Home » නෙස්කැෆේ සහ මැගීට ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මානය

නෙස්කැෆේ සහ මැගීට ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මානය

by gayan
April 20, 2024 12:30 am 0 comment

2024 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව තුන්වැනි වසරටත් නෙස්කැෆේ සහ මැගී, පිළිවෙළින් වසරේ උණුසුම් පාන සන්නාමය සඳහා වන සම්මානයද, වසරේ ස්නැක් සන්නාමය සඳහා වන සම ජයග්‍රහණයද දිනා ගත්තේ ය.

අඛණ්ඩව දෙවැනි වසරටත් ජනතා සම්මාන දිනාගැනීම තුළින් අපගේ සන්නාම කොතෙක් දුරට ශ්‍රී ලාංකිකයින්ට සමීප වී ඇත්ද යන්න තහවුරු කරයි. එමෙන්ම පවතින අභියෝගකාරී පරිසරය හමුවේ වුව ද පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම වෙනුවෙන් නෙස්කැෆේ සහ මැගී සන්නාම පසුපස සිටින කණ්ඩායම් දක්වන කැපවීමත් මෙම සම්මාන හරහා පිළිබිඹු වේ. මෙම සම්මාන පිළිබඳව අපි නිහතමානීව සතුටු වන අතරේ ඉදිරියටත් උසස් ගුණාත්මකබවින් යුතු නිෂ්පාදන පිරිනැමීමටත්, වසර 115කට අධික කාලයක් තුළ සිදු කළ අයුරින්ම අපගේ පාරිභෝගිකයින් ප්‍රමුඛ කරගනිමින් කටයුතු කිරීමටත් පියවර ගන්නෙමු. ඔවුන්ගේ ආදරය, විශ්වාසය සහ ළැබැඳියාව අපගේ සාර්ථකත්වයේ සුවිශේෂ සාධකයකි, යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳ තම අදහස් බෙදා ගනිමින් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆාන් පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division