Home » Food Studio ආහාර සඳහා Layards Wharf හැව්ලොක් සිටියට

Food Studio ආහාර සඳහා Layards Wharf හැව්ලොක් සිටියට

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

සිය පාරිභෝගිකයන්ට රසවත් සහ පරිපූර්ණ ආහාර වේලක් ලබාදීම සඳහා Food Studio තෙවැනි අවන්හල පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී විවෘත විය. එම Layards Wharf අවන්හල තුළින් ජාත්‍යන්තර තලයේ ආහාර අත්දැකීම් රැසක් ලබාදීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර අවන්හල් කළමනාකරණ සමාගමක් මෙන්ම සූපක්ෂේත්‍රයේ නවෝත්පාදකයකු වන Food Studio Pvt Ltd නවතම අවන්හල වන මෙම Layards Wharf ට අමතරව, අගනුවර සුවිශේෂී සංචාරක සහ සංවර්ධන ව්‍යාපෘතීන් වන Colombo City Centre සහ One Golf Face හීද Food Studio (Pvt) Limited අවන්හල් විවෘතව පවතී.

මේ පිළිබඳ Food Studio (Pvt) Limited සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නදීම් රාජාබ්ඩීන් මහතා ප්‍රකාශ කළේ,

” කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාගත හැකි ආකාරයෙන් විවිධ ආහාර තේමා යටතේ සැලසුම් කර ඇති Layards Wharf සාම්ප්‍රදායික අවන්හල් සංකල්පය අභිභවා යන සුවිශේෂී අත්දැකීමක්. අදාළ කලාප තුළදී එම කලාපවලට ආවේණික ආහාර රසයන් භුක්ති විඳීමේ සුවිශේෂී අවස්ථාව මෙහිදී උදා වනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division