සිළුමිණ ලග්න පලාපල‍ (සැප්: 08 සිට සැප්: 14 තෙක්) | Page 3 | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (සැප්: 08 සිට සැප්: 14 තෙක්)

මේෂ

අලං­කාර වස්තු ලැබෙයි

ලග්නා­ධි­පති කුජ, රවි, බුධ, සිකුරු 5 වැන්නේ ද, රාහු 3,කේතු 9, ශනි 9 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී අලං­කාර වස්තු ලැබීම තුළ සිත් ප්‍රීතිය ඇති කරයි. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. අලුත් හිත මිතු­රන් හඳු­නා­ගැ­නී­මට ඉඩ සැලසේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්, අභි­වෘ­ද්ධි­යක් ලබයි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී සුළු බාධා ඇතත් තමාගේ වැඩ­ක­ට­යුතු කර­ගෙන යෑමට ඉඩ සැලසේ. මිල මුදල් ලැබීම අතින් ද යහ­පත්ය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. අලුත් විෂ­ය­යන් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු වේ. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, වෛරස් රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

 

වෘෂභ

නොගැ­ළ­පෙන අය සමඟ කට­යුතු එපා

ලග්නා­ධි­පති සිකුරු, රවි, බුධ, කුජ හත­ර­වැ­න්නේය. සිකුරු දිග්බ­ලයි. රාහු 2, ශනි, කේතු 8 සිටී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී කර­ගෙන යන වැඩ­ක­ට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. බාධා අව­හි­රතා නැත්තේද නොවේ. ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. කෙසේ වුවත් තමාට නොගැ­ළ­පෙන අය සමඟ කට­යුතු කිරී­මට යෑමෙන් වළ­කින්න. මිල මුදල් ලැබුණ ද විය­දම් පක්ෂය පාල­නය කිරීම අසීරු වනු ඇත. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. බාධා අව­හි­රතා එල්ල විය හැකි බැවිනි. ඉගෙ­නීමේ කට­යු­තු­වල දී සිය උත්සා­හය සහ කැප­වීම අව­ශ්‍යයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි කල්ප­නා­කාරී විය යුතුයි. මූත්‍ර දෝෂ, වකු­ගඩු දෝෂ ආදි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

මිථුන

අලුත් මිත්‍ර­යන් ඇසු­රට ඉඩ

ලග්නා­ධි­පති බුධ, රවි, කුජ, සිකුරු තුන්වැ­න්නේය. රාහු ලග්නයේ ද ශනි, කේතු 7 ද ගමන් ගනී. එම ග්‍රහ පිහි­ටීම් තුළ අලුත් මිත්‍ර­යන් ආශ්‍රය කිරී­මට ඉඩ සැලසේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වීම තුළ දියු­ණු­වක් ද සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ද උදා කර­ගත හැකිය. රැකියා ව්‍යාපා­රික අංශ­ව­ලට අදා­ළව ගම­න්බි­මන් ද අධි­කයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී අවුල් විය­වුල් තත්ත්ව­ය­න්ගෙන් තොරව ක්‍රියා කිරී­මට අව­ස්ථාව සැලසේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට අලූත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු කළ හැකිය. වෛරස් රෝග, බෝවන රෝග, ලේ දූෂ්‍යා­බාධ, උද­ර­ගත පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

රැකියා ක්ෂේත්‍රයේ බාධා

ලග්නා­ධි­පති සඳු හය­වැන්නේ ශනි, කේතු සමඟ සිටින අතර රාහු 12 ද, ගුරු 5 ද, රවි, කුජ, බුධ, සිකුරු දෙවැන්නේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ යම් යම් අව­හි­රතා බාධා ඉස්මතු කළ හැකිය. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් තර­මක සාර්ථක ප්‍රති­ඵ­ල­යක් පෙන්නුව ද අන­පේ­ක්ෂිත ලෙස විය­දම් පක්ෂය ඉහළ යා හැකි නිසා මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී විය යුතුයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. උෂ්ණා­ධික රෝග, ඇස්වල දුර්ව­ලතා ඇති කළ හැකිය.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

සිංහ

බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති රවි, යෝග­කා­රක කුජ, සිකුරු, බුධ ලග්නයේ ද ගුරු 4, රාහු 11, ශනි, කේතු 5 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී තමාගේ කට­යු­තු­ව­ලට බාධා එල්ල වුව ද සිය උත්සා­හය සහ කැප­වී­මෙන් වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යු­තු­වල දී සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. විවිධ අංශ­යන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලබා ගනී. ගෙද­ර­දොර කට­යු­තු­වල දී, යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් ක්‍රියා කරන්න. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යු­තු­වල යෙදී­මට පුළු­වන. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න.

ජය වර්ණය- රතු, අංකය- 07, දිනය- ඉරිදා

 

කන්‍යා

ව්‍යාපා­ර­වලට ශුභයි

ලග්නා­ධි­පති බුධ, සිකුරු, රවි, කුජ 12 ද, රාහු 10, ශනි, කේතු 04 ද ගුරු 3 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කරයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උප­කා­රය ලැබී­මත් බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. මිල මුදල් ලැබීම අතින් සාමා­න්‍යයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද සාමාන්‍ය වේ. සම­ඟිය සාම­යට එත­රම් බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ඇති වේ. දියු­ණුව ලබයි. ඉගෙ­නී­ම්වල දී කට­යු­තු­වල සාර්ථක බවක් ලබයි. හෘද­ගත පීඩා, රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග බල­පානු ඇත.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

තුලා

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­පති සිකුරු, රවි, කුජ, බුධ 11 ද, රාහු 9, ශනි, කේතු 3 ද, ගුරු 2 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී තර­මක් බාධා ප්‍රමා­දතා ඉස්මතු වේ. අන්‍ය­යන්ගේ සහාය උප­කා­රය ඔබ බලා­පො­රොත්තු වන තර­මට ඇති නොවේ. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යු­තු­ව­ලට ශුභයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද සාමාන්‍ය වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ බලපෑ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

වෘශ්චික

විය­දම් පක්ෂය තර­මක් ඉහ­ළයි

ලග්නා­ධි­පති කුජ, රවි දහයේ දිග්බ­ලයි. සිකුරු, බුධ සමඟ සිටී. ගුරු ලග්නයේ ද, ශනි, කේතු 2, රාහු 8 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී බාධා අව­හි­රතා ගැට­ලු­කාරී තත්ත්ව­යන් උදා කළ හැකිය. ප්‍රධා­නීන් සමග කට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් වන්න. මිල මුදල් ලැබීම තුළ මධ්‍ය­ස්ථයි. විටෙක විය­දම් පක්ෂය තර­මක් ඉහළ යයි. යුග­දි­විය සම්බන්ධ කට­යුතු මෙන්ම ගෙද­ර­දොර කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යු­තු­වල දී කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සලසා ගත හැකිය. පාද ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ, උද­ර­ගත රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ධනු

උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, රාහු 7 ද, රවි, කුජ, බුධ, සිකුරු නව­වැන්නේ ද ගමන් ගනී. එම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කරයි. උසස් නිල­ධා­රීන් සමග කට­යුතු කිරීමේ දී බුද්ධි­මත් වන්න. ගුප්ත පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට ශුභයි. මිල මුදල් ලැබීම අතින් සාමාන්‍ය වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටින්න. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකිය. උෂ්ණා­ධික රෝග, ස්නායු පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

මකර

වාසි ලබයි

ලග්නා­ධි­පති ශනි, කේතු 12 ද, ගුරු 11 ද, රවි, කුජ, බුධ, සිකුරු 8 ද, රාහු 6 ගමන් කරයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී සිය උත්සා­හය සහ කැප­වී­මෙන් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය සහ උප­කා­රය ලැබේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත්ය. වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. විටෙක සම­ඟිය සාම­යට බාධා එල්ල වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටින්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබේ. රුධිර පීඩ­නය, මුත්‍ර දෝෂ, උෂ්ණා­ධික රෝග­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය-නිල්, අංකය-08, දිනය-සෙන­සු­රාදා

 

කුම්භ

මිල මුදල් පැත්ත සතු­ටු­දා­යක නෑ

ලග්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­න­යේය. රාහු 5 ද, ගුරු 10 ද ගමන් කරයි. රවි, කුජ, බුධ, සිකුරු හතේ වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා අව­හි­රතා ගැට­ලු­කාරී තත්ත්ව­යන් ඉස්මතු වීමෙන් ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. මිල මුදල් ලැබීම අතින් වුව ද එත­රම් ශුභ­දා­යක නැත. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. ගෙද­ර­දොර කට­යුතු කර­ගෙන යෑමේ දී ශරී­ර­යට තද වෙහෙස මහන්සි ගති­යක් පෙන්වයි. වැඩ­ක­ට­යුතු බහුල වේ. ඉව­සී­මෙන් ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කරන්න. ශරීර දුර්ව­ල­තා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

මීන

දරු­වන්ගේ වැඩට කාලය ගත වෙයි

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු කර්ම­ස්ථා­න­යේය. රවි, කුජ, සිකුරු හයේ ද ගමන් ගනී. රාහු 4 ගෝච­රය වේ. එම කරුණු සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු වේ. සතුරු කර­දර පෙන්වයි. එම නිසා ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යන නිසා මිල මුදල් ඉතිරි කර­ගැ­නීම අප­හසු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතුවලදී තර­මක් කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ශුභයි. රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග ඇති කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

Comments