Home » ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට අමෙරිකාවේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට අමෙරිකාවේ පූර්ණ සහාය

by Mahesh Lakehouse
April 13, 2024 12:33 am 0 comment

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීභාවය තහවුරු කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව අමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවාන් (Jake Sullivan) මහතා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට පොරොන්දු වී ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාගල රත්නායක මහතා සහ ජේක් සුලෙයිවාන් මහතා අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබාදී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ මුල්‍ය කටයුතුවලට මෙන්ම මූල්‍ය පාලනයට ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමටත් සුලෙයිවාන් මහතා සාගල රත්නායක මහතාට පොරොන්දු වී ඇත. ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතුවලට අවශ්‍ය උපකරණ සපයාදීම ගැන ද මෙහිදී දෙරට රාජ්‍ය නියෝජිතයන් දෙදෙනා සාකච්ඡා කොට ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එල්. පී. සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division