වෑන් එකක් ගෙයක් කර කරක්ගසන ශ්‍රී ලාංකිකයෙක් | සිළුමිණ

වෑන් එකක් ගෙයක් කර කරක්ගසන ශ්‍රී ලාංකිකයෙක්

2010 සිට 2014 වසර දක්වා යතුරුපැදි­යෙන් කිලෝ­මී­ටර් ලක්ෂ දෙක­හ­මා­ර­කට අධික ප්‍රමා­ණ­යක් රට­වල් අසූ­වක් තුළින් ගමන් කළ ආකා­රය හා මධ්‍යම ඇම­රි­කාවේ සිට දකුණු ඇම­රි­කාව කරා ගමන් කිරී­මට මාර්ග­යක් නොමැති වීමත්, තෙප්ප­මක් සාදා­ගෙන යතුරුපැදිය සමඟ කිලෝ මීටර් අට­සී­යක් පමණ පැසි­ෆික් සාග­රය හරහා යෙදුණු ත්‍රාස­ජ­නක ගමන පිළි­බ­ඳව ඩිලන් මෙම වැඩ­මු­ළුවේ දී කතා­බහ කොට ඇත.

“අප ජීව­ත්වන්නේ මේ polex ප්‍රොලෙක්ස් වාහන වර්ගයේ රථයේ. මෙම රථය මම ගත්තේ ස්විස් ෆ්රෑන්ක් 13,000කට. පසුව අපි එය ගෙයක් විදි­හට නිර්මා­ණය කළා. අපේ මෙම නිවසේ ඇඳක් තිබෙ­නවා,දවල්ට පුළු­වන් එය තප්පර කිහි­ප­ය­කින් සෝපා­වක් බවට පත් කරන්න, උයන්න පොඩි කුස්සි­යක් තියෙ­නවා, මාටිනාට හොඳට උයන්න පුළු­වන්, වාහ­නයෙ ඇල්ව­තුර, මෙන්ම උණු වතු­රත් තිබෙ­නවා, ලීටර් විස්සක් පමණ වන උණු­ව­තුර බොයි­ල­රයෙ වතුර රත් වන්නේ වාහ­නය ගමන් කරන විටයි.”

ඩිලන් සහ ඔහුගේ බිරිය වන මාටිනාගේ රෝද උඩ ජීවි­තය පිළි­බඳ වැඩි­දුර තොර­තුරු දැන­ගැ­නීම සඳහා දින නියම කොට තිබුණේ පසු­ගිය සදුදා (13) අට­ටය. හරි­ය­ටම රාත්‍රී 8.00ට ඔහු වට්ස්ඇප් මඟින් ඇමතූ විට, “සුනේත්‍රා, ඔයාට අපත් සමග කතා කරන්න කොප­මණ වේලා­වක් අවශ්‍ය දැයි” ඩිලන් අසා සිටි­යේය. එවිට මා සිතුවේ ඩිලන්ට එත­රම් වේලා­වක් කතා කිරීම සඳහා නොමැති බැවින් ඔහු එසේ ඇසූවා වන්නට විය හැකි බවයි. අඩුම තර­මින් පැයක් වත් අවශ්‍ය බව දන්නා මා ඔහුට කිව්වේ වැඩිම වුණෙ විනාඩි තිහක් යයි කියාය. එහෙ­නම් කමක් නෑ, එත­කොට මාටි­නාට පුළු­වන් අපේ රෑ කෑම මෙතන හදන්න , යැයි ඩිලන් නැවත කිව්වේ ඔහුගේ රෝද හතරේ ජීවි­තයේ තවත් එක්තරා දින­යක නිමාව සට­හන් කර­මිනි.

ජර්ම­නියේ දේශ­න­යක් නිමා කොට ඩූසල් ඩොර්ෆ් (Düsseldorf) පළාත හරහා යමින් සිටි­යදී ඔහු අප සමඟ සිය රෝද උඩ ජීවි­තය පිළි­බඳ විස්තර කර­න්නට විය.

ඩිලන් හා අප අතර සබ­ඳ­තා­ව වසර 11ක් තරම් ඈතට දිව­යයි. ස්විට්ස­ර්ල­න්තයේ ග්ලාරූස් පළා­තට පැමිණි මුල් අව­දියේ අප හමුවූ ඩිලන් තේ පානය සඳහා සිය නිව­සට පැමි­ණෙන ලෙස ආරා­ධනා කළේය. එම අව­ස්ථා­වේදී ඔහු ජීවි­තය හා ඉදිරි බලා­පො­රොත්තු පිළි­බඳ අප හා යන්ත­මින් කියා තිබිණි.

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබූ ඩිලන් සම­ර­වි­ක්‍රම කුඩා කල සිටම වික්‍රම පාන්නට සහ ත්‍රාස­ජ­නක අත්දැ­කීම් වලට මුහුණ දීමට උන­න්දු­වක් දැක්වූ­යේය. මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ මඩොල්දූව ඔහුගේ මනස තවත් තීවුර කළ පොතක් විය. දෛවයේ සර­ද­ම­කට මෙන් ඩිලන්ට සිය පියාගේ ජීවි­තය අහි­මි­වීම පිළි­බඳ විස්තර කර­න්නට වන්නේ ද ත්‍රාස­ජ­නක සිදු­වී­මක් ලෙස ය. ඔහුගේ පියා මිය යන්නේ දුම්රි­යක් තුළදී සොරුන් දෙදෙ­න­කුගේ පිහි පහ­ර­කට ගොදුරු වීමෙනි. එවිට ඩිලන් ගේ වයස අවු­රුදු හයක් පමණි. මවත් සහෝ­ද­ර­යන් හතර දෙනාත් සමඟ සිය ළමා කාලය ගත­ක­රන ඩිලන් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා එංග­ල­න්ත­යට බලා පිටත්ව යයි.

වසර දෙක­කට පසු...

වසර දෙක­කට පසුව ඔහු ස්විට්ස­ර්ල­න්ත­යට පැමි­ණෙයි. කාර්මික විද්‍යාව පිළි­බඳ පාඨ­මා­ලා­වක් හදා­රන ඔහු තම­න්ටම කියා වාහන අලු­ත්වැ­ඩියා කරන ස්ථාන­යක් පව­ත්වා­ගෙන යෑමට සමත් වේ. ඔහු 2008 දී අපට හමු­ වන්නේ ඒ අත­ර­තු­ර­දීය. 2010 වස­රේදී ඩිලන් යළිත් අප හමු වූ අතර එහිදී ඔහු සිය නව වික්‍ර­මා­න්විත සැල­සුම් පිළි­බඳ කතා­බහ කළේය. ග්ලාරූස්හි ඔහු සතුව තිබූ සියලු වත්කම් විකුණා දැමූ ඩිලන් යතුරු පැදි­ය­කින් ලෝකය පුරා සංචා­රය කිරී­මට යන බව කීවේය. රට­වල් අසූ­වක් හරහා ගමන් කළ ඔහු, ඔහුගේ ජීවි­තය පිළි­බඳ පොතක් හා චිත්‍ර­ප­ට­යක් දැන­ට­මත් එළි­දක්වා තිබේ. වසර දහ­ය­කට පමණ පසුව 2020 ජන­වාරි දෙවන සතියේ ඩිලන් හා අපි යළිත් මුණ ගැසු­නෙමු. ඒ When the road ends නැමැති ඔහුගේ නව­තම වාර්තා­මය චිත්‍ර­ප­ටය ග්ලාරෑස්හි ප්‍රද­ර්ශ­නය කිරී­මට සැල­සුම් කරන අත­ර­තු­ර­දීය. 2010 වස­රේදී ඔහු ලෝකය වටා යතුරු පැදි­ය­කින් ගමන් කිරීම හා අව­සා­නයේ දී පැසි­පික් සාග­රයේ අත­රමං වීම වටා ගෙතුණු මෙම චිත්‍ර­ප­ටිය මීට පෙර ඔහු පොතක් ලෙසද පළ­කොට ඇත. එම­ඟින් ඩිලන් දිනා­ගත් ජනතා ප්‍රසා­දය සුළු­පටු නොවේ. ඔහු පිළි­බ­ඳව ස්විට්ස­ර්ල­න්තයේ ප්‍රධා­න­තම මාධ්‍ය කිහි­ප­යක්ම තොර­තුරු වාර්තා කළේය. ඔහු විවිධ වැඩ­ස­ට­හන් වල ආරා­ධි­ත­යකු ලෙස ද සහ­භාගී විය.

ජාත්‍ය­න්තර මාධ්‍ය ඔහුගේ මෙම වික්‍ර­මා­න්විත හා ත්‍රාස­ජ­නක ගමන පිළි­බඳ වාර්තා කළේය. ග්ලාරූස් වෙත පැමිණි ඔහු හා ඔහුගේ බිරිඳ වන මාටිනා අප නිව­සට පැමි­ණී­මට ද අම­තක කළේ නැත. සති කීප­යක් ශ්‍රී ලංකාවේ ගත කොට පැමිණි ඩිලන් හා මාටිනා සිය ගමන පිළි­බඳ සතු­ටින් කතා කර­න්නට වූහ. එමෙන්ම තම අත්දැ­කීම් ඇසුරෙන් ශ්‍රී ලාංකි­ක­යින්ට කිසි­යම් සේවා­වක් කිරී­මට ප්‍රබල උව­ම­නාව ද ඔහු සමඟ කල කතා­බහේ දී වඩාත් ඉස්මතු වී පෙනිණි. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන තරුණ තරු­ණි­යන්ගේ ධනා­ත්මක චින්ත­නය ඉහළ දැමීමේ ඇති වැද­ග­ත්කම පිළි­බ­ඳව අප සාකච්ඡා කළෙමු. එම කාර්ය ඩිලාන් දැන­ට­මත් ආරම්භ කොට ඇති අතර දිවි­මග ජය බිමට දිවිය පොදක් ලෙසින් වැඩ­මුළු කිහි­ප­යක් පැවැ­ත්වී­මට ඔහු සමත්වී තිබේ..

2010 සිට 2014 වසර දක්වා යතුරු පැදි­යෙන් කිලෝ­මී­ටර් ලක්ෂ දෙක­හ­මා­ර­කට අධික ප්‍රමා­ණ­යක් රට­වල් අසූ­වක් හරහා ගමන් කළ ආකා­රය හා මධ්‍යම ඇම­රි­කාවේ සිට දකුණු ඇම­රි­කාව කරා ගමන් කිරී­මට මාර්ග­යක් නොමැති වීමත්, තෙප්ප­මක් සාදා­ගෙන යතුරු පැදිය සමඟ කිලෝ මීටර් අට­සී­යක් පමණ පැසි­ෆික් සාග­රය හරහා යෙදුනු ත්‍රාස­ජ­නක ගමන පිළි­බ­ඳව ඔහු මෙම වැඩ­මු­ළුවේ දී කතා­බහ කොට ඇත.

විස්මයජනක අත්දැ­කීම්...

අප හමුවී යළි ග්ලාරූ­ස්ව­ලින් පිට වූ ඩිලන්ට විස්ම­ය­ජ­නක අත්දැ­කී­ම­කට මුහු­ණ­පා­න්නට සිදු­විය. ඔහු පසු­ගිය ජන­වාරි එකො­ළොස් වැනිදා සිංහල භාෂා­වෙන් ෆේස්බුක් පිටු­වක් නිර්මා­ණය කළ අතර ඊට පැය කිහි­ප­යක් ඇතු­ළත දී like ලයික් 15000ට අධික සංඛ්‍යා­වක් හිමි විය. තමා like ලයික් පසු­පස දුව­න්නෙකු නොවූ­වත් ලාංකික ජන­තා­ව­ගෙන් ලැබුණු මෙම ප්‍රති­චා­ර­යෙන් තමා විශ්ම­යට පත්වූ බව ඩිලන් කීවේය.

‘රෝද උඩ ජීවි­තය’ ලෙස ඔහු සිය ෆේස්බුක් පිටුව නම් කොට තිබිණි. වසර 4ක කාල­යක සිට ස්විට්ස­ර්ල­න්තයේ සිය නිවෙස අත­හැර වාහ­න­යක ගෙවන ජීවි­තය පිළි­බ­ඳ දැනු­වත් කිරීම මෙම ෆේස්බුක් පිටුවේ අර­මුණ විය.

“2016 ඉඳන් අපි වෑන් රථ­යක් හරහා යුරෝ­පය වටා සංචා­රය කරන්න පටන් ගත්තා, අප ජීව­ත්වන්නේ මේ polex ප්‍රොලෙක්ස් වාහන වර්ගයේ රථයේ. මෙම රථය මම ගත්තේ ස්විස් ෆ්රෑන්ක් 13,000කට. පසුව අපි එය ගෙයක් විදි­හට නිර්මා­ණය කළා. අපේ මෙම නිවසේ ඇඳක් තිබෙ­නවා,දවල්ට පුළු­වන් එය තප්පර කිහි­ප­ය­කින් සෝපා­වක් බවට පත් කරන්න, උයන්න පොඩි කුස්සි­යක් තියෙ­නවා, මාටිනාට හොඳට උයන්න පුළු­වන්, වාහ­නයෙ ඇල්ව­තුර, මෙන්ම උණු වතු­රත් තිබෙ­නවා, ලීටර් විස්සක් පමණ වන උණු­ව­තුර බොයි­ල­රයෙ වතුර රත් වන්නේ වාහ­නය ගමන් කරන විටයි. ඒ වතුර තමයි අපි නාන්න, කෑම පිසී­මට වෙනත් අත්‍ය­වශ්‍ය කට­යුතු සඳහා යොදා ගන්නේ...”

‘සරල ජීවි­තය’ නමින් කෘති­යක්...

සිය රෝද හතරේ ජීවි­තය පිළි­බඳ මාටිනා දැන­ට­මත් සරල ජීවි­තය නමින් කෘති­යක් ජර්මානු භාෂා­වෙන් පළ කොට තිබේ.

ඩිලන්ගේ අමු­තුම වික්‍ර­මා­න්විත ජීවි­තය පිළි­බඳ සිංහල භාෂා­වෙන් ෆේස්බුක් පිටු­වක් මඟින් තොර­තුරු පළ කරන ලෙස බොහෝ පිරිස් ඉල්ලා තිබේ. ඔහු රෝද උඩ ජීවි­තය නමින් නව ෆේස්බුක් පිටු­වක් නිර්මා­ණය කළේ ඒ අනු­වය..

ඩිලන්ගේ හා මාටි­නාගේ මෙම ජීවි­තය යුරෝ­පී­යන්ට එත­රම් විශාල විම­ති­යක් ගෙන නොදු­න්නොත් ශ්‍රී ලාංකි­ක­යින්ට එය අමු­තුම අත්දැ­කී­මක් වනවා පම­ණක් නොව ප්‍රශ්න රාශි­යක් මතු කරන එකක් වී තිබේ. ඒ අතු­රින් ප්‍රධාන වන්නේ මෙලෙස ජීවත් වෙමින් මුදල් උපයා ගන්නේ කෙසේද යන්නයි... මෙම ප්‍රශ්න­යට ඩිලාන්ට ඇත්තේ සරල පිළි­තු­රකි.

“ඔබ ජීවත් වෙන විදි­හ­ටම තමයි අපි ජීවත් වෙන්නේ, ඔය­ගො­ල්ලොන්ට නිව­හ­නක ජීවත් වෙනවා, අපි වෑන් රථ­යක ජීවත් වෙනවා, මමත් මාට්නාත් පොත් වලින් මුදල් උප­ය­නවා, දේශ­න­ව­ලින් හා චිත්‍ර­පට ප්‍රද­ර්ශන වලින් මුදල් උප­ය­නවා, ඒ විත­රක් නෙමෙයි අපි ඒ උප­යන මුදල් වලට ස්විට්ස­ර්ලන්ත රජ­යට ආදා­යම් බදුත් ගෙව­නවා, ස්විට්ස­ර්ලන්තයේ ජීව­ත්වෙන අනෙක් අය වගේම අපි මාසි­කව වෛද්‍ය රක්ෂණ මුදල් ගෙව­නවා, අපිට ඒ සඳහා පාවිච්චි කරන්නේ මාටි­නාගෙ අම්මගේ නිවසේ ලිපි­න­යයි. අපේ උව­මනා සර­ලයි. ඒක විශාල වෙන­සක්,

ඒ අත­ර­තුර මා හට තවත් ප්‍රශ්න­යක් පැන නැගිණි.වසර 4ක කාල­යක සිට කිලෝ­මී­ටර් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යා­වක් මෙම රථය ඩිලාන් තනි­වම පැදවූවාද යන්නයි. “සිය­යට අනූ­වක් විතර පදින්නේ මම, මට වෙනත් වැඩ වැඩක් තිබු­ණොත් විත­රක් නායිකා වාහ­නය පද­වන්නේ. ඒ වෙලා­වට මම කරන්නේ, ඊමේල් බල­නවා, ෆේස්බුක් බල­නවා, ලිපි­යක් ලිය­නවා වගේ දේවල්......“

ඩිලන්ගේ හා මාටි­නාගේ මේ සරල ජීවි­තය සඳහා වූ මාර්ගයේ අහ­ම්බෙන් පහළ වූවක් නොවේ. ස්ව්ට්සර්ල­න්තය වැනි රටක යහ­මින් මුදල් උප­යා­ගෙන සුඛෝ­ප­භෝගී ජීවි­ත­යක් ගත කිරී­මට අව­ස්ථාව තිබු­ණත්, සරල ජීවි­තේට ඔවුන් හුරු වී ඇත්තේ බෞද්ධ දර්ශ­නයේ අත්හැ­රීමේ ප්‍රධාන මූල­ධ­ර්ම­යට අනු­කූ­ල­වය. අත්හැ­රීම රැස්කි­රී­මට වඩා ශ්‍රේෂ්ඨ බව මෙම දෙපළ ලෝකය හමුවේ තව­දු­ර­ටත් තහ­වුරු කර­මින් සිටිති.

සේයාරූ - ශෂි සුබ්‍රමනියම්


 

Comments