සබ­ර­ගමු මහ ශිෂ්‍ය සංග­මය මෙසේ කියයි | Page 2 | සිළුමිණ

සබ­ර­ගමු මහ ශිෂ්‍ය සංග­මය මෙසේ කියයි

සු­ගිය සතියේ සිළු­මිණ පුව­ත්පතේ පළවූ සර­සවි නව­ක­ව­ධය සම්බ­න්ධ­යෙන් ලියැ­වුණු ලිපිය පිළි­බඳ අද­හස් පළ කර­මින් ශ්‍රී ලංකා සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ මහා ශිෂ්‍ය සංග­මය ලිපි­යක් එවා ඇත. මේ එම ලිපි­යයි. ‍

“පුව­ත්පතේ පළවූ ලිපියේ සඳ­හන් පරිදි දැනට සිටින නවක කණ්ඩා­යම විශ්ව­වි­ද්‍යා­ල­යට පැමිණ දෙවන සතියේ සිට උද්ඝෝ­ෂණ ක්‍රියා­මා­ර්ග­ය­කට සිර කළ බව ප්‍රකාශ කරයි. එම කණ්ඩා­යම විශ්ව­වි­ද්‍යා­ල­යට බඳ­වා­ගන්නා අව­ස්ථාවේ අනෙක් සියලු සිසුන්ට නිවාඩු ලබාදී විශ්ව­වි­ද්‍යා­ලය වසා තැබූ අතර, මෙම කාලය තුළදී විශ්ව­වි­ද්‍යාල‍යේ මහා ශිෂ්‍ය සංග­මය ලෙස හෝ පීඨ ශිෂ්‍ය සංගම් ලෙස කිසිඳු උද්ඝෝ­ෂණ ක්‍රියා­මා­ර්ග­යක් සිදු නොවීය. එමෙන්ම සැලොන් එක­කට රැගෙන ගොස් නවක සිසුන්ගේ කොණ්ඩය ජ්‍යෙෂ්ඨ සිසුන්ට අවශ්‍ය පරිදි කැපීම සිදු කරන බව සඳ­හන් කරයි. එවැනි සිදු­වී­මක් කිසිදු අයු­ර­කින් සිදු නොවන බව සඳ­හන් කළ යුතුයි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුන්ගේ දේශ­නා­ගාර වෙත පැමි­ණෙන බව සඳ­හන් කරයි. නමුත් විශ්ව­වි­ද්‍යාල සිසුන් ලෙස නිර්මා­ණය කර­ගෙන පව­තින උප­සං­ස්කෘ­තිය තුළ අනෙක් කණ්ඩා­ය­ම්වල දේශන ශාලාවලට පැමි­ණීම තවත් කණ්ඩා­ය­ම­කට අන­වශ්‍ය කාර­ණ­යක් මෙන්ම දේශ­න­ශා­ලා­වක් තුළ පව­ත්වා­ගෙන යන්නාවූ පොදු එක­ඟ­තා­ව­ලද එවැනි කාර­ණ­යක් නොමැත. නේවා­සි­කා­ගාර, නාන කාම­ර­ව­ලට ගෙන ගොස් දරුණු ලිංගික හිංස­න­යන් සිදු කරන බව පව­සයි. මෙයද සම්පූර්ණ අස­ත්‍යය ප්‍රකා­ශ­යකි.

එමෙන්ම නවක ශිෂ්‍යා­වන් හට පළමු මාස කිහි­පය තන­පට ඇඳීම තහ­නම් කර ඇති බව ප්‍රකාශ කරන අතර, ලිංගික චිත්‍ර­පට නැර­ඹී­මට ලබාදී ඒ සම්බ­න්ධ­යෙන් ලිපි ලිවී­මට ලබා­දෙන බව හා එසේ සිදු නොකි­රී­මෙන් දරුණු වද හිංස­න­යන්ට ලක්වන බව පව­සයි. එමෙන්ම අඩ නිරු­වත් වී නර්ත­නයේ යෙදී­මට ලබා­දෙන බව පව­සයි. මෙම ප්‍රකාශ සියල්ල සාවද්‍ය සිදු­වීම් වන අතර, විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍යා­වන් අප­හ­සු­තා­වට පත් කිරී­මට මෙවැනි ප්‍රකාශ සිදු කරන බව අපගේ අද­හ­සයි.

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ නවක වදය ලබා­දී­මට සිංහ­රාජ වනා­න්ත­ර­යට සිසුන් රැගෙන යන බව පුවතේ වාර්තා කරයි. සිංහ­රාජ වනා­න්ත­ර­යට විශ්ව­වි­ද්‍යා­ලයේ සිට කි.මි. 140 ක් පමණ දුරක් පව­තින අතර, මෙම පුව­ත්පතේ පළ­කර ඇති පරිදි නවක ශිෂ්‍ය­යන් මෙම වන­යට රාත්‍රී කාල­යේදී ගෙන ගොස් දරුණු වද­යන්ට ලක්වන බව පව­සයි. “සිංහ­රාජ” යනු විශ්ව­වි­ද්‍යා­ලයේ පව­තින පිරිමි නේවා­සි­කා­ගාර සංකී­ර්ණය වන අතර, පළමු වසර කණ්ඩා­යම සිටින්නේ ද එම නේවා­සි­කා­ගාර සංකී­ර්ණ­යේය. එමෙන් ම සිසුන්ට ආචා­ර්ය­වරු විශ්වාස නොක­රන ලෙසට උප­දෙස් ලබා­දෙන බව පව­සන අතර, එවැනි කිසිඳු ආකා­ර­යක උප­දෙස් ලබා­දී­මක් ජ්‍යෙෂ්ඨ සිසුන් මඟින් සිදු නොවන බවත්, ශිෂ්‍ය­යන් හා ආචා­ර්ය­ව­රුන් අතර ඇති සම්බ­න්ධ­තාව බිඳ හෙලී­මට දරන උත්සා­හ­යක් ලෙසත් මෙය හැඳි­න්විය හැක.

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ සිදු­වෙ­තැයි කියන එම සිද්ධීන් සම්බ­න්ධ­යෙන් චෝදනා ඉදි­රි­පත් කර ඇති පාර්ශ්ව­ය­න්ගෙන් කිසිදු විම­සී­මක් සිදු නොකර, සත්‍යය තොර­තුරු සම්පූ­ර්ණ­යෙන් විකෘති කර­මින් හා අස­ත්‍යය තොර­තුරු පළ කිරී­මෙන් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යන්ට චෝදනා කිරීම සම්බ­න්ධ­යෙන් අපගේ විරෝ­ධය පළ කර­න්නෙමු.”

Comments