කුස්සිය පාළු කරන එළවළු මිලේ ඇතුළු පැත්ත | Page 2 | සිළුමිණ

කුස්සිය පාළු කරන එළවළු මිලේ ඇතුළු පැත්ත

 

වෙළෙ­ඳ­පොළේ පව­තින එළ­වළු මිල ගණන් ශීඝ්‍ර­යෙන් ඉහ­ළ­යාම මේ දින­වල කාගේත් කතා­බ­හට බඳුන්ව ඇති මාතෘ­කා­වකි. අන් කව­ර­දා­ටත් වඩා මේ වන විට රට තුළ එළ­වළු ඇතුළු අනෙ­කුත් ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ. එයට හේතුව ලෙස වෙළෙ­ඳුන් හා කෘෂි­කා­ර්මික ක්ෂේත්‍රයේ විද්ව­තුන් පෙන්වා දෙන්නේ මේ දින­වල එළ­ව­ළු­වල ඇති හිඟ­තා­ව­යයි. පාරි­භෝ­ගි­ක­යින් එළ­වළු මිලෙහි යම් අඩු­වී­මක් බලා­පො­රොත්තු වුණත් එය තව­මත් හරි හැටි අත් විදි­න්නට නොලැ­බෙන බවට ඔවුහු මැසි­විලි නඟති. කොළඹ මැනිං වෙළෙ­ඳ­පොළ, මීගොඩ, දඹුල්ල, වැනි ප්‍රධාන ආර්ථික මධ්‍ය­ස්ථා­න­වල කැරට්, ලීක්ස් වැනි එළ­වළු තොග හා සිල්ලර මිල ඉහළ මට්ට­මක ඇති බව පව­තින මිල ගණන් අනුව පෙනේ. එළ­වළු පම­ණක් නොව මේ වන විට ලූණු ගෙඩියේ සිට පොල් ගෙඩිය දක්වාම වෙළ­ඳ­පළ මිල ගණන් වැඩිවී ඇති බවට පාරි­භෝ­ගි­කයෝ මැසි­විලි නගති. පවත්නා තත්වය හමුවේ මෙලෙස එළ­වළු මිල දිනෙන් දින වැඩි වන්නේ ඇයි ද යන්න පිළි­බ­ඳ­වත් මෙයට විස­දුම් සෙවීම සඳහා කුමක් කළ යුතුද? යන්නත් මෙවන් වක­වා­නු­වක එළ­වළු සඳහා වික­ල්ප තෝරා ගත යුත්තේ කෙසේද යන්න පිළි­බ­ඳ­වත් අපි විවිධ මත හරහා විම­සු­මක් කළෙමු.

 

කැරට්, ලීක්ස් සැප­යුම අඩුයි

 

සාමා­න්‍ය­යෙන් කැරට්, ලීක්ස් වැනි එළ­වළු කිලෝ­වක් අප මිලදි ගත්තේ රුපි­යල් 100 කටත් අඩු වූ මිල­ක­ටය. එහෙත් මේ වන විට බොහෝ එළ­වළු කිලෝ­වක තොග මිල රුපි­යල් 300 කටත් වඩා වැඩි මිලක් ඉක්මවා ගොස් තිබෙන බව පෙනේ. මීට සති දෙක තුන­කට පෙර රුපි­යල් 200ත් 220ත් අතර පැවති කැරට් කිලෝ එකක සිල්ලර මිල මේ වන විට රුපි­යල් 350ත් 500ත් අතර මිල­කත්, රුපි­යල් 200ත් 240ත් අතර පැවති බෝංචි කිලෝ එකක සිල්ලර මිල රුපි­යල් 300 ත් 400ත් අතර මිල­ක­ටත්, අලෙවි වේ. එහෙත් කැරට්, ලීක්ස්, හැර අනෙ­කුත් එළ­වළු මිල ක්‍රම ක්‍රම­යෙන් පහළ යමින් තිබෙන බව වෙළෙන්ඳෝ සඳ­හන් කරති. රුපි­යල් දෙසීය ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්, ගෝවා කිලෝ­වක තොග මිල රුපි­යල් එක­සිය විස්සත් එක­සිය පන­හත් දක්වා පහත වැටී තිබෙන බවත් ඒ අනුව රුපි­යල් පන්සිය ඉක්මවා අලෙවි වූ අමු­මි­රිස් කිලෝ­වක තොග මිල රුපි­යල් දෙසි­ය­ප­නහ දක්වා අඩු වී තිබෙන බවත්, රුපි­යල් සීය­කට ආසන්න මිල­කට අලෙවි වූ වට්ටක්කා කිලෝ­වක තොග මිල මේ වන­විට රුපි­යල් පනහ දක්වා අඩු වී තිබෙන බවත් තොග වෙළෙ­ඳුන්ගේ අදහ­සයි.

 

මිල වැඩි එළ­වළු විකු­ණන්න බැහැ

 

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් මැනිං වෙළෙඳ පොළේ වෙළෙ­දුන් සඳ­හන් කළේ, කැරට්,ලීක්ස් ,බෝංචි වෙළෙඳ පොළට ලැබීම සිය­යට හැත්තෑ­ව­කින් පමණ පහත වැටී ඇති බවයි. ‘අඩු වශ­යෙන් තමයි අපිට එළ­වළු ලැබෙන්නේ. ඒ වගේම මිල ඉහළ නිසා විකුණ ගන්න බැරිව සිල්ලර වෙළෙන්දෝ එළ­වළු අර ගන්නෙත් නැහැ. නමුත් මේ එළ­වළු මිල වැඩි වීම ඉදිරි සති කිහි­පය තුළ පහත වැටේවි කියා අපි හිත­නවා. ‘ඔවුහු පව­සති.

ලංකා­වට එළ­වළු සප­යන ප්‍රධාන ආර්ථික මධ්‍ය­ස්ථා­නය වන දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­න­යෙන් එළ­වළු මිල පිළි­බඳ විමසූ විට එහි ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කළේ කැරට්, ලීක්ස් හා බෝංචි එළ­වළු මිල ඉහ­ළ­යා­මක් දක්නට ලැබෙන බවයි. වම්බටු ,රාබු, නෝකෝල් වැනි අනෙක් එළ­වළු මිල පහත යාමක් දක්නට ලැබෙන බවයි.

එළ­වළු මිල පිළි­බඳ හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු කිරීමේ ආය­ත­නය පව­සන්නේ ඉදිරි මාස­ව­ලදී පවත්නා තත්ත්ව­යට වඩා එළ­වළු මිල අඩු වන බවයි.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් එහි අති­රේක අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් වික්‍ර­ම­සිංහ මහතා අප සමඟ පවසා සිටියේ පසු­ගිය වසරේ දෙසැ­ම්බර් අග දක්වාම ලංකා­ව­ටම බලපෑ අධික වර්ෂාව හේතු­වෙන් සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම පාහේ සිදු වූ අස්වනු විනා­ශය වෙළෙ­ඳ­පොළේ එළ­වළු හිඟ­යට හා මිල ගණන් අධි­ක­වී­මට සෘජුව බලපෑ බවයි.

ගෘහ­ණි­යන් විකල්ප සඳහා  යා යුතුයි

‘‘මිල ඉහළ යන්න මූලික හේතුව තමයි මේ වන විට එළ­ව­ළු­වල තිබෙන හිඟ තත්ත්වය. ලංකාවේ එළ­වළු වගා කරන්නේ යල-මහ කන්න­ව­ලට අනු­වයි. මාස් කන්න­යේදී එළ­වළු නිෂ්පා­ද­නය තර­මක් අඩු­වෙ­නවා. මාස් කන්නය පටන් ගන්නේ සැප්තැ­ම්බර්. එහි ඵල­දාව දෙසැ­ම්බර් ජන­වාරි වන විට ඉවර වෙනවා. දැන් තමයි එළ­වළු හිට­වලා තිබෙන්නේ. එනිසා තව මාස දෙක තුන­කින් එළ­වළු අති­රි­ක්ත­ය­කුත් වෙළෙ­ද­ප­ළට නිකුත් වෙයි කියා හිත­නවා. එළ­වළු හිඟ­වී­මට දැඩි­ලෙස බල­පෑවේ පසු­ගිය දව­ස්වල ඇති වූ ගංව­තුර තත්ත්ව­යයි. එනිසා වගා කට­යුතු පොඩ්ඩක් පස්සට ගියා. ගොවි­තැන් නිසි කලට කර­න්නට ගොවි­යන්ට නොහැකි වුණා. සාමා­න්‍ය­යෙන් වෙන වස­ර­වල මේ වගේ තත්ත්ව­යක් එළ­වළු වෙළෙඳ­පොළේ ඇති වෙන්නේ නැහැ. වෙනදා වැස්සට උතුරු මැද වියළි කලා­පය එත­රම් යට වෙන්නේ නැහැ. අපිට වර්ෂාව නිසා උඩ­රට එළ­වළු නැති වුණත් පහ­ත­රට පැත්තෙන් එළ­වළු වෙළෙඳ පොළට ලැබුණා. යාප­න­යෙන් කැරට්, බීට් ලැබුණා. මෙදා වැස්සට පොළො­න්න­රුව,ගලේ­වෙල, අනු­රා­ධ­පු­රය, යාප­නය, මන්නා­රම, පුත්ත­ලම හොඳ­ටම යට වුණා. උඩ­රට වගේම ලංකාවේ එළ­වළු වවන පහ­ත­රට ප්‍රදේ­ශත් යට වුණා. බස්නා­හිර පළාතේ අපේ ප්‍රදේ­ශ­ව­ලට වැස්සේ නැති වුණත් වියළි කලා­ප­යට හා උඩ­ර­ටට හොඳ­ටම වැස්ස වැඩි වුණා. එයින් වගා­වන් නිස­ක­ලට කර ගන්න ගොවි­යන්ට බැරි වුණා. කරපු වගා­වන් විනාශ වුණා. දැන් තමයි ඔවුන් වගා කර­න්නට පටන් ගෙන තිබෙන්නේ. එනිසා තමයි මේ හිඟය අපිට මේ තරම් තදේට දැනෙන්නේ.‘වික්‍ර­ම­සිංහ මහතා පව­සයි.

එළ­වළු සැප­යුම නිසි ලෙස පැව­ති­යත් එළ­වළු හිඟ­බව පවසා අත­ර­මැ­දි­යන් වැඩි­මි­ලට එළ­වළු විකු­ණන බවත් මෙත­රම් සීඝ්‍ර ලෙස එළ­වළු මිල ඉහ­ළ­යාම මාෆි­යා­වක් බවත් එළ­වළු මිල වැඩි­වීම පිළි­බඳ සමා­ජයේ විවිධ කතා­බහ ඇතිවී තිබේ. මේ ආකා­ර­යට එළ­වළු සඳ­හාත් රටේ මාෆි­යා­වක් ගොඩ නැඟී ඇත්ද යන්න අපි විමසා බැලුවා.

එහිදී ආචාර්ය රංජිත් වික්‍ර­ම­සිංහ මහතා පවසා සිටියේ, පවත්නා එළ­ව­ළු­වල මිල­වැ­ඩි­වීම මාෆි­යා­වක ප්‍රති­ළුල නොවන බවයි.

“අත­ර­මැ­දියො අතර මේ මාෆි­යාව සදා­කා­ලි­ක­වම තිබෙන දෙයක්. එය වෙනම කතා කළ යුතු දෙයක්. එළ­ව­ළු­ව­ලට, වී වලට විත­රක් නෙමෙයි මස්,මාළු,කිරි හැම­දේ­ක­ටම ඔය කියන මාෆි­යාව තිබෙ­නවා. ලංකාවේ කෘෂි­කා­ර්මික වෙළෙ­ඳ­පළේ වෙනම බැලිය යුතු ප්‍රශ්න­යක් තිබෙ­නවා. අපේ තර­ඟ­කාරී වෙළෙ­ඳ­පළ ක්‍රමය තුළ කව­දා­වත් ලංකාවේ බහු­තර වෙළෙ­ඳුන්ට බලය තිබෙන වෙළෙන්දා සමඟ සටන් කරන්න බැහැ. ධන­බ­ලය, දේහ­පා­ල­නය, ඇගේ හයිය මත බලය තිබෙන මිනිහා ගන්න මිලට වැඩි­යෙන් මිල ඔස­වන්න කාට­වත් ඉඩ දෙන්නේ නැහැ. එය වෙනම කතා කළ යුතු ගැට­ලු­වක්. දැන් පව­තින එළ­වළු මිල ගැන කතා කරත් දී එවන් මාෆි­යා­වක් නෙමෙයි තිබෙන්නේ. එළ­වළු නිෂ්පා­ද­නයේ හිඟ­බව තමයි මූලි­කම හේතුව. වෙන­ද­ටත් මේ අඩුව තිබුණත් මෙච්ච­ර­ටම ජන ජීවි­ත­යට එය බල­පෑවේ නැහැ. සාමා­න්‍ය­යෙන් දෙසැ­ම්බර් මාසෙ එළ­වළු පල­තුරු අඩු­වෙලා. ජන­වාරි පෙබ­ර­වාරි වන විට එය යථා තත්ත­ව­යට පත්වෙලා එළ­වළු මිල පහළ බහි­නවා. නමුත් දේශ­ගු­ණය නිසා එය මෙවර වෙනස් වුණා. ඒක තමයි සෑබෑ තත්ත­වය.‘‘

එළ­වළු මිල ඉහ­ළ­යාම වැළැ­ක්විය නොහැකිද?

 

එළ­වළු මිලේ ඇති වන උච්ජා­ව­ච­න­යන් නිසා නිතර දෙවේලේ එයින් බැට කන්නේ පාරි­භෝ­ගි­ක­යයි. පාරි­භෝ­ගි­කයා ආරක්ෂා කර­ගැ­නී­මට එළ­වළු සඳහා පාලන මිලක් ඇති කළ නොහැ­කිද? ආචාර්ය රංජිත් වික්‍ර­ම­සිං­හ­යන් පව­සන අන්ද­මට එළ­වළු සඳහා පාලන මිලක් ඇති කිරීම ප්‍රායෝ­ගි­කව සිදු කිරීම අප­හ­සුය.

“ අපේ රටේ පව­තින්නේ නිද­හස් ආර්ථික ප්‍රති­ප­ත්ති­යක්. 1977ට පෙර එළ­ව­ළු­ව­ල­ටත් පාලන මිලක් තිබුණා. ඒත් දැන් කවු­රුත් එළ­වළු සඳහා පාලන මිලක් නියම කරන්නේ නැහැ. මොකද එළ­වළු ධාන්‍ය වගේ දිගු කලක් තියා ගන්න පුළු­වන් දෙයක් නෙවෙයි. ඉතින් රජය මුල් වෙලා මුදල් යොදලා එළ­වළු ගොවි­ය­න්ගෙන් මිලදී අර­ගෙන පාලන මිලක් ඇති කිරීම අමාරු කාර්ය­යක්. වට්ටක්කා පසු­ගිය කාලයේ අති­රි­ක්ත­යක් ඇති වුණා. ගොවී­න්ගෙන් රජය සහ­තික මිල­කට වට්ටක්කා මිල දී ගත්තා. වට්ටක්කා සැලැ­සුම් කළ පරිදි විකුණා ගන්න නොහැකි වුණා. අද­ටත් ඒ පිළි­බඳ විග­ණන ප්‍රශ්න තිබෙ­නවා. එනිසා එය ප්‍රායෝ­ගි­කව කරන්න අප­හ­සුතා තිබෙ­නවා.“

ලංකාවේ වගා කරන එළ­වළු පිළි­බඳ යම් සැලැ­ස්මක් ඇති කිරීම අව­ශ්‍යයි. බෝග­ව­ගා­වන් පිළි­බඳ නිවැ­රැදි තොර­තුරු ගොවි­යාට සන්නි­වේ­ද­නය විය යුතුයි. තක්කාලි වවන්න ගත්තම හැම ගොවි­යම තක්කා­ලිම වව­නවා. සම­හර ගොවි­යන් රැල්ලට වවන එකෙන් මිදිලා විවිධ එළ­වළු වර්ග­ව­ලට යනවා. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න­තුව මෙහෙ­ය­වන 'crop look net'වෙබ් අඩෙ­විය ඔස්සේ මේ පිළි­බඳ ගොවීන් දැනු­ම්වත් කර­නවා. ඒත් ගොවීන් මෙයට කොත­රම් අනු­ගත වෙන­වද කියන එක ප්‍රශ්න­යක්. මම දකින විද­හට අද ලංකාවේ ගොවි­යන් විවිධ එළ­වළු වව­නවා. මේවා විවිධ අව­ධි­වල තියෙන් පුළු­වන්. පැළ මට්ටමේ, ලපටි මට්ටමේ, නෙලන්න ආසන්න මට්ටමේ යනා දී ලෙස. මේ ගොවීන්ගේ වගාවන් ගැන නිවැරැදි තොරතුරු එන යාන්ත්‍රණයක් අපට හදාගන්න පුළුවන්නම් එය මෙයට විසදුමක් වෙනවා. ‘‘ආචාර්ය වික්‍රමසිංහ පවසයි.

එළ­වළු මිල ඉහළ යත්දී විශාල ගැට­ලු­ව­කට මුහුණ පාන්නට සිදු වන්නේ නිවෙසේ සිටින ගෘහ­ණි­ය­ටයි. එළ­වළු මිල ගණන් වැඩි සම­යක ඇය කට­යුතු කළ යුත්තේ කෙසේද යන්න අපි පෝෂ­ණ­වේදී ඒන්. එම්. එස් හෙට්ටි­ගෙ­දර මහ­තා­ගෙන් විමසා බැලී­මට කට­යුතු කළා.

“මේ කාලයේ එළ­වළු මිල ඉහ­ළයි. ආහා­රය සඳහා එළ­වළු තෝරා ගැනීමේ දී ඇය වෙනත් විකල්ප කෙරෙහි අව­ධා­නය යොමු කිරී­මෙන් එදි­නෙදා ජීවි­ත­යට අවශ්‍ය පෝෂ­ණය ලබා ගන්න එක අප­හසු නැහැ. විශේ­ෂ­යෙන් ගමේ එළ­වළු වන කෙසෙල් මුව, පළා­වර්ග, අල පරිප්පු , මුං ඇට ,කව්පි , කඩල වගේ ධාන්‍ය ව්‍යාංජන ලෙස සකස් කර භාවි­ත­යට ගන්න පුළු­වන්. කැරට් මේ දින­වල මිලෙන් ඉහ­ළයි. කැරො­ටින් බහුල එළ­ව­ළු­වක් වන කැරට් වෙනු­වට වට්ටක්කා ව්‍යාංජ­න­ය­කින් අපිට ඒ පෝෂ­ණය ලබා ගන්න පුළු­වන්. බෝංචි වෙනු­වට දඹල, මෑ වැනි රනිල කුලේ භෝග පරි­භෝ­ජ­න­යට ගන්න පුළු­වන්. ඒ වගේම කොස්, පොලොස් , කොස් ඇට මේ වගේ දේවල් පරි­භෝ­ජ­න­යට ගනන පුළු­වන්. ඒ වගේම ඔබේ ගෙවත්තේ ඉඩ කඩ තිබෙ­නවා නම් මල් පෝච්චි­වල හෝ පහ­සු­වෙන් සකසා ගත් හැකි එළ­වළු වගා කර තබා ගැනීම මේ වගේ කාල­ය­කදී ඉතාම වැද­ගත් වෙනවා.“ ඔහු පව­සයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු දෛනික මිල වාර්තා­වන්ට අනුව පසු­ගිය වසරේ සිට මෙම ජන­වාරි මාසය දක්වා කාලය තුළ එළ­වළු මෙන්ම තවත් ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇති බව මාධ්‍ය­යට වාර්තා වෙයි. හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි පර්යේ­ෂණ ආය­ත­නයේ එළ­වළු මිල ගණන් පිළි­බඳ වාර්තා­වන්ට අනු­වත් මේ බව තහ­වුරු වෙයි. කොළඹ මැනිං වෙළෙඳ පොළේත්, දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­න­යේත් 2018,2019 වස­ර­වල හා 2020 ජන­වාරි අතර කාල පරාස සසඳා බලන විට එළ­වළු මිල එක­කට එකක් නොදෙ­වෙනි ලෙස ඉහළ ගොස් ඇති බව තහ­වුරු වෙයි. කැරට් ලීක්ස්, බෝංචි, බීට් වැනි ප්‍රධාන එළ­වළු වර්ග­වල මිල සෑහෙන ප්‍රති­ශ­ත­ය­කින් ඉහළ ගොස් ඇති අයුරු පහත සඳ­හන් වගුව ඔස්සේ දැක ගත හැක.

 

Comments