Home » ගමේ ගිය අයට එන්න විශේෂ බස් හා දුම්රිය

ගමේ ගිය අයට එන්න විශේෂ බස් හා දුම්රිය

by Mahesh Lakehouse
April 13, 2024 12:37 am 0 comment

අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය අප්‍රේල් 5 වැනිදා ආරම්භ කළ බස් රථ සේවාව දැනටමත් ක්‍රියාත්මක අතර ආපසු පැමිණීම උදෙසා එම සේවාවන් 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම සිට විශේෂ ගමන් වාර 1500ක් පමණ ක්‍රියාත්මක වේ.

ඊට අමතරව අන්තර් පළාත් සහ විශේෂ බස්රථ ගමන් වාර 870ක් ක්‍රියාත්මක අතර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් දුර පළාත් සඳහා ආරම්භ කළ විශේෂ අධිවේගී බස්රථ සේවය ද මේ වන විටත් ක්‍රියාත්මක අතර එම බස් රථද 17 වෙනිදා දක්වා කොළඹ බලා එන මඟීන් වෙනුවෙන් ක්‍රියාත්මකය.

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව පසුගිය 10 වෙනිදා කොළඹ කොටුව සිට මහනුවර , හැටන්, බදුල්ල , බණ්ඩාරවෙල සහ නානුඔය දක්වා සහ මරදාන සිට ගාල්ල, මාතර, බෙලිඅත්ත, දක්වා ඇරැඹුණු විශේෂ දුම්රිය සේවාව 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු පැමිණීම උදෙසා එම දුම්රියන් විශේෂිත ලෙසින් ක්‍රියාත්මක වේ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division