‘සිරි­කොත’ කැරැ­ල්ලෙන් සජිත් හාන්සියි | සිළුමිණ

‘සිරි­කොත’ කැරැ­ල්ලෙන් සජිත් හාන්සියි

බෞද්ධ උප­දේ­ශක සභාව සිව්වන වර­ටත් ඉකුත් 24දා ජනා­ධි­පති කාර්යා­ල­යේදී රැස්වුණේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ගේ ප්‍රධා­න­ත්ව­යෙනි. මෙදින රැස්වීම පැය දෙක­කින් නිම කිරී­මට සැල­සුම් කර තිබු­ණද එය පැය හත­ර­කට ආසන්න කාල­යක් පැවැ­ත්විණ. මෙදින රැස්වීමේ දී වැඩිම වෙලා­වක් ගත­වූයේ මෙරටේ පුරා­විද්‍යා වටි­නා­කම් ඇති ස්ථාන රැක ගැනී­මට ගත යුතු පිය­වර ගැන කතා කර­න්න­ටය. අව­සා­න­යේදී පුරා­විද්‍යා පනත සංශෝ­ධ­නය කර­න්නත් ඒ සඳහා තොර­තුරු රැස් කිරී­මට කමි­ටු­වක් පත් කර­න්නත් එක­ඟ­තා­ව­කට පැමි­ණි­යේය. එමෙන්ම පුරා­විද්‍යා විෂය සඳහා වාර්ෂි­කව රජය වෙන් කරන මුදල ප්‍රමා­ණ­වත් නොවන බැවින් මැති­ව­ර­ණ­යෙන් පසුව ඉදි­රි­පත් කරන අය - වැය ලේඛ­න­යෙන් වැඩි මුද­ලක් වෙන් කර­දී­මට ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී එකඟ වී ඇත. පුරා­විද්‍යා වටි­නා­කම් ඇති ස්ථාන රැක ගැනී­මට ඒ පිළි­බඳ අව­බෝ­ධ­යක් ඇති අය යෙද­වී­ම­ටද මෙහිදී තීර­ණය කෙළේය.

"අපෙ හාමු­දු­රු­වනේ පසු­ගිය රජය කාලේ පුරා­විද්‍යා උපා­ධි­ධා­රින් සුග­ත­දාස ක්‍රිඩාං­ග­ණයේ වැඩට යොදවා තිබෙ­නවා"යැයි ජනා­ධි­ප­ති­ව­රයා කීවේ තමන්ට ලැබී තිබුණ තොර­තුරු ගැන හෙළි­ද­ර­ව්වක් කර­මිනි.

කෙටි විවෙි­ක­යක් ලබා ගෙන සිටි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ නැවත මහ­ජන හමු සඳහා සහ­භාගි වීමට තීර­ණය කළේ ඉකුත් 25 වැනි­දාය. ඒ අනුව ඉකුත් සතිය පුරා මාතර, කුරු­ණෑ­ගල, කොළඹ, ගම්පහ හා කළු­තර දිස්ත්‍රි­ක්ක­වල පැවැති ජන­හමු හත­ළි­හ­කට පමණ ජනා­ධි­ප­ති­ව­රයා සහ­භාගී විය.මෙි ජන­හමු වලදී ජන­තාව ඉදි­රි­පත් කළ කරු­ණු­ව­ලට ඇහු­ම්කන් දුන් ජනා­ධි­ප­ති­ව­රයා මැති­ව­ර­ණ­යෙන් පසුව පත්වෙන ආණ්ඩුවේ අමා­ත්‍යාං­ශ­යක් යට­තට පෙර පාසැල් විෂය ඇතු­ළත් කරන බවද පෙර පාසැල් ගුරු­ව­රුන්ට මාසි­කව දීම­නා­වක් ලබා දීමට කට­යුතු කරන බවද මාත­රදී සද­හන් කෙළේය.

මධ්‍යම අධි­වෙිගි මාර්ගයේ ඉදි­කී­රිම් කට­යුතු කඩි­නම් කරන ලෙස විෂය භාර අමා­ත්‍ය­ව­ර­යාට උප­දෙස් දුන්නේ කුරු­ණෑ­ගල ජන­හ­මු­ව­ලදී ජන­තාව ඉදි­රි­පත් කළ කරැණු සැල­කි­ල්ලට අර­ගෙ­නය. මත්ද්‍රව්‍ය ජාවා­රම් පිළි­බ­ඳව ජන­තාව දන්නා තොර­තුරු නිර්නා­මි­කව ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට ලියා එවැ­න්නැ­යිද ජනා­ධි­පති කුරු­ණෑ­ගල දී ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය. මොර­ටු­වට ගිය ජනා­ධි­ප­ති­ව­ර­යාට එහිදී ජන­තාව ඉදි­රි­පත් කළ ප්‍රධා­නම ගැට­ලුව වූයේ ගෘහ භාණ්ඩ අලෙවි කර ගැනීමේ දුෂ්ක­ර­තා­වයි.

"මම රජයේ කන්තෝ­රු­ව­ලට උප­දෙස් දීල තිබෙ­නවා රජයේ කාර්යා­ල­ව­ලට ලී උප­ක­රණ ගැනී­මේදී ලංකාවේ නිෂ්පා­ද­නය කරන ඒවා විත­රක් ගන්න කියල. ඒක ක්‍රියා­ත්මක වෙන කොට ඔයා­ලට ලොකු සහ­න­යක් ලැබෙයි" ජනා­ධි­ප­ති­ව­රයා කීවේ මොර­ටුවේ ගෘහ භාණ්ඩ නිෂ්පා­ද­නයේ යෙදී ඉන්නා පිරි­සක් අම­ත­මින්ය. මොර­ටුවේ දී ජනා­ධි­ප­ති­ව­ර­යාට තවත් අලුත් අත්දැ­කී­ම­කට මුහුණ දීමට සිදු විය. මොර­ටුව ජන­හ­මුවේ ජනතා ප්‍රශ්න­ව­ලට ඇහු­ම්කන් දෙමින් සිටි­යදී ජන­තාව අත­රින් ජනා­ධි­පති ඉදි­රි­යට පැමිණි පුංචි දැරි­යක් "මම ආවෙි කවි­යක් කියන්න" කිය­මින් කවි­යක් කීවේ කට පාඩ­මින්ය.

"තවත් වරක් රට බේරා ගත් ඔබ

රට වැසි­යන් රැක ගන්නට පළ­මුව

කළ හැකි විය ගත් තීරණ හැම­විට

සැබෑ ලෙසම නාය­කයා ඔබ­මය"

යනු­වෙන් කවිය කියා නිම කළ දැරිය ජය වේවා මාමේ " කීවේ ජන­ප­ති­ටය." හරි ලස්ස­නයි ඔයාගේ කවිය. ඔයාගේ නම මොකක්ද" ජනා­ධි­ප­ති­ව­රයා ඇසු­වේය. "මගෙ නම සෙත්මිණි ජය­වීර වයස අවු­රුදු නව­යයි" ඇය කියා­ගෙන ගියාය.

අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්ට නම් මේ දින­වල විවේ­ක­යක් ඇත්තේම නැත. දින­පතා ජන­හ­මු­ව­ලට සහ­භාගි වන ඔහු ඒ හැම ජන­හ­මු­ව­ක­දීම ඒ ප්‍රදේ­ශය නියෝ­ජ­නය කරන අපේ­ක්ෂ­කයා සම්බ­න්ධ­යෙන් විශේ­ෂ­යෙන් යමක් සඳ­හන් කිරී­මට අම­තක කර­න්නේම නැත. ඉකුත්දා කොට්ටාවේ පැවැති ජන­හ­මුව සංවි­ධා­නය කර තිබුණේ දිනේෂ් ගුණ­ව­ර්ධන කොළඹ දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ කණ්ඩා­යම් නාය­කයා විසිනි. එහිදී අග­මැ­ති­ව­රයා වෙන තැන් වලදී නොකි­යන කතා­වක් කීවේය.

"මේ රටේ ප්‍රශ්න­යක් ඇති වුණ හැම වෙලා­වෙම අපි වෙනු­වෙන් ඒ ප්‍රශ්න විස­දන්න පෙර­මුණ ගත්තේ දිනේෂ් ගුණ­ව­ර්ධන බව අම­තක කරන්න එපා. මම අද විශේ­ෂ­යෙන් ඔබ­තු­මා­ලා­ගෙන් ඉල්ලන්නෙ මේ මැති­ව­ර­ණයේ දී පොහො­ට්ටුව ඉදි­රියේ කති­රය ගහල ඔබේ පළමු මනා­පය අංක 13 ට දීල දිනේෂ් ගුණ­ව­ර්ධන කොළ­ඹින් වැඩිම මනාප ගත් අපේ­ක්ෂ­කයා විදි­යට පාර්ලි­මේ­න්තු­වට එවන්න කිය­ලයි."

අග­මැ­ති­ව­රයා කියද්දී ඔල්ව­ර­සන් දුන් ජන­තාව සමඟ වේදි­කාවේ සිටි අයද හුන­ස්නෙන් නැගිට අත්පො­ළ­සන් දෙන්නට විය. අග­මැ­ති­ව­රයා සිය කතාව අව­සන් කර වේදි­කා­වෙන් බැස යද්දී ඔහුට ආචාර කීරි­මට ඔහු අස­ලට පැමිණි දිනේෂ් ගේ පුත් යදා­මිණි ගුණ­ව­ර්ධ­නගේ උර හිසට අත­තබා අග­මැති කීවේ "දැන් ඉතින් බොර­ළු­ගොඩ පර­පුරේ ඊළඟ සිංහයා ඔයා තමයි" යනු­වෙනි.

ඉකුත් බදාදා උදෙන්ම අග­මැ­ති­ව­රයා ගේ දුර­ක­ත­නය නාද විය. ශාරි­රික ව්‍යායාම් සඳහා යෑමට සුදා­න­මින් සිටි අග­මැ­ති­ව­රයා දුර­ක­ත­නය අතට ගෙන "හලෝ ආ ..ඔයා නෙ මොකද උදෙන්ම." අසද්දී අග­මැ­ති­ව­ර­යාට ඇම­තුම දුන් අය අග­මැ­ති­ව­ර­යාට අලුත් නොවන කාර­ණ­යක් ගැන අග­මැ­ති­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කිරීම නිසාදෝ ඔහුට දිගු පිළි­තු­රක් දුන්නේය.

"ඔව් මම දන්නවා බෝග­ම්බර හිර ගෙදර හෝට­ල­ය­කට දෙනවා කියල ලොකු ප්‍රචා­ර­යක් ඇරලා. ඒක ඇත්ත වගේ හැඟෙන්න තවත් කාරණා එකතු කරල තියෙ­නවා. අපේ විරු­ද්ධ­වා­දීන් හිතා­ගෙන ඉන්නෙ මෙහෙම බොරු ප්‍රචා­රය කරල ජන­තාව අපිට දෙන ඡන්දය වළ­ක්වන්න පුළු­වන් වෙයි කියල. ඔයා­ලත් මගෙන් අහන්නේ ඕවා හොයල බලලා මාධ්‍ය­යෙන් ඇත්ත කියන්න පුළු­වන්නෙ"

එසේ කිව් මහින්ද රාජ­ප­ක්ෂ­යන් දුර­ක­ත­නය විසන්ධි කර "සම­හර මාධ්‍ය­යත් අපි මොකක් හරි එක­කට හිර කර ගන්න­මයි බලන්නේ" කීවේ එහි සිටි ඔහුගේ තවත් හිත­වත් මාධ්‍ය­වේ­දි­යකු සම­ඟය.

මැති­ව­රණ උණු­සුම ඇතුළේ ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන අමා­ත්‍ය­ව­ර­යාගේ පුතා ගේ විවාහ මංග­ල්‍යය සිදු­වුණේ ඉකුත් බදාදා බත්ත­ර­මුල්ල වෝට­ර්එජ් ශාලා­වේ­දීය. අග­මැති මහින්ද රාජ­පක්ෂ, දිනේෂ් ගුණ­ව­ර්ධන මෙම මංගල උත්ස­වට සුසිල් ප්‍රේම­ජ­යන්ත සහ­භා­ගිවී සිටි­යහ. සුසිල් සහ­භාගි වූයේ බන්දුල පවු­ලට අලු­තින් සම්බන්ධ වූ නෑ පර­පුරේ සමා­ජි­ක­යකු ලෙසය. බන්දුල ගේ දෙටු පුත් අති­නත ගත්තේ සුසිල් ප්‍රේම් ජයන්ත් ගේ බිරිඳ ගේ නංගිගේ දිය­ණි­යක සම­ඟය.

මීරි­ගම පැවැති ජන­හ­මු­වක් නිමා කර අග­මැති මහින්ද මේ මංගල උත්ස­ව­යට සහ­භාගී වන විට රාත්‍රි නව­යට ආස­න්නව තිබිණි. උත්සව­යට පැමිණි මහින්දව පිළි­ගන්න බන්දුල සුසිල් සමඟ පවුලේ ඥාතීන්ද සම්බන්ධ විය. සුසිල් දුටු මහින්ද " ආ...සුසිල් දැන් බන්දුල ගේ මස්සිනානෙ නේද ' අස­මින් බන්දුල හා සුසිල් ගේ කරට අත­තබා ගෙනම උත්සව ශාලා­වට ඇතුල් විය.රාත්‍රි භෝජන සංග්‍ර­හය සුදා­නම් වන තුරු සතුටු සාමි­චීයේ යෙදී සිටි බන්දුල සුසිල් දිනේෂ් හා අග­මැති මහින්ද " මේවාත් සජිත්ලා දැන ගත්තාම පවුල් දේශ­පා­ල­නය කියයි. දැන් මෙත­නම දිනේෂ්, බන්දුල, සුසිල් නැදැ­යෝනෙ නේද?"මහින්ද කීවේ බන්දුල ගේ අතක් අල්ලා ගෙනය.

රාත්‍රී භෝජන සංග්‍ර­හය බුක්ති විඳින්න මහින්ද ඇතුළු පිරිස හුන් තැනින් නැගි­ටින විට උත්ස­ව­යට සහ­භාගි වූ බොහෝ පිරි­සක් ජංගම දුර­ක­තන අතැ­තිව මහින්ද දෙසට දුව ආවේ සෙල්ෆි ගන්න­ටය. අද මේ උත්වයේ මන­මා­ලයා මම නෙමෙයි බන්දුල ගේ පුතා. එයත් එක්ක ෆොටෝ ගන්න.

හැබැයි අගෝස්තු පස්වැ­නි­දා­යින් පස්සේ 16න් තරග කරල මන­මා­ලයා වෙන්නෙ මෙන්න මෙයා. මෙයා ගේ උපන් දිනේම මෙවර මනාප අංකය වුණේ වාස­නා­ව­ක­ටද කොහේදෝ කිය­මින් මහින්ද ළෙන්ග­තුව සිනා සෙමින් බන්දුල ගේ පිටට තට්ටු­වක් දැම්මේය. මේ නිසා භෝජන ගැනීම පරක්කු වුයෙන් මැදි­යම් රැය ආසන්න වන තුරුම මහින්ද එහි සිටි අය සමඟ සුහඳ පිළි­ස­ඳ­ර­කද යෙදු­ණේය.

බැසිල් රාජ­පක්ෂ ඉකුත්දා මීග­මු­වට ගියේ නිමල් ලන්සා සංවි­ධා­නය කර තිබු කාන්තා සමු­ළු­ව­කට සහ­භාගි වීම­ටය. ප්‍රසන්න රණ­තුංග ද ඊට එක්විය. බැසිල් හා ප්‍රසන්න එහි යන විටත් ශාලාවේ අතුරු සිදුරු නැතිව කාන්තා­වන් ගෙන් පිරි තිබුණි. ඒ දුටු ප්‍රසන්න "ලාන්සාට කාන්තාවෝ හුඟක් ආක­ර්ෂ­ණය කර ගන්න පුළු­වන්."යැයි කීවේය."ඒක නම් ඇත්ත"බැසිල්ද ප්‍රස­න්නට අත්වැල් ඇල්ලු­වේය. බැසිල් ප්‍රසන්න හා ලාන්සා මේ සමු­ළුව අත­ර­තුර සුහද කතා බහ­කද නිරත විය. "ප්‍රසන්න ඔයා විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් ගේන්න හුඟක් මහන්සි වෙනවා. ඒක හොඳයි. කොහේ හිටි­යත් අපි අපේ රටේ ජන­තාව ගැන හිතන්න ඕන. ලෝකයේ හැම ගුව­න්තො­ටු­ප­ළක්ම වහල තියෙද්දී ඔයා කටු­නා­ය­කින් ඒ අයව ගෙන්වා ගන්න මහන්සි වුණ එක ගැන හුඟක් අය ඔයාට ප්‍රසා­දය පළ කර­නවා." බැසිල් කීවේය. "මේ මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල අපිට වාසි­දා­යක විදි­යට තියෙ­නවා කියන එක ගැන නම් මට සැක­යක් නෑ. හැබැයි කොවිඩ් නිසා ඡන්දය දාන්න යන අය අඩු වෙන්න පුළු­වන් " බැසිල් නැවත කියද්දී "සර් ඡන්දය දාන්න යන්නෙ නැත්තේ යුඑන්පි එකේ අයයි. එජා­පය දෙකට කැඩුණ නිසා හුඟක් අය කල­කි­රිලා.

අපි එක්කත් ඒ හුඟ දෙනෙක් එක­තු­වෙලා ඉන්නවා" යැයි ප්‍රසන්න කීවේය. "ඔව් සර් මීග­මුව වත්තල ප්‍රදේ­ශ­වල එජාප පාක්ෂි­ක­යන් බුරුතු පිටින් අපට එකතු වෙනවා" ලාන්සාද කීවේය."ඒක හොඳයි. ඒ අය අපිට එක­තු­කර ගෙන ඡන්දය දාන්න ඒ අයත් අපේ අයත් ඔක්කොම ඡන්ද පොළට යවන්න ඕන" බැසිල් උප­දෙ­සක් දුන්නේ ප්‍රස­න්නට හා ලාන්සා යන දෙදෙ­නා­ට­මය.

සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස පසු­ගිය සති­යේදී තමන්ගේ සුපු­රුදු මැති­ව­රණ දිස්ත්‍රි­ක්කය වූ හම්බ­න්තො­ටට ගියේය. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව හම්බ­න්තොට මැති­ව­රණ කට­යුතු සඳහා සජිත් සහ­භාගී වූයේ පළමු වතා­ව­ටය. තිස්ස­ම­හා­රාම ආස­නයේ පළමු රැස්වීම පැවති අතර දිස්ත්‍රි­ක්කයේ අනෙක් ආස­න­වල පැවැති රැස්වී­ම්ව­ල­ටද සජිත් සහ­භාගී වුණේය. සජිත් තිස්ස­ම­හා­රා­ම­යට පැමිණි විට ජන­තාව සංවේදී වූයේ තමන් සමඟ අවු­රුදු විස්සක් දේශ­පා­ල­නය කළ නාය­ක­යාට තිබෙන ආද­රය පෙන්ව­මිනි.

"සර් ආයි­මත් හම්බ­න්තො­ටට එන්න" කාන්තා­වක් කීවේ ඇඩු කඳු­ළිනි.

"මම අවු­රුදු විස්සක්ම දේශ­පා­ල­නය කළේ හම්බ­න්තොට ඔය අය එක්ක. මම කදා­වත් ඔය අය දාලා යන්නේ නෑ" සජිත් ද කීවේ තර­මක් සංවේදී වෙමින්ය.

තිස්ස­ම­හා­රා­මයේ රැස්වී­මෙන් පසුව හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ තවත් රැස්වීම් මාලා­ව­කට සහ­භාගී වූ සජිත් තමන්ගේ සුපු­රුදු දේශ­පා­ලන හිත­ව­තුන් සමග බොහෝ වේලා­වක් ගත කිරී­ම­ටද අම­තක කළේ නැත.

රට පුරාම රැස්වීම් පව­ත්ව­මින් යන සජිත් රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ නිවි­ති­ගල ආස­නයේ රැස්වී­ම්ව­ලට යන විට මහා වරු­සා­වක් ඇද වැටෙ­මින් තිබු­ණේය. මහ වැසි නොතැකූ ජන­තාව එහි පැමිණ සිටියේ සජිත්ගේ කතාව ඇසී­ම­ටය. මහ වැසි නිසාම සජිත්ගේ වාහ­නය වේදි­කාව අස­ලට ගැනී­ම­ට­වත් නොහැකි විය.

"සර් අපි වැස්ස ටිකක් පෑව්වට පස්සේ වේදි­කා­වට යමු"ආර­ක්ෂක නිල­ධා­රි­යෙක් සජිත් අස­ලට පැමිණ කීවේය.

"මේ මිනිස්සු මහ වැස්සේ මම එන­කම් බලා­ගෙන ඉන්නවා. මට වාහ­නය ඇතු­ළට වෙලා තෙමෙන්නේ නැතිව ඉන්න කිය­ලාද ඔයාලා කියන්නේ. මට ආද­රය කරන මිනිස්සු බලා­ගෙන ඉන්න­කොට මට මෙහෙම ඉන්න බෑ"

තර­මක් තදින් ආර­ක්ෂක නිල­ධා­රි­යාට කතා කළ සජිත් වාහ­න­යෙන් බැස වේදි­කා­වට ගියේ මහ වැසි නොත­ක­මිනි. වැස්සේ ගිය සජිත් වේදි­කා­වට ආවේ තෙත බරි­ත­වය.

"සර් හොඳ­ටම තෙමි­ලානේ"වේදි­කාවේ අසු­න්ගත් විට ඔහු අසල සිටි තලතා අතු­කෝ­රළ කීවාය.

"මට ඔය අව්ව - වැස්ස හොඳට පුරු­දුයි. අව්ව වැස්ස ගැන බලන්නේ නැතිව තමයි මම වැඩ කරන්නේ"සජිත් තල­තාට කීවාය.

"අව්ව වැස්ස විත­රක් නෙමෙයි, දවල් රෑ කියලා වෙන­ස­කුත් නෑනේ. ආණ්ඩුව තියෙන කාලේ උදේ පාන්දර හත­රට විතර නැගි­ටලා වැඩ කරපු හැටි ගැන අපේ ගම්වල මිනිස්සු පවා කතා කර­නවා"තලතා කීවේ සජිත්ගේ වැඩ කිරීමේ කලාව අගය කර­මිනි.

සජිත් සංස්කෘ­තික කට­යුතු ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ කාල­යේදී විහා­ර­ස්ථා­න­වල දියු­ණුව වෙනු­වෙන් කළ දේ සම්බන්ධ කර­මින් මඩ ප්‍රචා­ර­යක් ආරම්භ කර ඇති බවට මුලින්ම තොර­තු­රතු ලැබී තිබු­ණේය. මේ ගැන සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර, සජිත්ට දුර­ක­තන ඇම­තු­මක් දී විම­සු­වේය. "මහ බැංකුව කොල්ල­කාපු අය එළියේ. විහා­ර­ස්ථාන හදපු අයට විරු­ද්ධව කුම­න්ත්‍ර­ණ­යක් දැන් ක්‍රියා­ත්මක කරන්න හද­නවා" සජිත් කීවේ තර­මක් සංවේදී වෙමිනි.

"රාජ­පක්ෂ­ලාගේ මේ මඩට වික්‍ර­ම­සිං­හ­ලාත් උදව් කර­නවා. මේ දෙගො­ල්ලෝම එකතු වෙලා තමයි මඩ ගහන්නේ" රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර කීවේය.

ඒ අනුව වහාම මේ ගැන නිවේ­ද­න­යක් නිකුත් කරන ලෙස සජිත්, රංජිත් මද්දු­ම­බ­ණ්ඩා­රට උප­දෙස් දුන්නේය

රට වටා රැස්වී­ම්ව­ලට යන සජිත් දින­ප­තාම දේශ­පා­ලන තත්ව­යන් ගැන සමීප අව­ධා­න­යක් යොමු කර­මින් සිටී. නිර­න්ත­ර­යෙන් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහ ලේක­ම්ව­ර­යා­ටත්, තිස්ස අත්ත­නා­ය­ක­ටත් දුර­ක­තන ඇම­තුම් ලබා­දෙන සජිත් අලුත් දේශ­පා­ලන තත්ත්ව­යන් ගැන සොයා බලයි. සමගි ජන බල­වේ­ගය සමඟ එක්ව සිටින මන්ත්‍රී­වරු පනස් හතර දෙනාගේ පක්ෂ සාම­ජි­ක­ත්වය අත්හි­ටු­වී­මට කට­යුතු කිරීම ගැන අව­ධා­නය යොමු­වූයේ මෙවැනි දුර­ක­තන සංවා­ද­ය­ක­දීය.

"වික්‍ර­ම­සිංහ මේ තමන්ගේ අන්තිම තුරු­ම්පුව තමයි ගහන්නේ. හැම­දා­මත් ඉතින් කළේ පක්ෂයේ අයට යන්න ඇරලා තමන්ගේ යාළුවෝ ටික විත­රක් පක්ෂයේ ඉතිරි කර­ග­නිපු එකනේ" තිස්ස අත්ත­නා­යක කීවේ දුර­ක­ත­න­යෙන්ය.

"මේක රාජ­ප­ක්ෂලා එක්ක තියෙන තවත් ඩීල් එකක්. ඩීල් කාරයෝ සේරම ඒ පැත්තේ නිසා දැන් රාජ­ප­ක්ෂලා එක්ක කිසිම ප්‍රශ්න­යක් නැතිව ඩීල් දාග­න්නවා ඇති" රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර කීවේය

මේ සතියේ රැස්වූ මාධ්‍ය කමි­ටුවේ අව­ධා­නය යොමු­වූ­යේද මේ ගැනය. "ආණ්ඩුව දව­සින් දවස කඩා­ගෙන වැටෙ­නවා. මේ නිසා ආණ්ඩු­වට ගොඩ යන්න පාරක් නෑ. ඉස්සර වගේ රාජ­ප­ක්ෂ­ලාගේ වුව­ම­නා­වත් තමයි දැන් කරන්නේ" ශිරාල් ලක්ති­ලක කීවේය.

"ආණ්ඩු­වත් දැන් අර්බුද ගොඩක හිර­වෙලා. ඒ අතරේ නවීන් එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්වය ඉල්ල­නවා. වජිර ඇවිත් නවින්ට පිස්සුය කිය­නවා. මේක තමයි ඇත්ත අර්බු­දය" කීර්ති තෙන්න­කෝන් පැහැ­දිලි කළේය.

"දැන් මාතර පවුලේ ඒකා­ධි­කා­ර­යක් හදා­ගන්න යනවා. හම්බ­න්තොට වගේම මාත­රත් රාජ­ප­ක්ෂලා අල්ලන්න හද­නවා. ඒකට ඇතුළේ කචල්" හරීන් ප්‍රනාන්දු කීවේ තමන්ට ලැබුණ තොර­තු­රකි.

"අර ගාල්ලේ ඉන්න ඩීල් කාරයා බඩු බෙද­නවා; සල්ලි බෙද­නවා. ඒකා­න්ත­යෙන්ම පර­දින බව දන්න නිසා තමයි මේ විදි­යට සල්ලි විසි කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අයට සල්ලි විසි කළත් දිනන්න බෑ"ශිරාල් කීවේ දැඩි විවේ­ච­න­යක් කර­මිනි.

ඉකුත් සතියේ එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ ඇතුළු එජාප කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යට ද කාර්ය බහුල සති­යක් විය. එජා­ප­යෙන් ඉවත්ව සමඟි ජන බල­වේ­ගය හදා­ගත් සජිත් ඇතුළු පිරිස එජා­ප­යෙන් නෙරපා දැමීම පිළි­බඳ තීන්දුව ගත්තේ ඉකුත් සදු­දාය."සජිත්ල අපි වර­ද­කා­රයෝ හැටි­යට හදු­න්වලා රට වටෙිම බොරු කියා ගෙන ගියා.ඒ පක්ෂය හැදුවෙි අපේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලයේ අනු­මැ­ති­යෙන් කීවා.නමුත් අධි­ක­ර­ණය ඒ අය කියන දේ පිළි­ගත්තේ නැ.අපි මේ පක්ෂය ආරක්ෂා කර ගන්න ඕන.දිගු කාල­යක් අපිත් එක්ක එකට වැඩ කරපු මේ අය එජා­ප­යෙන් ඉවත් කරන එකට හිත හදා ගන්න ලෙහෙසි නැ. නමුත් පක්ෂයේ විනය රැක ගන්න ඕන.

ඒ නිසා අපිත් එක්ක හිටපු මන්ත්‍රීවරු පනස් හත­රක් හා පළා­ත්පා­ලන නියෝ­ජි­තයෝ හැට එක් දෙනෙකු එජා­ප­යෙන් ඉවත් කරන්න වෙනවා"රනිල් එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ දී කිවෙි හැගීම් බර­වය." මේ අයට අම­ත­රව තවත් අය ගැනත් අපිට පැමි­ණිලි ලැබිල තියෙ­නවා. අපි ඒ අය ගැනත් පරි­ක්ෂණ කර­නවා.ඉවත් කරන පළාත් පාලන ආය­ත­න­වල නියෝ­ජි­ත­යන් වෙනු­වට අලුත් අය නම් කරන එක මැති­ව­ර­ණ­යෙන් පස්සේ අපි කර­නවා" යැයි ද රනිල් කීවේ ඔහු ගේ දැස් අග ඇඟිලි තුඩු­ව­ලින් පිස දම­මින්ය.

සඳුදා එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ රැස්වී­මට පැමිණි එජාප ප්‍රබ­ල­යන් අතරේ මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ රුපි­යල් බිලි­යන 11ක් සජිත් අව­භා­විත කර තිබෙන බවට පරි­ක්ෂ­ණ­ය­කින් හෙළිවී තිබීම ගැනද කතා­බ­හක් ඇති විය."මේක බර­ප­තළ කේස් එකක්.

පරි­ක්ෂණ හරි­යට කරල චෝද­නාව ඔප්පු වුණොත් මන්ත්‍රී ධුර­යත් අහිමි වෙන්න පුළු­වන්" මහ­නු­වර මහේෂ් සේනා­නා­යක මෙහිදී කීවේය."මේ අර­මු­දලේ රුපි­යල් මිලි­යන 80ක් සජිත් පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­ටත් විය­දම් කර­ලාලු. මේ මුදල් වියදම් කරන්න නිය­මිත ක්‍රම­යට අනු­මැ­තිය අර ගෙනත් නෑ කිය­ලනේ කියන්නේ. මෙකෙන් නිල­ධා­රී­නුත් අමා­රුවේ වැටෙ­නවා" සජිත් කීවේ මුව­ඟට නඟා­ගත් සිනා­වක්ද සම­ඟය.

Comments