දේශ­පා­ලන අශී­ලා­චා­ර­කම් මැද කුණු වන කොළඹ ජාතික රෝහල | Page 2 | සිළුමිණ

දේශ­පා­ලන අශී­ලා­චා­ර­කම් මැද කුණු වන කොළඹ ජාතික රෝහල

ස්නා­හිර, මධ්‍යම හා දකුණු පළාත් තුනේ රෝහ­ල්වල සාය­නික අප­ද්‍රව්‍ය ඉවත් කිරීමේ ප්‍රශ්නය යළිත් ඔඩු දුවා තිබේ. එම පළා­ත්වල රෝහල් සාය­නික අප­ද්‍රව්‍ය ක්‍රමා­නු­කූ­ලව විනාශ කර දැමීම මුලින්ම සිදු කෙරුණේ මුල්ලේ­රි­යාව රෝහල් භූමියේ ඉදි කළ දාහ­ක­යක් තුළය. එම කට­යුත්ත කර­ගෙන යනු ලැබුවේ රජය සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළඹ සිටි සිසිලි හනාරෝ ඉන්කෙයා නැමැති ආය­ත­න­යකි. සෞඛ්‍යා­ර­ක්ෂි­තව පව­ත්වා­ගෙන යන බවට මධ්‍යම පරි­සර අධි­කා­රිය විසින් තහ­වුරු කර තිබි­ය­දීත් පසු­ගිය වසරේ අධි­ක­රණ නියෝ­ග­ය­කින් එම දාහ­කය ක්‍රියා­ත්මක කිරීම වළ­ක්ව­න්නට ප්‍රදේ­ශයේ දේශ­පා­ල­කයෝ හා ජන­තාව කට­යුතු කළහ.

අන­තු­රුව රෝහල් තුළ සාය­නික අප­ද්‍රව්‍ය ගොඩ­ගැ­සිණි. එය බර­ප­තළ ප්‍රශ්න­යක් නිර්මා­ණය කරද්දී සාය­නික අප­ද්‍රව්‍ය පුලුස්සා ඉවත් කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යා­ර­ක්ෂිත දාහ­ක­යක් ඉදි කර­න්නට කැබි­නට් අනු­මැ­තිය සහි­තව මුතු­රා­ජ­වෙල ප්‍රදේ­ශ­යෙන් ඉඩ­මක් වෙන් විය. එම දාහ­කය ඉදි කර සක්‍රීය කිරීම ආරම්භ වී මාස කීප­යක් ගත­වූවා පමණි.

'සිසිලි හනාරෝ ඉන්කෙයා' ආය­ත­න­යට නිකුත් කොට තිබූ වෙළෙඳ බල­ප­ත්‍රය අත්හි­ටු­වී­මට වත්තල ප්‍රාදේ­ශීය සභාව පිය­වර ගත්තේ මේ අත­රය. ඒ මොහොත වන විට අප හිත­න­වාට වඩා ගැට­ලුව බර­ප­ත­ළය. පළාත් තුනක රෝහ­ල්වල සාය­නික අප­ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියා­ව­ලිය නැවතී ඇත. දැන් ටොන් සිය­ය­කට අධික සාය­නික අප­ද්‍රව්‍ය ප්‍රමා­ණ­යක් රෝහ­ල්වල ගොඩ­ගැසී තිබේ. පවත්නා තත්ත්වය ඉදි­රියේ දී මහත් ව්‍යව­ස­න­යක් බවට පත් වීමට ඇති ඉඩ­කඩ වෛද්‍ය­ව­රුම පෙන්වා දෙති. ඇද­හැ­ලෙන අධික වර්ෂාව තත්ත්වය තවත් බිහි­සුණු අතට පත් කර­වනු ඇත. ඒ පිළි­බඳ පුළුල් කථි­කා­වක් ගොඩ නඟ­න්නට අප උත්සාහ කරන්නේ රෝහ­ල්වල එවැනි අභාග්‍ය සම්පන්න පරි­ස­ර­යක් ගොඩ­නැ­ඟෙ­මින් තිබි­ය­දීය.

 

සායනික අපද්‍රව්‍ය එකතු වුණොත් රෝහල් සියල්ල ඉබේම අක්‍රීයයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය  අනිල් ජාසිං­හ

මුලින්ම අප හා සංවා­ද­යට එක් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අනිල් ජාසිං­හය. ඔහු අප හා පව­සන්නේ සාය­නික අප­ද්‍රව්‍ය එලෙස රෝහල් පුරා එකතු වීමට පටන් ගත­හොත් බස්නා­හිර, මධ්‍යම හා දකුණු පළා­ත්වල රෝහල් සියල්ල ඉබේම අක්‍රීය වන බවය.

'ලංකාවේ සාය­නික අප­ද්‍රව්‍ය බැහැර කිරීම සම්බ­න්ධව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ක්‍රම­වේද දෙකක් තිබෙ­නවා. එකක් තමයි ඉන්සි­න­රේ­ෂන් ක්‍රියා­ව­ලිය. ඒ කියන්නේ, අධික උෂ්ණ­ත්ව­යක් යටතේ දහ­නය කිරීම. එය සෞඛ්‍ය ආර­ක්ෂි­තව සිදු කරන අන්ත­ර්ජා­තික ක්‍රම­වේ­ද­යක්. ඒ මඟින් සාය­නික අප ද්‍රව්‍ය විනාශ කිරීම සිදු වෙනවා. බස්නා­හිර, දකුණ,මධ්‍යම,පළා­ත්වල මේ ආකා­ර­යට ඉන්සි­න­රේ­ෂන් සිදු කර­නවා. නමුත් එය වැර­දි­යට සම­හරු තේරුම් ගන්නා බව­කුත් පෙනෙන්ට තිබෙ­නවා. ඔවුන් හිතන්නේ සාය­නික අප­ද්‍රව්‍ය කිව්වා­වම මිනිස් සිරුරු කොටස්, අත පය කැබලි කියලා. ඒත් ඒවා නොවෙයි සාය­නික අප­ද්‍රව්‍ය කියන්නේ. ලේ තැව­රුණු ගෝස් කැබලි බැන්ඩේජ් සේල­යින් බට ඉන්ජෙ­ක්ෂන් කටු වගේ දේවල්.

ලංකාවේ හැම තැනම රෝහ­ල්වල ශල්‍ය­ගා­ර­ව­ලින් පිට කරන මිනිස් සිරුරු කොටස් වගේ දේවල් වෙන­මම දිව­යිනේ සිටින මල්ශාලා සමඟ කොන්ත්‍රාත් ගිවි­සු­ම්ව­ලට ගිහිල්ලා ඒවා නිසි ක්‍රම­වේ­ද­යක් අනුව ඒ ඒ කන­තු­වල තමයි මිහි­දන් කරන්නේ. එහෙම නැතුව ඒ දේවල් අනෙක් අප ද්‍රව්‍ය සමඟ යවන්නේ නැහැ. ඒ හැරුණු කොට අනෙක් පළාත් සිය­ල්ලේම ක්‍රියා­ත්මක වන්නේ මෙට­ම­යි­සර් ක්‍රමය.

මෙටම­යි­සර් ක්‍රමයේ දී වන්නේ අප­ද්‍රව්‍ය කුඩා කොට­ස්ව­ලට කැඩීම. ඊට පස්සේ එහි විෂ­බීජ හර­ණය සිදු කෙරෙ­නවා. ඉන්පසු සාමා­න්‍ය­යෙන් කෙරෙන්නේ ඒවා ඒ ප්‍රදේ­ශයේ පළාත් පාලන ආය­තන විසින් භාර­ගෙන සාමාන්‍ය කුණු වගේ විනාශ කර දැමී­මයි. නමුත් සම­හර පළාත් පාලන ආය­තන ඒවා බාර ගන්නෙ නෑ. එය ගැට­ලු­වක්. එවැනි තැන්ව­ලදී අපට සිදු වී තිබෙ­නවා විකල්ප ස්ථාන­වල ජීවා­නු­හ­ර­ණය වූ අප­ද්‍රව්‍ය තැන්පත් කරන්න. ඉන්සි­න­රේ­ෂන් ක්‍රම­යේදී වෙන්නේ අප­ද්‍රව්‍ය සිය­ල්ලම අළු බවට පත්වී­මයි. මෙටම­යි­සර් ක්‍රම­යෙදි විශාල අප­ද්‍රව්‍ය ප්‍රමා­ණ­යක් ඉතා අඩු­ම­ට්ට­මට පත් වෙනවා.

අපට අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය කරන්න පෞද්ග­ලික ආය­තන එක්ක එකතු වෙන්න සිදු වන්නෙ වර්ෂ 2014දී සාය­නික අප­ද්‍රව්‍ය සම්බ­න්ධව ලොකු විරෝ­ධ­යක් ආවාට පස්සෙ. මොකද නගර සභා ඉවත් වුණා රෝහල් සාය­නික අප­ද්‍රව්‍ය බාර ගැනී­මෙන්. ඒ අව­ස්ථාවේ එව­කට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ඉතාම හදි­ස්සියේ කට­යුතු කරලා පෞද්ග­ලික ආය­ත­න­යක් මඟින් ඉන්සි­න­රේ­ෂන් ක්‍රමය හඳුන්වා දුන්නා. ඒකෙදී අපි කළේ මුල්ලේ­රි­යාව අපේ රෝහල් පරි­ශ්‍රයේ දහ­නා­ගා­ර­යක් ස්ථාප­නය කර පව­ත්වා­ගෙන යෑම. නමුත් දැනට වස­ර­කට හමා­ර­කට පෙර එයට විරු­ද්ධව ජන­තාව, ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­යන් විරෝ­ධතා පව­ත්වලා එයට එරෙ­හිව උසාවි වාර­ණ­යක් ලබා­ගත්තා. ඒ අව­ස්ථා­වෙදී රෝහ­ල්වල සාය­නික අප­ද්‍රව්‍ය ගොඩ ගැසුණා.

පසුව ඒ උසාවි වාර­ණය තාව­කා­ලි­කව ඉවත් කර­ගෙන පළාත් තුනේ කට­යුතු කරන ආය­ත­නය සමඟ ගිවි­සුම් ගත වෙලා මේ දහ­නා­ගා­රය මුතු­රා­ජ­වෙ­ලට රැගෙන යන්නත් එහි දී එය අන්ත­ර්ජා­තික තත්ව­යට සරි­ලන ලෙස සකස් කර­න්නත් කට­යුතු යෙදුණා. ඒ සඳහා ත්‍රෛපා­ක්ෂික ගිවි­සු­මක් අස්සන් කළා. ඒ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යත්, ඒව­ගේම මධ්‍යම පරි­සර අධි­කා­රි­යත් සිසි­ලි­හ­නාරෝ අය­ත­න­යත් සමඟ.

උසාවි වාර­ණය ලැබුණු අව­ස්ථා­වේදී කන්ටේ­නර් අර­ගෙන එම කන්ටේ­න­ර්වල කුණු තැන්පත් කරන්න අපිට සිදු වුණා. මොකද ඒවා පරි­ස­ර­යට මුදා හරි­න්නට බැරි නිසා. මුතු­රා­ජ­වෙල දාහ­කය සකස් කරන තුරු රසා­ය­නික ද්‍රව්‍ය භාවිතා කරලා විෂ බීජ අවම කරලා ඒ කුණු කන්ටේ­න­ර්ව­ලම ගබඩා කළා. අන්ත­ර්ජා­තික මට්ටමේ පිරි­වි­ත­යන් සපු­රලා තමයි මේ දාහ­කය හැදුවේ.

නමුත් දැන් නැවත ප්‍රාදේ­ශීය වශ­යෙන් සහ ප්‍රදේ­ශීය සභාව තුළ මේ දාහක ක්‍රියා­ව­ලිය පිළි­බඳ මත ගැටු­මක් සිද්ධ වෙලා තිබෙ­නවා. දැන් ප්‍රාදේ­ශීය සභාව තමන් විසින් ලබා දීපු වෙළෙඳ බල­ප­ත්‍රය ඉවත් කර ගෙන. එහෙම වුණාම ඒ ඉන්සි­න­රේ­ෂන් ක්‍රියා­ත්මක කරන්න බැහැ. ඒ නිසා දැන් රෝහල් අප­ද්‍රව්‍ය විනාශ කිරිම පිළි­බඳ විශාල අර්බු­ද­යක් නිර්මා­ණය වෙලා. අපි මේ තත්ත්වය පිළි­බ­ඳව ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­තු­මා­ටත් කතා කළා. අදාළ අංශ දැනු­ම්වත් කළා.

මෙතැන වුණු සිද්ධිය තේරුම් ගන්න ඕන. මුල්ලේ­රි­යා­වේදී ඇති වුණ විරෝ­ධ­තාව නිසා අපට අවශ්‍ය වුණා ඉතා ඉක්ම­නින් එක ප්ලාන්ට් එක­ක්වත් හයි කර­ගන්න. ඒ නිසා තාව­කා­ලි­කව එක් ප්ලාන්ට් එකක් සෞඛ්‍යා­ර­ක්ෂිත ලෙස දහ­නය කර­න්නට උචිත ලෙස සවි කළා. අනෙක් ප්ලාන්ට් එකත් සවි වෙන කොට තමයි වඩා ක්‍රමා­නු­කූ­ලව දහන කට­යුතු සිදු වන්නේ.

සාය­නික අප­ද්‍රව්‍ය මේ විදි­හට රෝහල් පුරා එකතු වෙන්න ගත්තොත් එහෙම රෝහල් ඉබේම අක්‍රීය තත්ත්ව­යට පත්වෙ­නවා. සාය­නික අප­ද්‍රව්‍ය ඉවත් කරන පොදු ක්‍රම දෙක තමයි අපි භාවිතා කරන්නේ. අපි පෞද්ග­ලික ආය­තන එකතු කර­ගෙන කට­යුතු කරන්නේ මේ ගැට­ලුව රටේ පොදු ප්‍රශ්න­යක් නිසා. දැන් ඇති වෙලා තිබෙන තත්ත්වය අපි සාකච්ඡා කර­නවා. 

ඇත්ත­ටම මේ අදූ­ර­දර්ශී තීන්දු නිසා වෙන්නේ රෝහල් කට­යුතු නව­තින එක. නැති නම් අපිට කරන්න වෙන්නේ රෝගීන්ට තමන්ගේ සාය­නික අප­ද්‍රව්‍ය උර­යක දමා­ගෙන යන්නට දෙන්නට සිදු­වන එකයි.'

දාහ­කය තිබෙන්නේ අනු­මැ­තිය ලබා­දුන් පරි­ශ්‍රයේ නොවෙයි

වත්තල ප්‍රාදේ­ශීය සභා­පති ත්‍යාග ද අල්විස්

වත්තල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ත්‍යාග ද අල්විස්ට අනුව මේ තාව­කා­ලික දාහ­කය අන­ව­සර ඉදි­කි­රී­මකි.

'සාමා­න්‍ය­යෙන් මෙවැනි දාහ­ක­යක් ඉදි කර­න්නට අව­සර ලබා දෙන්නේ ප්‍රාදේ­ශීය සභාව ඇතුළු වග­කිව යුතු රාජ්‍ය ආය­තන කිහි­ප­යක නිල­ධා­රී­න්ගෙන් සැදු­ම්ලත් කමි­ටු­වක් අදාළ කරුණු කාරණා සොයා බලා ඒ ඔස්සේයි. ඒ විදි­හට රෝහල් සාය­නික අප­ද්‍රව්‍ය විනාශ කර දැමීම සඳහා මුතු­රා­ජ­වෙල ප්‍රදේ­ශයේ දාහ­ක­යක් ඉදි කර­න්නට සිසිලි හනාරෝ ආය­ත­න­යට අනු­මැ­තිය ලබා­දුන්නා. එයට කැබි­නට් අනු­මැ­තිය ද හිමි වුණා. නමුත් ඔවුන් මේ දාහ­කය ඉදි කර තිබෙන්නේ අනු­මැ­තිය ලබා­දුන් පරි­ශ්‍රයේ නොවෙයි. ඔවුන් තාව­කා­ලි­කව අනු­මැ­තිය නොගත් තැන­කයි දැනට පව­තින දාහ­කය පව­ත්වා­ගෙන යන්නේ. නමුත් එයට මෙතෙක් කලක් පව­ත්වා­ගෙන යන්නට ට්‍රේඩ් ලයි­සන් එකක් ලබාදී තිබුණා.

ඒත් එය අපිට අත්හි­ටු­ව­න්නට සිදු වී තිබෙ­නවා. දාහ­කය මේ විදි­හට පව­ත්වා­ගෙන යෑමට ප්‍රාදේ­ශිය සභාවේ ඇතැම් මන්ත්‍රී­ව­රුන් විරු­ද්ධයි. විෂ­ක්ෂයේ ඇතුළු සම­හර මන්ත්‍රී­ව­රුන් නොදැ­නු­වත්ව මට චෝදනා එල්ල කර­නවා මම අදාළ ආය­ත­න­යෙන් මුදල් ලබා­ගෙන අනු­මැ­ති­ය­කින් තොරව මේ ආකා­ර­යට තාව­කා­ලික දාහ­ක­යක් සාය­නික අප­ද්‍රව්‍ය විනාශ කිරී­මට අනු­මැ­තිය ලබාදී ඇති බවට. එනිසා මගේ නිර්දෝ­ශී­භා­වය ඔප්පු කර­න්නත් ඔවුන් අනු­මැ­තිය ලබා­නො­ගෙන ඉදි කර ඇති දාහ­ක­යෙන් අප­ද්‍රව්‍ය පිලි­ස්සී­මට විරු­ද්ධව ඔවුන්ට මෙතෙක් කලක් ප්‍රාදේ­ශීය සභා­වෙන් ලබා දී තිබූ වෙළෙඳ අව­සර පත අත්හි­ටු­ව­න්නට අපි කට­යුතු කළා.

ඒ වගේම පැහැ­දි­ලිව කිව යුතුයි. මා පෞද්ග­ලි­කව මේ දාහ­ක­යට විරු­ද්ධ­ත්ව­යක් නැහැ. අපි කියන්නේ මෙයට අනු­මැ­තිය අර­ගෙන පව­ත්වා­ගෙන යන්න කිය­ලයි. කො‍හොම වුණත් රෝහල් බල­ධා­රින් මේ ගැන අපිත් එක්ක කතා කළා. ඔවුන් සහ ආය­ත­නයේ හිමි­කරු ඉදි­රි­යේදී අ‍වසර ලබා­දෙන්න කියලා ලිඛිත ඉල්ලී­මක් කළොත් එය සභා­වට ඉදි­රි­පත් කරලා මන්ත්‍රී­ව­රුන්ගේ අනු­මැ­තිය ලබා­දෙ­න්නට මම කට­යුතු කර­නවා.' යනු­වෙන් ඔහු පව­සයි.

සොයා බලන්නේ නැතු­වයි බල­ප­ත්‍රය අහෝසි කර තිබෙන්නේ

සිසිලි හනාරෝ අය­ත­නයේ විධා­යක අධ්‍යක්ෂ උදය අබේ­සේ­කර

රෝහල් සාය­නික අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය භාරව කට­යුතු කරන සිසිලි හනාරෝ අය­ත­නයේ විධා­යක අධ්‍යක්ෂ උදය අබේ­සේ­කර අප සමඟ පවසා සිටියේ මේ වන විට ටොන් සිය­කට වැඩි ප්‍රමා­ණ­යක සාය­නික අප­ද්‍රව්‍ය බස්නා­හිර මධ්‍යම , දකුණු පළාත් රෝල්වල එකතු වී ඇති බවය. එක ප්‍රාදේ­ශීය සභා­වක් මුළු රටක ජීවිත ගණ­නා­වක් සමඟ සිදු කරන මේ සෙල්ලම ඉදි­රියේ දී ව්‍යය­ස­න­යක් බවට පත් වීමට ඉඩ­කඩ ඇති බවය.

“ රෝහල් සාය­නික අප­ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ ලෝකෙ තියෙන හොඳම ක්‍රම­යයි. හොඳින් විම­ර්ශ­නය කරලා තමයි මාධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන් අනු­මැ­තිය දී තිබෙන්නේ. නවීන තාක්ෂ­ණය උප­රිම ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් සෙල්සි­යස් අංශක දාහයි එක්ද­හස් දෙසී­යයි අතරේ මේ අප­ද්‍රව්‍ය පුලුස්සා දම­න්නට කට­යුතු කරන්නේ.

ඇයි අප මේ කට­යු­ත්තට මැදි­හත් වුණේ කියන එක තේරු­ම්ගැ­නීම වැද­ගත්. රජ­යට අවශ්‍ය වුණා රෝහ­ල්වල සාය­නික අප­ද්‍රව්‍ය ගොඩ ගැහෙන විට ඒ අප­ද්‍රව්‍ය කාර්ය­ක්ෂම හා විද්‍යා­නු­කූල ලෙස ඉවත් කරන්න. සම­හර ජාවා­ර­ම්ක­රු­වන් සාය­නික අප­ද්‍රව්‍ය රැගෙන ගොස් ඉතා අනා­ර­ක්ෂි­තව තැන තැන දාල යනවා. ප්‍රශ්න­යට විස­ඳු­මක් ලෙස රජය අපට කිව්වා අනු­මැ­තිය ලැබුණු මුතු­රා­ජ­වෙල පරිශ්‍රයේ සැල­සුම් කළ දාහ­කයේ වැඩ නිමා වන තුරු තාව­කා­ලි­කව ඉන්සි­න­රේ­ටර් එකක් සකස් කර වැඩ කර දෙන්න කියලා. අපි එය ඉෂ්ට කළා. අපි මේ වැඩ ටික හොඳින් කර­ගෙන යන විට තමයි වත්තල ප්‍රාදේ­ශිය සභා­වෙන් අපිට නිකුත් කර තිබුණු ට්‍රේඩ් ලයි­සන් එක නැවැ­ත්තුවේ.

මේ තීන්දුව ගන්න කොට ප්‍රාදේ­ශිය සභා­වට ඇත්ත­ටම කල්පනා කරන්න තිබුණා මේකෙ තිබෙන ජාතික අව­ශ්‍ය­තාව. අනෙක අපි නිය­මිත සැල­සු­මෙන් කොහෙ­වත් පිට පැනලා නැහැ. අපි නිශ්චිත සැල­සු­මට වැඩ කර­ගෙන යනවා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ඉල්ලීම මත මධ්‍යම පරි­සර අධි­කා­රියේ අධී­ක්ෂ­ණය යටතේ රටේ පව­තින තත්වය මත තමයි අපි තාව­කා­ලික ප්ලාන්ට් එකක් සකස් කළේ.

අප­ද්‍රව්‍ය දහනය කිරී­මේදී ඒවා­යින් ඇති වන දුම අනා­ර­ක්ෂි­තව පරි­ස­ර­යට මුදා­හ­රින්නේ නැහැ. ඊටත් නව තාක්ෂ­ණ­යෙන් යුතු යන්ත්‍ර­යක් සකසා තිබෙ­නවා. නව ගොඩ­නැ­ගිල්ල ඉදි කිරී­මත් සමඟ මේ යන්ත්‍ර­යත් එහි ස්ථාපිත වෙනවා. වගුරු බිමක ගොඩ­නැ­ගි­ල්ලක් හදන විට යම් කාලයක් ඒ සඳහා ගත වේවි.

මේ අත­රයි වත්තල ප්‍රාදේ­ශීය සභාව අප අප­හ­සු­වට පත් කරන විදි­හට අපෙන් ප්‍රශ්න අහලා අපිට ලිපි­යක් එවන්නෙ. ඒ අය අහපු හැම ප්‍රශ්න­ය­ක­ටම අනු­මැ­තිය සහි­තව ඒ ඒ ආය­තන නිකුත් කළ ලිපි අපි ඉදි­රි­පත් කළා. ඉන් පස්සේ කාර්ය­භාර නිල­ධා­රි­යෙ­කු­ගෙන් අපිට ලිපි­යක් එනවා අපේ ට්‍රේඩ් ලයි­සන් එක අත්හි­ටවූ බවට. මේ අය එයට හේතුව ලෙස ගන්නේ අදාළ ස්ථානයේ දාහ­කය සවි නොකළ නිසා ලයි­සන් අත්හි­ටු­ව­නවා කිය­ලයි.

අප කළේ රටේ තිබෙන සමස්ත රෝහල් පද්ධ­තිය ගෙනි­යන්න තාව­ක­ලික ඉදි කිරී­මක් කිරීම. ඔවුන් මේ වගේ දෙයක් කරන්න කලින් අඩුම තරමේ අපිත් සමඟ කතා­බහ කරන්න තිබුණා. කිසි දෙයක් සොයා බලන්නේ නැතු­වයි මේ විදි­හට කර තිබෙන්නේ. සභා­ප­ති­ව­ර­යා­ගෙයි අනෙක් මන්ත්‍රී­ව­රුන් අත­රයි දේශ­පා­ල­න­මය ප්‍රශ්න­යක් තිබෙ­නවා කියලා ඔවුන්ම අපිට පව­ස­නවා. ඒ අත­රම කිය­නවා මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා. එහෙම කියන ගමන්ම මෙය මෙතැන කර­ගෙන යන්න බැරි විදිහේ වැඩත් කර­නවා.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්තු­මි­යත් මේ ගැන කතා කරලා ලිපි­යක් යොමු කර තිබෙ­නවා. අධ්‍යක්ෂ ජන­රාල් කතා කරලා ලියුම් ඇර තිබෙ­නවා. මධ්‍යම පරි­සර අධි­කා­රිය කතා කරලා ලියුම් ඇර තිබෙ­නවා. ඒ වගේම සෞඛ්‍ය ඇම­ති­තු­මත් ප්‍රශ්න­යට මැදි­හත් වෙනවා. මේ ප්ලාන්ට් එක මෙතැන කර­ගන්න ඉඩ දුන්නේ නැති නම් රෝහල් වැහෙන බවත් කුණු ගොඩ­වල් පාරට දැම්මොත් ඇති වන හානිය ගැනත් කියලා තිය­නවා. ඉතින් මම හිත්න්නේ මේ අය මේවා සැල­කි­ල්ලට අර­ගෙන කට­යුතු කරයි කියලා අපි බලා­පො­රොත්තු වෙනවා.

ජාති­යක් ලෙස සලකා බලා විම­සිය යුතු ඉතා පැහැ­දිලි ගැටලු කිය­ව­මින් ඇත්තේ පටු දේශ­පා­ලන මජ­ර­කම් අතර තබ­මිනි. රෝහ­ල්වල සාය­නික අප­ද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධි­යේදී වසර ගණ­නා­වක් පුරා මේ රටේ මිනි­සුන් හා දේශ­පා­ල­ක­යන් හැසි­රුණ ආකා­රය ඊට සාක්ෂි සප­යයි. රෝහල් පරිශ්‍ර තුළ ගොඩ­ගැ­සෙන මේ සාය­නික අප­ද්‍රව්‍ය මේ රටේ මිනි­සුන්ගේ චින්ත­නයේ ප්‍රකා­ශ­න­යක් බඳුය. ස්ථිර සාර විස­ඳු­මක් අවශ්‍ය වන්නේ ඒ සිති­විලි රටාවේ විකෘ­ති­ය­ටය.

 

 

 

 

 

Comments