Home » අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීමට වැට

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීමට වැට

by Mahesh Lakehouse
April 13, 2024 12:34 am 0 comment

අවුරුදු උත්සව සමයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුමිලට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු සිළුමිණට කීය.

භාණ්ඩ මිල ඉහළ යාම සඳහා බලපාන සියලු සාධක කෙරෙහි අවධානය යොමු කර මිල වැඩිවීමට හේතු සාධක ඉවත් කර ඇතැයි ද පෙන්වා දුන් ඇමැතිවරයා කීවේ ඒ අනුව ලොකු ලූනු හැර අනෙක් සියලු භාණ්ඩ ජනතාවට සහන මිලකට ලබා ගැනීමට අවස්ථාව තිබෙන බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් මුදල් අමාත්‍යාංශය හා එක්ව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සලසා දුන් බවත් කිසිදු ආනයනකරුවකුට හෝ අතරමැදි අයකුට අධික ලාබ ලැබීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට බිත්තර පවා රුපියල් 35.00 සිට මිලකට ගත හැකි බව පෙන්වා දුන් ඔහු කීවේ උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් වැඩි වශයෙන් යොදා ඇති බවයි.

ඒ යටතේ භාණ්ඩ වැඩි මිලට විකිණීම, භාණ්ඩ සැඟවීම, මිල වෙනස් කර විකිණීම මෙන්ම ගුණාත්මක බවින් අඩු ආහාර ද්‍රව්‍ය අලෙවිය ගැන විශේෂ අවධානයක් යොමු කර ඇතැයිද ඔහු කීවේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division