අකුණු සරින් නැව­තුණු දැරි­යගේ හද­ව­තට පණ දුන් මිහි­න්තලේ ජීව­කයෝ | සිළුමිණ

අකුණු සරින් නැව­තුණු දැරි­යගේ හද­ව­තට පණ දුන් මිහි­න්තලේ ජීව­කයෝ

පැය විසි­හ­ත­රම ක්‍රියාත්මක වන හදිසි අන­තුරු ඒක­ක­යක් තිබුණ ද ඔවුන්ට ඇත්තේ සීමිත පහ­සු­කම්ය. අකුණු සැර වැදී­මෙන් හෘදය වස්තුවේ ක්‍රියා­කා­රි­ත්වය නැවති මළ කඳක් සේ ගෙනා දැරිය නොස­ලකා හරි­න්නට ඔවුන්ට හැකි­යාව තිබිණි. එහෙත් වෙද්‍ය­වරු ලේසි­යෙන් කෙනෙ­කුට මැරෙන්න දෙන්නෙ නැ. ඊට හොඳම උදා­හ­ර­ණය පසු­ගි­යදා මිහි­න්ත­ලය රෝහලේ දී හද­ව­තට පණ දුන් මේ කතා­වයි

පියුමි නංගි හා ප්‍රමෝද් අයියා ඒ හැන්දෑවේ නළ ළිඳ ගාවට ගියේ සීයාගේ රෙදි බේසම ගෙන එන්න­ටය. ඒ වන­විට වැසි නොවැ­ටුණ ද තදින් ගෙර­විලි හඬ ඇසෙ­න්නට විය. එක්වි­ටම ඇසුණේ පළා­තම දෙද­ර­ව­මින් විදුලි කොටන හඬය. ගත වුයේ සුළු මොහො­තකි. අසල් වැසි­යෙකු දුටුවේ පාර අද්දර වැටි සිටින දරු­වන් දෙදෙ­නාය.

“පුතයි දුවයි නාලා ඇවිත් හිටියේ. තාත්තා නෑවේ නළ ළිඳ ගාව. එයාගේ රෙදි බේසම ගෙනැත් දෙන්න කියලා තාත්තා දුව­ටයි පුතා­ටයි කිව්වා. ඒ දෙන්නා එතැ­නට ගියා අකුණු ගහන සද්දේ ඇහුණා. පස්සේ ගිහින් බලන කොට දුවයි පුතයි වැටිලා හිටියා. දුවට නම් සිහිය තිබුණේ නැහැ. බිරිඳ දුව­වත් අර­ගෙන මිහි­න්තලේ ඉස්පි­රි­තා­ලෙට ගියා. එහා­ගෙ­දර අයට කතා කරලා ඒ අයගේ කාර් එකේ මම පුතාව අර­ගෙන ගියා. පුතාට නම් ලොකු අමා­රු­වක් තිබුණේ නැහැ. දුවගේ කරේ සුර­යක් තිබුණා. එයාගේ පපුව තුවාල වෙලා තිබුණා. හිතා ගන්න බැහැ මොකද වුණේ කියලා. “

දාසය හැවි­රිදි ප්‍රමොද්ගේ හා දාහ­තර හැවි­රිදි පියු­මිගේ පියා නලින් පව­සන්නේ කන­ගා­ටු­වෙනි.

හදිසි අන­තු­රට පත් දරු­වන් මිහි­න්ත­ලය ප්‍රාෙද්ශීය රෝහලට ගෙන එන විට එතැන හදිසි ප්‍රති­කාර අංශයේ සිටියේ වෛද්‍ය රශ්මික ප්‍රභාත් සුම­න­සිරි මහ­තාය.

“මට අපේ සේවක මණ්ඩ­ලයේ කෙනෙක් ඇවිල්ලා කිව්වා අමාරු ලෙඩෙක් ගෙනැල්ලා. ලෙඩා නැති වෙලා වගේ දැනෙන්නේ කිව්වා. විනා­ඩි­යක් වත් ගියේ නැ මම එතැ­නට ගියා. ඒ වෙලාවේ දරුවා හිටියේ ඇඳේ. මිස්ලා ප්‍රති­කාර සඳහා දරුවා සුදා­නම් කරලා තිබුණේ. දරු­වාට හුස්ම වැටු­ණෙත් නැහැ. අපි කඩි­න­මින් ප්‍රති­කාර කරන්න පටන් ගත්තා. කෘත්‍රීම ස්වස­නය දෙන ගමන්. මැෂින් වලට හයි කරලා තිබු­ණත් දැරි­යගේ හද­වත ක්‍රියා කරන බව දැන ගන්න තිබුණේ නෑ. ඒත් මම නොන­ව­ත්වාම කළ යුතු සියල්ල කළා. දරු­වාගේ මොළය මැරිලා නෑ කියලා මම තහ­වුරු කර ගත්තා. විනාඩි හත­ළිස් පහක් විතර කෘත්‍රිම ශ්වස­නය දෙන­විට දැරි­යගේ හද­වත ක්‍රියා කරන්න ගත්තා. මේ වෙන­කොට අපේ රෝහලේ අනෙක් වෛද්‍ය­ව­රිය වන ඉනෝකා ඉලං­ග­සිං­හත් පැමිණ සිටියා. ඒ වගේම ආය­තන භාර වෛද්‍ය නිල­ධාරි ඩී. පී. එස් සිසිර කුමාර මහ­තාත් පැමිණ සිටියා. ඉන් පස්සේ දැරි­යව වැඩි­දුර ප්‍රති­කාර සඳහා අනු­රා­ධ­පුර මහ රෝහලට රැගෙන ගියා. එදා අපේ ගිල­න්ර­ථයේ රියැ­දුරු නිවාඩු ගිහින් හිටියේ. නාච්ච­දුව රෝහලේ ගිල­න්ර­ථය ගෙන්වා­ගෙන තමයි දැරිය අනු­රා­ධ­පුර රෝහ­ලට රැගෙන ගියේ. ඒ වෙලාවේ වෛද්‍ය­වරු පම­ණක් නොවෙයි අපේ කාර්යය මණ්ඩ­ල­යත් දැරි­යගේ ජීවි­තය ගලවා ගන්නට අප­මණ වෙහෙ­සක් කැප­වි­මක් කළා. දැරිය ඇහි­පි­ල්ලම් ගහ­නවා කියලා දැන ගත්තාම පුදුම සතු­ටක් දැනෙන්නේ. ”

වෛද්‍ය රශ්මික පව­සන්නේ තම කාර්ය මණ්ඩ­ලය ගැන ගෞර­ව­යෙනි.

වෛද්‍ය­වරු ලෙහෙ­සි­යෙන් තම පිහිට පතා එන රෝගීන් අත­හ­රින්නේ නැත. ප්‍රාදේ­ශීය රෝහ­ලක් වන මිහි­න්තලේ රෝහ­ලට දින­කට ප්‍රති­කාර ලබා ගැනීම සඳහා තුන්සි­යක් පමණ රෝගීන් පැමිණේ. නේවා­සික රෝගීන් සඳහා ඇත්තේ වාට්ටු හයක් පමණි. වෛද්‍ය­ව­රුන් පහක් සිටිය යුතු රෝහලේ මේ වන විට සිටින්නේ වෛද්‍ය වරුන් තිදෙ­නෙකු පමණි. අත්‍යා­වශ්‍ය ඖෂධ හිඟ­යක් නොති­බු­ණද මෙවැනි හදිසි අව­ස්ථා­වල හෘදය වස්තුවේ ක්‍රියා­කා­රි­ත්වය නතර වූ රෝගීන් සඳහා ලබා­දිය යුතු විද්‍යුත් කම්පන ප්‍රති­කාර ලබා­දිමේ හැකි­යා­වක් නැත හේතුව ඊට අවශ්‍ය පහ­සු­කම් නොති­බී­මය.

“මම එතැ­නට යද්දී වෛද්‍ය රශ්මික හා වෛද්‍ය ඉනෝකා තම කාර්යය ඉතා හොඳින් ඉටු කර තිබුණා. මමත් ඔවුන් හා එක් වුණා. අපි අපිට පුළු­වන් උප­රි­ම­යෙන් මේ දරු­වාගේ ජීවි­තය ගොඩ ගන්න උත්සාහ කළා. මම අනු­රා­ධ­පුර රෝහ­ලෙන් දැරිය ගැන ඇහුවා. ඇගේ තත්වය හොඳ අතට හැරෙ­මින් තිබෙන බවයි ඔවුන් පව­සන්නේ.

ඉතාම අඩු පහ­සු­කම් යටතේ අපි අපිට පුළු­වන් දේ ඉතාම හොඳින් කළා. දැරිය මෙහෙට ගෙනෙන විටත් සිද්ධිය වී විනාඩි විස්සක් විතර ගතවී තිබුණා. ඇගේ සොයු­රාට එත­රම් අමා­රු­වක් තිබුණේ නෑ. ආය­තන භාර වෛද්‍ය නිල­ධාරි ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය ඩී. පී. එස් සිසිර කුමාර මහතා පව­ස­න්නේය.

ඉසවි

Comments