අපාරේ කාව්‍ය සංසාරේ
කවිරේව ප්‍රජාපතිඃ
කුමාරතුංග මුනිදාසයන් එය සිංහලට නඟන්නේ මෙලෙසිනි.
තෙරක් නොමැති කව් සසරේ
මහ බඹු කවියා විතරේ
අපාර වූ කාව්‍ය සංසාරේ මහ බඹු හෙවත් නිර්මාතෘ වෙන්නේ කවියා ය.
කවිය කියන්නේ මලක් වැන්නකි. මලෙහි සුවඳ කිසිවකුටත් අයිති කරගත නොහැක්කකි. කොතරම් උරා ගත්ත ද එහි සුවඳ අවසන් නොවේ. මලෙහි ම ඉතිරි වේ. අනුන්ට සුවඳ ප්‍රදානය කරන අතරම තමාගේ සුවඳ රැක ගන්නා අයුරු ද...