Home » විදුලි ගාස්තු අඩු කිරීමට පුනර්ජනනීය බලශක්තිය යෝජනා කරන තරුණ කැඳවුම්කරු

විදුලි ගාස්තු අඩු කිරීමට පුනර්ජනනීය බලශක්තිය යෝජනා කරන තරුණ කැඳවුම්කරු

by gayan
April 20, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණ දී සිටින විදුලි ඒකක ගාස්තු ඉහළ යාමේ අර්බුදය සම්බන්ධයෙන් පැවති හමුවකට එක් වෙමින්, පුනර්ජනනීය බලය උදෙසා තරුණ සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් බණ්ඩාර ප්‍රකාශ කළේ සාමාන්‍ය පවුලක ආදායමෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් විදුලි පරිභෝජනය සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බවත්, මෙම තත්ත්වය ගෘහ හා ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝගයක් වී ඇති බවත්ය. විදුලි බිල් වැඩි වීම ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා අහිතකර ලෙස බලපාන අතර, එය ආර්ථික වර්ධනයට මෙන්ම නවෝත්පාදන අදහස්වලට ද දැඩි බාධාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

සුළං සහ සූර්ය ශක්තිය හොඳින් ලැබෙන ප්‍රදේශ ලෙස පිළිවෙළින් මන්නාරම සහ හම්බන්තොට යන ප්‍රදේශ ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇති අතර, පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සඳහා යොමු වීමේ වැදගත්කම, මෑතකාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය විසින්ද පැහැදිලිව පෙන්වා දුන් බව ඔහු පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division