දෙවැනි මනා­පයෙන් පත් වන ජනා­ධි­පති කෙනෙ­කුට අපේ සහාය දෙනවා | සිළුමිණ

දෙවැනි මනා­පයෙන් පත් වන ජනා­ධි­පති කෙනෙ­කුට අපේ සහාය දෙනවා

මෙවර ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන ඒ. එල්. එම්. ඒ. හිස්බුල්ලා මහතා ලබා­ගන්නා ඡන්ද ප්‍රමා­ණය ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙප­ළගේ ජය­ග්‍ර­හ­ණ­යට තීර­ණා­ත්මක ලෙස බල­පාන බව කාත්ත­න්කුඩි නග­රා­ධි­පති ෂාහුල් හමීඩ් මොහො­මඩ් අස්ෆර් මහතා පව­සයි. ජන­පති අපේ­ක්ෂක හිස්බුල්ලා මහ­තාගේ ප්‍රධාන අනු­ගා­මි­ක­යෙකු වන අස්ෆර් මහතා එසේ පැවැ­සූයේ සිළු­මිණ සමඟ කළ විශේෂ සාක­ච්ඡා­ව­කදී ය.

හිටපු ආණ්ඩු­කාර හිස්බුල්ලා මහතා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමේ මූලික අර­මුණ කුමක් ද?

හිස්බුල්ලා මහ­තාගේ මූලි­කම අර­මුණ ඊළඟ ජනා­ධි­පති වීම නම් ‍නොවෙයි. ජනතා විමුක්ති පෙර­මු­ණත් මෙදා සැරේ වෙනම ඡන්දය ඉල්ල­න­වනේ. ඒක නිසා අපේ අද­හස තමයි ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නා­ටම සිය­යට පනහ බැඟින් ගන්න බැහැ කියලා. අන්න ඒ අව­ස්ථා­වේදි අපේ අපේ­ක්ෂ­කයා ගන්නා ඡන්ද ප්‍රමා­ණය තීර­ණා­ත්මක වෙනවා. එම තීර­ණා­ත්මක අව­ස්ථා­වේදී අපි, අපේ බලය පෙන්ව­නවා.

කොහො­මද ඔබ­ලාගේ බලය පෙන්වන්නෙ...?

අපි, අපේ ජන­තා­වට කියන්නෙ පළමු මනා­පය හිස්බුල්ලා මහ­තාට ලබා දී දෙවැනි මනා­පය කිසිදු ලෙස­කින් නොදි ඉන්න එපා කිය­ලයි. අනි­වා­ර්ය­යෙන්ම තමන් කැමැති කාට හෝ දෙන්න කිය­ලයි අපි කියන්නේ. ඒ බව හිස්බුල්ලා මහ­තාත් පුන පුනා රැස්වී­ම්ව­ලදී පැවැ­සූවා.

එහෙත් සමාජ මාධ්‍ය­යන්හි 'කැම්පේන්' කරන ඔබ­ලාගේ අනු­ගා­මි­ක­යන් දිගින් දිග­ටම සඳ­හන් කර තිබුණේ, පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­ක­යාට දෙවැනි මනා­පය ලබා දෙන්න කිය­ලයි. ඔබ ඒ ගැන කුමක්ද පව­සන්නෙ..?.

නෑ... නෑ... අපි කිසිම කෙනෙක් කිසිම වෙලා­වක එහෙම කියන්නෙ නෑ. ගිය සතියේ එක්තරා පුව­ත්ප­තක එහෙම සඳ­හන් වෙලා තිබුණා. අපි ඒ පුව­ත්පත කළ සඳ­හ­නට එරෙ­හිව මැති­ව­රණ කොමි­ස­ම­ටත් පැමි­ණිලි කළා. ඊට අම­ත­රව අධි­ක­ර­ණ­ය­ටත් ගියා. මම නැව­තත් කිය­නවා, අපේ කිසිම කෙනෙක් එහෙම කීවේ නෑ. කව­දා­වත් කිය­න්නෙත් නෑ.

එහෙ­නම් ඔබලා දෙවැනි මනා­පය ගැන කී ඇත්ත කුමක් ද?

ඒක තමයි, අංක 1 හිස්බුල්ලා මහ­ත්තයා. අංක 2 සජිත් හෝ ගෝඨා­භ­යට. මේ දෙදෙ­නා­ගෙන් කැමැති අය කැමැති ආකා­ර­යෙන් ඡන්දය දෙන්න කියපු කතාව.

ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වන ගෝඨා­භය මහතා සමඟ ඔබ කණ්ඩා­ය­මට තිබෙන රහස් ගනු­දෙ­නු­වක් ගැන බොහෝ සේ සමාජ මාධ්‍යයන්හි කතා­බ­හක් ඇති­වුණා. ඒක ඇත්ත ද?

නෑ. අපට එහෙම කිසිම සම්බ­න්ධ­යක් හෝ ගිවි­සු­මක් නෑ. ඒ සියල්ල අපට එල්ල වන මඩ ප්‍රහාර. එහෙ­ම­නම් අපි කෙළින්ම කිය­න­වානේ දෙවැනි මනා­පය ගෝඨා­භ­යට ලබා දෙන්න කියලා.

●ඔබ කෙසේ පැවැ­සු­වත් හිස්බුල්ලා මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමේදී යම්කිසි ආකා­ර­ය­කින් සැඟ­වුණු බල­වේ­ග­යක් සිටින බවට මත පළ වෙනවා...

එහෙම කිසිම දෙයක් නැහැ. අපේ එකම අර­මුණ දෙවැනි මනා­පය හරහා පත්වන ඕනෑම ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට අපේ සහ­යෝ­ගය ලබා­දී­මයි.

●ඔබ­ලාගේ ගණ­න­යන් අනුව හිස්බුල්ලා මහතා ලබා­ගන්න ඡන්ද ප්‍රමා­ණය ගැනත් හිතලා තියෙ­නවා ද?

අපි කොහො­ම­හරි බලන්නෙ දෙවි­යන්ගේ පිහි­ටෙන් ලක්ෂ පහ­කට වැඩිය ගන්නයි. එහෙම වුණොත් ඒක අපි ලබන ලොකු ජය­ග්‍ර­හ­ණ­යක්.

●හිස්බුල්ලා මහ­ත්තයා ලක්ෂ පහ­කට වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් ගත්තොත් එහි වාසිය වක්‍රා­කා­ර­යෙන් හෝ අත්වන්නෙ කාට කියාද හිතන්නෙ?

අපි දන්නෙ නෑ ඒ වාසිය කාට යයිද කියා. නමුත් අපි දෙවැනි මනා­පය කැමැති කෙනෙ­කුට දෙන්න කිය­ලයි තියෙන්නෙ. හැබැයි එතැ­නදි කිසිම කෙනෙ­කුට සිය­යට පනහ ගන්න බැරි නිසා අපේ මනා­පය ගැන හිතන්න වෙනවා. අපේ ජන­තාව දෙවැනි මනා­පය වැඩි­පුර භාවිත කර තිබෙන්නෙ කාට ද? ඔහුට අපේ සහ­යෝ­ගය දෙනවා. එහිදී අපිට සජිත් හෝ ගෝඨා­භය කියා වෙන­සක් නැහැ. අපි මේ දෙන්න­ටම අපේ යෝජනා පසු­ගිය දින­වල ලබා දුන්නා. දෙන්නම බාර­ගත්තා. ඒ දෙපි­රි­ස­ටම අපි කීවා, ගිවි­සු­මක් අත්සන් කරන්න ඕනෙ කියා. නමුත් දෙපි­රි­සම කීවා ගිවි­සුම් අත්සන් කරන්න කල් අවශ්‍ය වෙනවා. ඒකට දැන් වෙලාව මදියි කියා. අන්න ඒ නිසා අපේ ජන­තා­වට අපි කිව යුතුයි නේ කාට හෝ දෙවැනි මනා­පය දෙන්න කියා. එතැ­නදි අපි මේ හේතුව නිසා අපේ ජන­තා­වට කීවා කැමැති අයෙක් කැමැති කෙනෙ­කුට දෙන්න කියා. හැබැයි අපේ යෝජ­නා­ව­ලින් අපි රට බෙදන්න ඉල්ලුවේ නෑ. අපි දෙගො­ල්ල­න්ටම දුන් යෝජ­නා­ව­ලින් ඉල්ලුවේ බෞද්ධා­ගම වැනි අනෙ­කුත් ආග­ම්ව­ලට දී තිබෙන අයි­තින් අපි­ටත් දෙන්න කියායි. මොකද අපිත් ලංකාවේ ඉප­දුණු අය වශ­යෙන් ඕනෑම ආග­ම­කට තියෙන අයි­තිය තිබිය යුතුයි.

●හිස්බුල්ලා මහ­තාට පසු­ගිය කාලයේ දැඩි සේ පහර දුන් රතන හාමු­දු­රු­වන් වැනි පිරිස් මෙන්ම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ආසන්න සම­යේ­දීත් අලු­ත්ගම, දර්ගා නග­රය වැනි පෙදෙ­ස්වල ජාති­වා­දය අවු­ස්ස­මින් මුස්ලිම් ජන­තා­වට දැඩි පීඩ­න­යක් ලබා­දුන් කණ්ඩා­යම මෙව­රත් මැති­ව­ර­ණ­යේදී එක් කඳ­වු­ර­කට පැමිණ තිබෙන බවක් පෙනෙ­නවා. ඔබලා වෙනම අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමෙන් එම කඳ­වු­රට වාසි­යක් අත්වන්නෙ නැද්ද?

මම නම් එහෙම දෙයක් ගැන හිතන්නෙ නෑ. නමුත් දෙපැ­ත්තේම ජාති­වා­දය වපු­රපු අය සිටි­නවා. ඒක නිසා මේ දෙගො­ල්ලන්ම මේ අව­ස්ථාවේ අපිට එක සමා­නයි.

●කාත්ත­න්කු­ඩියේ පසු­ගිය කාලයේ බොහෝ සේ කතා­බ­හට ලක්වූ ප්‍රදේ­ශ­යක්. ජාති­වා­ද­යට, අන්ත­වා­ද­යට බොහෝ සමීප පිරි­සක් සිටින බවට ප්‍රච­ලි­තයි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මෙරට ජන ඝන­ත්වය වැඩිම කාත­න්කු­ඩියේ ඡන්ද­දා­ය­ක­යාගේ හැසි­රීම කෙබඳු වේද?

කාත­න්කු­ඩිය කියන්නෙ පාස්කු ප්‍රහා­රයේ සම්බන්ධ නව දෙනා­ගෙන් තුන්දෙ­නෙක්ගේ ගම් ප්‍රදේශ. ඒ එක්කෙ­නෙක් දෙන්නෙක් නිසා කාත­න්කු­ඩියේ සමස්ත ජන­තාව ත්‍රස්ත­වා­දීන්, ජාති­වා­දීන්, අන්ත­වා­දීන් ලෙස සැලැ­කීම වැරැ­දියි. මං මේ මොහොතේ කිය­නවා, අපේ ජන­තාව කිසිදු විටෙක ජාති­වා­දීන්, අන්ත­වා­දීන් ලෙස සල­කන්න එපා කියා. මෙවර මැති­ව­ර­ණ­යේදී කාත­න්කු­ඩියේ ඡන්ද තිස් අට­ද­හ­සක් පමණ තියෙ­නවා. ඉන් සිය­යට හැත්තෑ­ප­හක්ම ලැබෙන්නෙ හිස්බුල්ලා හිටපු ආණ්ඩු­කා­ර­තු­මාට. ඒක තමයි සත්‍යය. ඉතිරි ප්‍රමා­ණය හැමෝ­ටම බෙදිලා යයි කියා හිත­නවා.

 

Comments