බිහි­සු­ණුම පිය­යුරු පිළි­කාවට ගො­රකාවලින් ඔසුවක් තැනූ ලංකාවේ ප්‍රාඥයා | Page 2 | සිළුමිණ

බිහි­සු­ණුම පිය­යුරු පිළි­කාවට ගො­රකාවලින් ඔසුවක් තැනූ ලංකාවේ ප්‍රාඥයා

මා­ජයේ ඇති මාරා­න්තික රෝග අත­රින් පිළි­කා­වට ප්‍රමු­ඛ­ස්ථා­න­යක් හිමි වන්නේ අද වන විට පිළි­කාව ශීඝ්‍ර­යෙන් ව්‍යාප්ත වී ඇති නිසාය. පිළි­කා­වට ගොදුරු වීමට ලොකු කුඩා වයස් භේද­යක් නැත. ස්ත්‍රි පුරුෂ භේද­යක් නැත. සමාජ තරා­ති­ර­මක් අවශ්‍ය නැත. සිත් පිත් නැති පිළි­කාව කොයි මොහොතේ කවු­රුන් බිලි ගනී­වී­දැයි කිසිව­කුට කිව නොහැ­කිය.

පිළි­කා­වක් ලෙස හැඳි­න්වෙන්නේ ශරී­රයේ සෛල පාල­නය කළ නොහැකි ලෙස විභේ­ද­නය වීමේ වේගය වැඩි වු අව­ස්ථා­වක් ය. ඕනෑම මිනිස් සිරු­රක සෛල බෙදීම සිදු වන අතර ඒ ආකා­ර­යට ම සෛල මිය යෑමද සිදු වේ. එම ක්‍රියා­ව­ලිය සම­තු­ලිත ආකා­ර­යෙන් සිදු වන අතර එය නියා­ම­නය කරනු ලබන්නේ ජාන­ව­ලිනි. එලෙස පාල­නය කළ නොහැකි ලෙස සෛල විභේ­දන වේගය වැඩි වීමට හේතු වන්නේ අප සිරුරේ සෛල­වල පව­තින ඇතැම් ජාන­යන්හි ඇති වන විකෘ­තිතා වේ. එහෙත් ජාන­වල විකෘ­ති­තා­වක් නිසා සෛල බෙදෙන වේගය වැඩි වී මිය යන සෛල ප්‍රමා­ණය අඩු වේ. පිළි­කා­වක් ලෙස හැඳි­න්වෙන්නේ එයයි.

ආචාර්ය සමීර ආර්. සම­ර­කෝන්

පෙණ­හලු පිළිකා, මුඛ පිළිකා, පිය­යුරු පිළිකා, ගර්භාශ පිළිකා, පුරඃස්ථි ග්‍රන්ථි පිළිකා ආදි වශ­යෙන් පිළිකා වර්ග රැසක් තිබේ. ඒ හැර මොළයේ ද ඇසේ ද පාද­ව­ල ද ගුද මාර්ගයේ ද ආහාර මාර්ගයේ අන්ත්‍ර­වල ද ඇතුළු සිරුරේ ඕනෑම තැනක පිළිකා ඇති විය හැකිය. පිළි­කා­වක් යනු­වෙන් හැඳි­න්වෙන එම වේග­යෙන් වර්ධ­නය වන විකෘති සෛල පාල­නය කිරීම ඉතා අසී­රුය.

පිළිකා සෛල පාල­නය කළ හැක්කේ විකෘති සෛල වර්ධ­නය වන කොටස ශරී­ර­යෙන් ඉවත් කිරී­මෙනි. ඒ හැර කීමෝ (රසා­ය­නික) ප්‍රති­කාර සහ විකි­රණ ප්‍රති­කාර ක්‍රම මඟින් එම සෛල විනාශ කළ හැකිය. එහෙත් එම විකෘති පිළිකා සෛල අතර විනාශ වී නොයන, කෙටි කලක් නිද්‍රෝ­ප­ගතව හිඳ යළි හිස ඔස­වන දඩ­බ්බර සෛල සුළු ප්‍රමා­ණ­යක් ද ඇත. එකී සෛල හැඳි­න්වෙන්නේ “පිළිකා පියවි සෛල” යනු­වෙනි.

කීමෝ ප්‍රති­කාර හෝ විකි­රණ ප්‍රති­කාර ලබා දී හය මාස­යක් වැනි කෙටි කාල­යක් ගත වූ පසුව “පිළිකා පියවි සෛල” නැව­තත් සිය ව්‍යාප්තිය ආරම්භ කරයි. පිළිකා පියවි සෛල, ඖෂධ මඟින් පාල­නය කර විනාශ කිරීම එත­රම් පහසු නැත. යම් හෙය­කින් පිළිකා සෛල වර්ධ­නය වීම මුල් අව­ස්ථා­වේ­දීම හඳු­නා­ගත් විට පිළිකා සෛල විනාශ කළ හැකි වුවද බොහෝ දෙනෙ­කුගේ පිළි­කාව හඳුනා ගනු ලබන්නේ මුල් අව­ස්ථා­වේදී නොවේ. කොප­මණ ප්‍රති­කාර කළ ද පිළිකා පියවි සෛල කලක් සැඟවී සිට යළි ක්‍රියා­ශීලී වන බැවින් වර්ධ­නය වු පිළිකා මර්ද­නය කිරීම තර­මක් අප­හසු වේ.

“අද වන විට පිළි­කාව ලෝක­යට ම තර්ජ­න­යක් වෙලා. පිළි­කාව වැල­ඳිලා මිය යන රෝගීන් ගණන දව­සෙන් දවස ඉහළ යනවා. ඒත් ඇතැම් පිළිකා සම්පු­ර්ණ­යෙන්ම මර්ද­නය කරන්න ලෝකයේ දැනට තිබෙන බෙහෙත් ප්‍රමා­ණ­වත් කාර්යක් ඉටු කරන්නේ නෑ. ලෝකයේ බොහෝ රට­වල් පිළි­කාව මර්ද­නය කරන්න, විනාශ කරන්න නව බෙහෙත් සොයා­ගැ­නීමේ පර්යේ­ෂ­ණ­වල නිරත වී සිටි­නවා. ඒ නිසා මා ඇතුළු මගේ පර්යේ­ෂණ කණ්ඩා­ය­මත් තීර­ණය කළා ලංකා­වෙ­නුත් පිළි­කාව විනාශ කිරීමේ පර්යේ­ෂණ කරන්න. ඒ සඳහා අවශ්‍ය විද්‍යා­ගාර පහ­සු­කම් කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජෛව රසා­යන අණුක ජීව­වේද ජෛව තාක්ෂණ ආය­ත­නයේ ස්ථාප­නය කළා. පිළිකා නාශක ගුණ සහිත ගස් පොතු, කොළ, ගෙඩි වර්ග ගැන අපේ දේශීය වෙද­කමේ සඳ­හන් වෙනවා. ඒ නිසා අපි හිතුවා අපේ රටට ආවේ­ණික ගස් කොළ­න්ව­ලින් ප්‍රති­පි­ළි­කා­කා­රක ගුණ තහ­වුරු කර­ගැ­නීම වඩාත් සුදු­සුයි කියලා. දේශීය දේව­ල්ව­ලින් ඖෂ­ධ­යක් සොයා ගත්තොත් එය නිෂ්පා­ද­නය කිරී­මට යන විය­ද­මත් අඩු වෙනවා. ඒ වගේම අතුරු ආබාධ අවම කර­ග­න්නත් පුළු­වන්.,,

“අපේ රටේ ඖෂ­ධීය ගුණ සහිත අපේ රටට ආවේ­ණික ශාක වර්ග 800 ගණ­නක් තිබෙ­නවා. 2003 ඉඳලා ලංකා­වෙත් පිළිකා නාශක ගුණ සහිත ඖෂධ ගැන විවිධ මට්ටමේ පර්යේ­ෂණ සිදු කර­නවා. මේ සම්බ­න්ධ­යෙන් මම පර්යේ­ෂණ කරන්න පටන් ගත්තේ 2014 ඉඳලා.” යනු­වෙන් පව­ස­මින් සාක­ච්ඡා­වට ප්‍රවීෂ්ට වූයේ කොළඹ විශ්වවිද්‍යා­ලයේ ජෛව රසා­යන අනුක ජීව­වේද ජෛව තාක්ෂණ ආය­ත­නයේ කථි­කා­චාර්ය ආචාර්ය සමීර ආර්. සම­ර­කෝන් ය. මේ අනුව ඔහු කටු­පිල, කොහොඹ වැනි ශාක­වල පොතු සහ පත්‍ර සිය පර්යේ­ෂ­ණ­ව­ලට ‍යොදාග­ත්තේය. එම පරී­ක්ෂ­ණ­ව­ලින් ඔහු සාර්ථක ප්‍රති­ඵල අත් කර­ගත්තේ ඒවායේ ප්‍රති පිළි­කා­කා­රක ගුණ ඇති බව තහ­වුරු කර­මිනි. දැනට ලෝකයේ පිළිකා සඳහා භාවිතාකරන බොහෝ ඖෂධ නිප­දවා ඇත්තේ ශාක­ව­ලින් වෙන් කර­ගත් රසා­ය­නික සංයෝග භාවි­ත­යෙනි. ඉන් අන­තු­රුව ඔහු ගොරකා ගසේ පොතු උප­යෝගි කර­ග­නි­මින් පිළිකා පියවි සෛල විනාශ කිරිමේ ගුණ ගැන පරී­ක්ෂණ කිරී­මට අත ගැසුවේ 2014 වස­රේ­දීය. 2014 වසරේ ආරම්භ කළ පිළිකා පියවි සෛල මර්ද­නය කිරී­මට සමත් දේශීය ශාක යොදා­ගැ­නීමේ පර්යේ­ෂ­ණ­ව­ලට මූල්‍ය අනු­ග්‍ර­හය ලබා දුන්නේ ජාතික පර්යේ­ෂණ සභා­වයි. අද වන විට ඔහු එයින් ද සාර්ථක ප්‍රති­ඵල ලබා­ගෙන සිටී.

“අපේ පරී­ක්ෂ­ණ­ව­ලට අවශ්‍ය පිළිකා සෛල වර්ග 35ක් විතර අපේ විද්‍යා­ගා­ර­වල තැන්පත් කර තිබෙ­නවා. අපි එම සෛල විද්‍යා­ගාර තුළ වගා (culture) කර­නවා. ඒ හැර පිළිකා රෝහ­ලෙ­නුත් රෝගීන්ගේ සෛල ලබා­ග­න්නවා. ගොරකා පොතු මූලික කර­ගත් පර්යේ­ෂණ වලට මම යොදා ගත්තේ පිය­යුරු පිළි­කා­වල ට්‍රිපල් නෙග­ටිව් කාණ්ඩයේ පිළිකා සෛල. අද කාන්තා­වන්ට බහු­ලව හට­ගන්නේ පිය­යුරු පිළි­කාව. පිය­යුරු පිළි­කාවේ ට්‍රිපල් නෙග­ටිව් කියන පිළිකා වර්ගය භයා­න­කම පිළිකා වර්ග­යක් ලෙස සැල­කෙන්නේ දැනට පිය­යුරු පිළිකා සුව කිරී­මට භාවිත වන හෝමෝන ප්‍රති­කාර ක්‍රම පවා එම පිළිකා වර්ගය සඳහා භාවිත කළ නොහැකි නිසයි. ඒ නිසයි මම ඒ සෛල වර්ගය ගොරකා පොතු සම්බ­න්ධ­යෙන් කරන පර්යේ­ෂ­ණ­යට පාවිච්චි කළේ.” යනු­වෙන් ආචාර්ය සමීර ආර්. සම­ර­කෝන් සඳ­හන් කළේය. ඔහුගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුතු එම පර්යේ­ෂණ කණ්ඩා­ය­මට ආචාර්ය උපාධි අපේ­ක්ෂිකා උමා‍ ­රා­ජ්ගෝ­පා­ලන්, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කමනි තෙන්න­කෝන් සහ වෛද්‍ය කනිෂ්ක ද සිල්වා අයත් වූහ. එම කණ්ඩා­යම ප්‍රථ­ම­යෙන්ම කළේ පිළිකා සෛල අත­රින් පිළිකා පියවි සෛල තෝරා­ගැ­නී­මයි. ඉන්ප­සුව ලංකා­වට ආවේ­ණික ශාක වර්ග 5ක් තෝරා­ගෙන ඒවායේ පොතු සහ කොළ කාබ­නික ද්‍රාවණ වර්ග 4කට නිස්සා­ර­ණය කර­ගනු ලැබීය. පසුව එම නිස්සා­ර­ණ­ව­ලින් කාබ­නික ද්‍රාවණ ඉවත් කර නිස්ස­ර­ණ­යන් වියළා ට්‍රිපල් නෙග­ටිව් යන පිය­යුරු පිළිකා සෛල­ව­ලින් වෙන් කර­ගත් පිය­යුරු පිළිකා පියවි සෛල­ව­ලට ඒවා නිරා­ව­ර­ණය කළේය. එහිදී ඔවුන් දුටුවේ ශ්‍රී ලංකාවේ දැනට වැවෙන ගොරකා වර්ග 2ක පොතු සතුව පිය­යුරු පිළිකා පියවි සෛල විනාශ කිරීමේ හැකි­යාව පව­තින බවයි.

ඉන් පසුව ලංකාවේ පම­ණක් දැනට වැවෙන ලංකා­වට අාවේ­ණික ගොරකා වර්ග­යක් වන එළ­ගො­රකා පොත්ත (Garcinia Zelanica) යොදා­ගෙන එහි ඇති පිළිකා පියවි සෛල විනාශ කිරී­මට සමත් රසා­ය­නික සංයෝග වර්ග 4ක් ලොව පළමු වතා­වට ඔවුහු සොයා­ග­න්නට සමත් වූහ. ගොරකා පොත්තේ රසා­ය­නික ස‍ංයෝග එක් එක් වර්ගය සෛල­ව­ලට යොදා සෛල මරා දම­න­වාට වඩා රසා­ය­නික සංයෝග 4ම එකතු කර දැමූ විට ඉහළ ක්‍රියා­කා­රි­ත්ව­යෙන් යුතු සාර්ථක ප්‍රති­ඵල ළඟා කර­ගත හැකි බව ප්‍රත්‍යක්ෂ කර ගැනිණි. ඒ අනුව පියවි සෛල විනාශ කර දැමීමේ ඖෂ­ධීය වට්ටෝ­රුව (Formula) සකස් කෙරිණි.

පිය­යුරු පිළිකා සෛල මරා දැමී­මට එළ­ගො­රක පොත්ත සමත් බව වන සොයා­ගැ­නීම Tropical Journal of Pharmaceutical Research යන විද්‍යා ජර්න­ලයේ පළ විය. ‍‍ලෝකයේ ප්‍රථම වතා­වට එළගො­රකා පොත්තට පිළිකා පියවි සෛල විනාශ කළ හැකි ප්‍රති පිළි­කා­කා­රක ගුණ ඇති බව තහ­වුරු කළේ ආචාර්ය සමීර ආර්. සම­ර­කෝන් ප්‍රමුඛ පර්යේ­ෂණ කණ්ඩා­ය­මය. එය ශ්‍රී ලාංකි­ක­යන්ට ආඩ­ම්බර විය හැකි කරු­ණක් වන්නේ ඔහු ශ්‍රී ලංකා මාතා­වගේ පුත් රුව­නක් වන නිසාය. එමෙන්ම එම පණි­වි­ඩය ලෝකයේ සිටින පිළිකා රෝගීන්ට මරණ බිය දුරු කර සැහැ­ල්ලු­වෙන් අනා­ග­තය දෙස බැලිය හැකි සුබ­දායි පුව­තක් වනු ඇත.

“අපි මේ වට්ටෝ­රුව සොයා ගත්තාට මෙය රෝගීන්ට කෙළින්ම ලබා­ගත හැකි ඖෂ­ධ්‍යක් හැටි­යට නිෂ්පා­ද­නය වෙන්න තව කාල­යක් ගත වේවි. ඉස්සෙ­ල්ලාම මීයන්ට දීලා විෂ රහිත ද විෂ සහිත ද කියලා පරී­ක්ෂණ කරන්න තියෙ­නවා. ඒම පර්යේ­ෂණ සාර්ථක වුණොත් ඊළ­ගට රෝගීන්ට දීලා පරී­ක්ෂණ කරන්න තිබෙ­නවා. ඊට පස්සෙ තමයි ඖෂධ නිෂ්පා­දන සමා­ග­මක් මෙය නිෂ්පා­ද­නය කර­න­වද නැද්ද කියල තීර­ණය කරන්නේ. ඒකට තව කාල­යක් ගත වේවි. මොකද ලංකාවේ දැනට බට­හිර ක්‍රමය යොදා­ගෙන රෝගීන්ට සාය­නි­කව භාවිත කළ හැකි නව බෙහෙත් නිප­ද­වීමේ ක්‍රම­වේ­ද­යක් නෑ.

අනා­ග­ත­යේදී රට ගැන හිතන සහ රටේ වටිනා දේවල් ලෝක වෙළෙඳ­පො­ළට ගෙන යා හැකියි යන විශ්වා­සය තබන නාය­ක­යන් බිහි වී රට තුළ නව බෙහෙත් නිෂ්පා­දන සහ එම පර්යේ­ෂණ සඳහා දැවැන්ත ආයෝ­ජ­න­යක් කළ­ හොත් අනි­වා­ර්ය­යෙන්ම අපේ රටි­නුත් නව ඖෂධ ගණ­නා­වක් නිපදවේවි.” යනු­වෙන් ආචාර්ය සමීර ආර්. සම­ර­කෝන් මහතා පැව­සීය.

 

 

Comments