‍ය­ව­රයා ගෝඨා­භය රාජ­පක්ෂ ජන­ප­ති­ව­රයා ඉදි­රියේ අව­ධා­ර­ණය කර සිටි­යේය .

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවු­ල්කරු ලෙස චීනය අඛ­ණ්ඩව ශ්‍රී ලංකාවේ අභි­ලා­ශ­යන් වෙනු­වෙන් පෙනි සිටින බවද චීන විදෙස් අමා­ත්‍ය­ව­රයා මෙහිදී සඳ­හන් කළේය .

ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, භෞමික අඛ­ණ්ඩ­තා­ව සහ ස්වාධී­න­ත්වය වෙනු­වෙන් චීනය නිර­න්ත­රව පෙනී සිටින බවද චීන විදෙස් අමා­ත්‍ය­ව­රයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ දෙරට අතර කල­කට ඉහ­තදී ගොඩ­නැගී තිබු සමීප බව නැවත වරක් ගොඩ­නැං­වෙන බවට වන සුභ­වාදී අපේ­ක්ෂාව අප තුළ දල්ව­මිනි.

චීන රජය පම­ණක් නොව රුසි­යානු රජ­යද මෙරට නව රජය සමඟ සබ­ඳතා වර්ධ­නය කර­ගැ­නීමේ විශේෂ වුව­ම­නා­ව­කින් සිටින බව, රුසි­යානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව­රොෆ් මහ­තාගේ ලංකා සංචා­රය හරහා පැහැ­දි­ලිවූ වැද­ගත්ම කරුණ විය.

විශේ­ෂ­යෙන්ම ශ්‍රී ලංකාව සමග ආර්ථික හා ආර­ක්ෂක සබ­ඳතා ශක්ති­මත් කර­ලීම පිළි­බ­ඳව රුසි­යා රජයේ වැඩි අව­ධා­න­යක් යොමුව ඇති බව, රුසි­යානු විදේශ අමා­ත්‍ය­ව­රයා මෙරට ජන­පති සමග පවතී සාක­ච්ජා­වේදී අනා­ව­ර­ණය විය.

චීනය පම­ණක් නොව රුසි­යා­වද, බාහිර විදෙස් බල­වේ­ග­ය­න්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර­ලී­මට ඉදි­රි­පත් වී සිටී­මද සුවි­ශේෂී කරු­ණක් විය. කල­කට ඉහ­තදී, එනම් 2015 වස­රට කලින් නම්, මානව හිමි­කම් මුල්ක­ර­ග­නි­මින් ශ්‍රී ලංකාව වෙත අන්ත­ර්ජා­තික බල­පෑම් එල්ල වූ සෑම අව­ස්ථා­ව­ක­දීම මෙන් චීනය හා රුසි­යාව ශ්‍රී ලංකාවේ සහා­යට ඉදි­රි­පත් විය. විශේ­ෂ­යෙන්ම ජගත් සංවි­ධා­නය තුළදී මෙම සහාය පුළුල් ලෙසම අප වෙත ලැබිණි. නමුත් පසු­ගිය රජය සමයේ, මෙර­ටට එරෙහි මානව හිමි­කම් යෝජ­නා­වන් සඳහා අනු­ග්‍ර­හය දැක්වී­මට ශ්‍රී ලංකා රජ­යම ඉදි­රි­ප­ත්වීම නිසා මෙම සහාය හා ඉදි­රි­ප­ත්වීම අවම විය.

දැන් යළිත් එම දෙර­ටම, මිත්‍ර­ත්වයේ හා සහෝ­ද­ර­ත්වයේ දෑත් දිගු කර­මින් පෙර දුන් එම සහාය යළි මෙරට වෙත ලබා­දී­මට ඉදි­රි­පත්ව සිටීම නව රජයේ ජය­ග්‍ර­හ­ණ­යක් බව කිව යුතු­මය.

ශ්‍රී ලංකා­වට බල­පෑම් කිරී­මට පිට­ස්තර බල­වේ­ග­ය­කට ඉඩ නොදෙන බවට චීන විදෙස් ඇමැති මෙන්ම, රුසි­යා විදෙස් අමාත්‍ය සර්ජි ලැව­රොෆ් මහ­තාද ඍජු­වම ප්‍රකාශ කර සිටි­යේය.

ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමග පැවැති සාක­ච්ඡා­වේදී ලව­රෝෆ් මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා­වට ඉදි­රි­ය­ටත් ආයුධ සහ යුද්ධෝ­ප­ක­රණ ලබා­දී­මට රුසි­යාව කට­යුතු කරන බවකි.

එසේම ශ්‍රී ලංකා හමු­දාවේ සතු­රන් සමග යුද වැදී­මට අවශ්‍ය සහය, යුද ශක්තිය වර්ධ­නය කර ගැනී­මට අවශ්‍ය සහ­යත් රුසි­යාව ලබා­දෙන බව මෙහිදී රුසි­යා විදේශ අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ පුද්ග­ල­යින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට රුසි­යාව පූර්ණ සහාය ලබා­දෙන බවත් එවන් ත්‍රස්ත­වාදී ප්‍රහාර වැළැ­ක්වී­මට ගත හැකි පිය­ව­ර­යන් පිළි­බ­ඳ­වද රුසි­යාව අව­ධා­න­ය­කින් පසු­වන බවත් ලැව­රෝෆ් මහතා මෙහදී දැනුම් දී සිටි­යේය.

මෙරට සමඟ ඇති ආර්ථික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­ගැ­නී­ම­ටද රුසි­යාවේ ඇති කැමැත්ත මෙහිදී වඩාත් අනා­ව­ර­ණය විය. විශේ­ෂ­යෙන්ම ලැව­රෝෆ් මහතා මෙහිදී ප්‍රකාශ කලේ දෙරට අතර සංචා­රක ක්ෂේත්‍රයේ සබ­ඳතා තව­දු­ර­ටත් වර්ධ­නය කර­ගත යුතු බවකි.

ඇමෙ­රි­කාව රුසි­යාව චීනය පම­ණක් නොව මේ දින­වල ජපා­නය, ඉන්දි­යාව වැනි රට­වල්ද මෙරට වෙත විශේෂ අව­ධා­න­යක් යොමු­ක­ර­මින් සිටින බව දක්නට ඇත. එම රට­වල නියෝ­ජි­ත­යින් මෙරට සිදු­ ක­රන නිර­න්තර සංචාර හරහා මෙය වඩාත් පෙන්නුම් කෙරේ.

ලොව ධන­වත් හා බල­වත් රාජ්‍ය­වල අව­ධා­නය හා උන­න්දුව මෙලෙස මෙරට වෙත මෙන්ම නව රජය වෙතද යොමු ­වෙ­මින් තිබීම සුබ පෙරනිමි­ත්තකි. විටෙක එකි­නෙ­කට පර­ස්ප­ර­වද යන මෙම රාජ්‍ය සමඟ පව­තින සබ­ඳතා නිවැ­ර­දිව කළ­ම­නා­ක­ර­ණය කර­ග­නි­මින් ඉදි­රි­යට යෑමට නව රජ­යට හැකි­වු­ව­හොත්, සුබ පෙර­නි­මිත්ත ජය­ග්‍රාහී අව­සා­න­යක් කරා යොමු ­කරගැනී­ම­ට අව­ස්ථාව උදා­වනු ඇත.

Comments