ජාති­වා­ද­යට අපේ මැති­ව­රණ ව්‍යාපා­රය යට වුණා | සිළුමිණ

ජාති­වා­ද­යට අපේ මැති­ව­රණ ව්‍යාපා­රය යට වුණා

 

විකල්ප බල­වේග ධාරාවේ ඇති අඩු­පාඩු මෙන්ම ගම් මට්ට­මින් පවත්නා අඩු­පාඩු සම්බ­න්ධව අද කතා බහට එක්වන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ මධ්‍යම කාරක සභික හිටපු බස්නා­හිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් ආර්. වට­ගල මහ­තායි.

 

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔබ පක්ෂය ප්‍රමු­ඛව ජාතික ජන බල­වේ­ග­යෙන් ඉදි­රි­පත් වුණු අපේ­ක්ෂ­ක­යාට ඇපත් නැති­වුණා, මොකද වුණේ...

මේ මැති­ව­ර­ණ­යේදී අපට පැහැ­දි­ලි­වම පෙනී ගිය කරු­ණක් තමයි ඡන්ද හැසි­රීම අති­ශය ජාති­වාදී එකක් වූ බව. ඒකට ජන­තා­වගේ පැත්තෙන් වගේම වගේ මැති­ව­ර­ණය මෙහෙ­ය­වපු අය විවි­ධා­කාර බිල්ලො මැව්වා, මුස්ලිම් විරෝ­ධය, ද්‍රවිඩ විරෝ­ධය මැව්වා, සිංහල බෞද්ධ පද­නම කියන එක සත්‍ය නොවන ආකා­ර­යට විකෘති නොවන චිත්‍ර­යක් මවා­පා­මින් මැති­ව­ර­ණය ප්‍රති­ඵ­ලය ඔවුන්ට ලාභ­දා­යක වන ආකා­ර­යට ඔවුන් ගෙන ගියා.

රට ජාතිය රකින්න නම් ගෝඨා­භය ගෙන ආ යුතුයි කියන මතය සමා­ජයේ ස්ථාපිත කළා. ඇත්තෙන්ම රට ජාතිය විනාශ වන තර­මට තර්ජ­න­යක් එල්ල වෙලා නැහැ.

අපේ මැති­ව­රණ ව්‍යාපා­රයේ තිබුණේ ජාතික සම­ඟිය කරා ගෙන යා යුතු ක්‍රම­වේ­ද­යක්.

 

ඔබ එහෙම කිව්වත් ගුරු කන්දේ නායක හිමි­යන්ගේ ආදා­හ­නය කරන්න දුන්නෙ නැහැ, මුහුදු මහ විහා­රය විනාශ කර­නවා,....

මම සිද්ධි­මය වශ­යෙන් කිසි­වක එල්ලෙන්නේ නැහැ. නමුත් මොන පන්ස­ලේද කියන්න හාමු­දු­රු­වන්ගේ දේහය පන්සල් වත්තේ ආදාහනය කරන්නෙ.

ජාති­වා­දය හරහා සිදු කළ දේවල් තමයි ඉස්ස­ර­හට ගෙනාවේ. නාමල් කුමාර අද අම්පාර සංවි­ධා­යක කෙනෙක්. සාෆිට අද මොකද වෙලා තියෙන්නේ.

 

ඔබ සිද්ධි­මය වශ­යෙන් නොසැ­ල­කු­වත් මුහුදු මහ විහා­රය පම­ණක් නෙමෙයි මුතූ­ර්වල විහා­ර­යක් ඩෝසර් කළා. මඩ­ක­ළ­පු­වේත් එසේ­මයි. මේ කිසි­වක් ගැන රජය අව­ධා­නය යොමු කෙළේ නැහැ. ඔඹ ඒ ක්‍රියා­වන් අනු­මත කර­න­වාද?

කිසි­සේත්ම අනු­මත කරන්නේ නැහැ. ඒ සිදු­වීම්බ විත­රක් නෙමෙ­යිනෙ. සහ­රාන්ගේ ප්‍රහා­ර­යෙන් පසුව හෝ ජාතික සම­ගිය රකින්න ආණ්ඩුව මොන­වද කෙළේ. දිගන සිද්ධිය පිටු­පස කවුද හිටියෙ, කුරු­ණෑ­ගල, ගම්පහ මිණු­ව­න්ගොඩ සිදු­වීම් පිටු­පස කවුද හිටියෙ කියල අද රටම දන්නවා. ඒ හරහා තමයි සිංහල ජන­තාව මුළා කරලා ඡන්ද පද­නම අල්ලා ගත්තෙ.

 

නමුත් සෝදිසි මෙහෙ­යු­ම්ව­ලදී කඩු දහස් ගණන් හමු­වුණා. ඒ ගැන ඔබ මොකද කියන්නේ.

ජාතික සම­ඟිය නැති වීමේ විපා­කය තමයි ඒ. ජාති­වා­දය සිංහල, දෙමළ හා මුස්ලිම් වශ­යෙන් තුන් ආකා­ර­ය­ටම තියෙ­න­වානෙ. කිසි­දාක හම්බ­න්තො­ටට සම්බන්ධ නොවිච්ච හිස්බුල්ලා ඒක නිසානෙ හම්බ­න්තො­ටින් ඡන්ද 800ක් ගත්තෙ. දෙමළ ජාතික සන්ධා­නයේ මෙහෙ­ය­වීම මත උතුරේ ඡන්ද සජිත් ප්‍රේම­දාස මහ­තාට ලැබුණෙ. ඒ වගේම තමයි ඒකා­බද්ධ විප­ක්ෂයේ මෙහෙ­ය­වීම මත දකුණේ ඡන්ද ගෝඨා­භය මහ­තාට ලැබුණෙ.

නමුත් ජාතික ජන බල­වේ­ග­යට ඡන්ද ලැබුණෙ කොහෙන්ද කියන එක ගැන කාට­වත් ජාති­වාදී අද­හස් පව­සන්න බැහැ.

අපිට ලැබුණු ඡන්ද 418000ක් වුණත් අපි ජාති­වාදී ආක­ර­යෙන් නෙමෙයි ඡන්ද ගත්තේ.

 

ඉතින් ගෝඨා­භය මහතා බල­යට පත් වුණේ ඒ ජාති­වා­දය පරා­ජය කරන්න කිව්වොත් ඔබ මොකද කියන්නෙ.

ඒක පරා­ජය කෙළේ ආයිත් ජාති­වා­ද­යක් හර­හානෙ, එතැ­නම ගැට­ලුව නිර්මාණ්‍ය වෙන­වානේ. රටේ ජනා­ධි­ප­ති­ව­ර­යා­ටම කිව්ව­හම තමන් බල­යට ආවේ සිංහල බෞද්ධ ඡන්ද­ව­ලින් කියලා අනෙක් ජාතින්ගේ ජාති­ක­ත්වය ගැන මොකද වෙන්නේ

 

ඔබ පක්ෂයේ ඉදිරි වැඩ කට­යුතු මොන­වාද?

අපි විශ්වාස කරන්නෙ නැහැ මේක ජය­ග්‍ර­හ­ණ­යක් කියලා, ජාතික සම­ඟිය තේමා කර­ගත් ජන­තා­වට ඇති­වන ආකා­රයේ ජන­තාව සංවි­ධා­නය කළ යුතුයි. අපි ඒ කාර්යය දිග­ටම කර­ගෙන යනවා.

 

ජාතික ජන බල­වේ­ගය යට­තේද ඒ කට­යුතු සිදු කෙරෙන්නේ.

අනි­වා­ර්යෙන්ම ඒ හරහා තමයි සිදු කෙරෙන්නේ, මේ වන විට අප සමඟ සංවි­ධාන 32ක් එක් වෙලා ඉන්නෙ. ඒ අය සමඟ අපි ඉස්ස­ර­හට යනවා.

 

ඒ කියන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ කාලය ඉව­ර­යිද?

ජනතා විමුක්ති පෙර­මුණ එහෙ­මම තියෙ­නවා, අපි පුළුල් පෙර­මු­ණක් හරහා කට­යුතු කර­නවා. ඒ පෙර­මු­ණට නාය­ක­ත්වය සප­යන්නේ ජනතා විමුක්ති පෙර­මුණ විසින්.

 

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඇපත් නැති වුණා. නාය­ක­ත්වයේ වෙන­සක් අපේක්ෂා කර­න­වද?

එහෙම කිසි­සේත්ම අවශ්‍ය නැහැ. ඒ නාය­ක­ත්වය හොඳින් ලැබෙ­නවා. කිසි කෙනෙක් ඒ ගැන වාද භේද නැහැ. මාධ්‍ය­යට එය ගැට­ලු­වක්ද දන්නෙ නැහැ. අපට නම් ගැට­ලු­වක් නැහැ.

 

ඔබ පක්ෂ­යෙන් ජන­තාව ඈත් වෙන්නෙ ප්‍රති­ප­ත්ති­වල තියෙන ප්‍රශ්න­යක් වෙලා කියල මම කිව්වොත්.....

 

නැහැ, එහෙම කිසි විදි­හ­කින් වෙන්න විදි­හක් නැහැ, අපේ ප්‍රති­පත්ති ජාති­වා­ද­යට නෙමෙයි, ජාතික සම­ඟිය උදෙ­සායි. අපි පෙනී සිටින්නේ ජාතික සම­ඟිය වෙනු­වෙන්. මැති­ව­ර­ණයේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රති­ඵල ජාති­වාදී ලෙසින් එළි­යට ආවේ.

 

ඔබ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක­ටම ඡන්දය දුන්න සියලු දෙනාම ජාති­වා­දීන් කිය­ලද?

අපේ ප්‍රති­ඵ­ලය හැරු­ණම අනෙක් ඒවා ජාති­වාදී පද­න­මින් හමු­වෙලා තියෙන්නෙ.

 

ඔබ හිතන විදි­හට ජන­තාව ඇයි පක්ෂය ප්‍රති­ක්ෂේප කරන්නෙ.

පටු පෞද්ග­ලික අර­මුණ තමයි බොහෝ ප්‍රති­ඵල සමඟ තියෙන්නේ. ජන­තාව ඒ කරු­ණු­ව­ලට රැව­ටිලා තියෙන්නෙ. ඒ නිසා තමයි මේ ප්‍රති­ඵ­ලය ආවේ.

 

විප­ක්ෂයේ සියලු බල­වේග එක් තැන් කරන්න ක්‍රම­වේ­ද­යක් ගෙන ඒමේ සූදා­න­මක් නැත්ද?

ඉදිරි මැති­ව­ර­ණ­යේදී අපි බලා­පො­රොත්තු වෙනවා එක්ව කට­යුතු කර­න්නට. එය සාර්ථක වෙයි කියන පද­න­මක් තියෙ­නවා.

 

ඉස්සර සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බල­වේ­ග­යක් හරහා බලය ගොඩ නැංවූවා, ඇයි ඔබ පක්ෂ­යට මේ තත්ත්ව­යට එන්න බැරි,

අපි සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර් මේ සියලු දෙනා­ටම එක්ව විසිය හැකි රටක් නිර්ා­මණ්‍ය කර­න්නයි මේ කට­යුතු කරන්නේ.

 

පසු­ගිය දින­වල සිදු කළ රාජ්‍ය පත්වීම් ඔබ දකින්නේ කුම­නා­කා­ර­යෙන්ද?

පී.බී. ජය­සු­න්දර මහ­තානෙ ජනා­ධි­පති ලේකම් ලෙස පත් කර තිබෙන්නේ. ඔහු වරාය ඉඩ­මක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යෙන් රුපි­යල් ලක්ෂ 5ක දඩ නිය­ම­වූ­වෙක්, ඒ විත­රක් නෙමෙයි ඔහුට රජයේ රැකියා කරන්න එපා කිය­ලත් අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් ලබා දුන්නා. එවන් අයෙක් රටේ ඉහ­ළම රාජ්‍ය නිල­ධා­රියා ලෙස පත් කිරීම සුදුසුද?.

ප්‍රධාන පක්ෂ දෙක වටාම ඇයි මේ ජන­තාව කැර­කෙන්නේ...

අපි ජන­තා­වට කියන්නෙ අපිව තේරුම් ගන්න කිය­ලයි, ජන­තාව අප ව කවදා හෝ තේරුම් ගනීවි. අන්ත පටු­වා­ද­යට ජන­තාව අහු­වෙලා තියෙන්නෙ. ජන­තාව තේරුම් ගනියි ඇත්ත මොකක්ද කියලා.

 

මහ මැති­ව­ර­ණ­යේදි මොකද කරන්නේ...

මේ ආකා­ර­යෙන්ම තමයි ඉදි­රි­යට කට­යුතු කරන්නේ. සියලු බල­වේග අපි එක්තැන් කර ගන්නයි සූදා­නම් වෙන්නේ.

 

ගම් මට්ට­මෙන් ජන­තා­වගේ සහාය ලබා ගන්නේ කොහො­මද?

මෙවර අපේ තැපැල් ඡන්ද ප්‍රති­ශ­තය 6% ඉක්මවා ගියා. ඒ තත්ත්වය ගම් මට්ට­මින් වැඩි කර ගන්න අපි ඉදි­රි­යේදී කට­යුතු කර­නවා.

 

ඔබ පක්ෂයේ ග්‍රාමීය ජන­තාව සමඟ වැඩි­යෙන්ම සම්බන්ධ වන නාමල් කරු­ණා­රත්න, සමන්ත විද්‍යා­රත්න වැනි අය මධ්‍යම කාරක සභා­වේත් ඉන්නවා. එවන් තත්ත්ව­යක් තුළ ඇයි මේ විදි­හට ගමේ ජන­තාව පක්ෂ­යෙන් ඈති වුණේ.

සාර්ථක මැති­ව­රණ ව්‍යාපා­ර­යක් ගෙනි­ච්චත් ඒ සියලු දේ ජාති­වා­ද­යට යට වුණා.

 

Comments