Home » Cinnamon Nature Trails වෙතින් සංචාරක ක්ෂේත්‍රයට නව අත්දැකීමක්

Cinnamon Nature Trails වෙතින් සංචාරක ක්ෂේත්‍රයට නව අත්දැකීමක්

by gayan
April 20, 2024 12:30 am 0 comment

Cinnamon Hotels & Resorts හි වනජීවී සහ සොබාදහම ඉලක්ක කරගත් සංචාරක අංශය වන Cinnamon Nature Trails වෙතින් පාරිසරික චාරිකා පිළිබඳ විශේෂඥ වැඩපිළිවෙළක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හඳුන්වා දුන්නේය. මෙම වැඩපිළිවෙළ අංග 5කින් සමන්විතය. නගරාශ්‍රිත පරිසර විවිධත්වය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබේ. Cinnamon Nature Trails යනු, වසර ගණනක් BBC Natural History Productions, Nat Geo Wild සහ මෑතකදී BBC Studios විසින් නිර්මාණය කළ BBC Planet Earth 3 වැනි වනජීවී වාර්තා චිත්‍රපට සඳහා දායකත්වය දුන් ව්‍යාපෘතියකි.

“ඓතිහාසික ස්ථාන පිළිබඳ උනන්දුවක් ඇති, නාගරික විවිධත්වය අගයන හෝ අප්‍රකට ස්ථාන සොයා යන සංචාරකයකුට වුවද මේ තුළින් සංචාරක ගමනාන්තයකට එහා ගිය අත්දැකීමක් කොළඹ ආශ්‍රිතවම විඳීමට හැකි වනවා…” යනුවෙන් Cinnamon Hotels & Resorts කොළඹ ප්‍රාදේශිකයේ උපසභාපති කමල් මුණසිංහ පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division