මගේ පුංචි කාලේ | සිළුමිණ

මගේ පුංචි කාලේ

මිදුල පුරා මඬ නාමින්
සෙල්ලම් කළ කාලේ
අයියා එක්ක අක්කා එක්ක
රණ්ඩු කරපු කාලේ
සෙල්ලම් ගෙයි වහලේ කඩන්
බිමට වැටුණු කාලේ
මට මත­කයි මට මත­කයි
මගේ ළමා කාලේ
තැඹිලි ගහේ පොල් පිත්තෙන්
ලොකු හර­කෙක් කපලා
පොල් කට්ටක් දෙකට කඩා
අං තට්ටුව තියලා
ඔන්න පුතේ හරකා කියලා
සීයා දුන්නා හදලා
ඒ අතරේ අම්මා කැව්වා
මට බත් ගුළි හදලා

ආර්.පී. ශනිල්කා අම­දිනි රත්නා­යක
9 ශ්‍රේණිය
යශෝ­ධරා දේවී බාලිකා මහා විද්‍යා­ලය
ගම්පහ

Comments