අප්පච්චී මට රටක් වටී | සිළුමිණ

අප්පච්චී මට රටක් වටී

දිනපතාම මහ­න්සිවී ගෙද­රට එන්නේ
වෙහෙසක් නොතකා සැමදා අප රැක ගන්නේ
නිරතුරුවම අප හට හොඳ දේ දෙන්නේ
යහ­මඟ යන්නට සැමවිට ඔව­දන් දෙන්නේ

ගෙදර බුදුන් නොවු­ණත් මගේ අප්පච්චී
තරු මඩ­ලට පෑයූ සඳ අප්පච්චී
ලොව මනු­දම් කියලා දුන් අප්පච්චී
සැමදා නිව­හනේ සැන­සුම අප්පච්චී

දිය­ණි­ය­කගේ සෙනෙ­හස් ගඟ අප්පච්චී
හද තුළ නැ‍ඟෙන අභි­මා­නය අප්පච්චී
ඔබෙ දහ­ඩිය සුව­ඳයි මට අප්පච්චී
සැමදා මට විරු­වෙකි ඔබ අප්පච්චී

ඩී. එම්. චමුදි ඉසංකා
8 ශ්‍රේණිය,
බිබි­ලේ­ගම මහ විද්‍යා­ලය,
බිබි­ලේ­ගම 

Comments