Home » ඩයලොග් – ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ඇරැඹේ

ඩයලොග් – ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ඇරැඹේ

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

ඩයලොග් ආසියාටා පූර්ණ අනුග්‍රහයෙන් ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ ආරම්භක උත්සවය බස්නාහිර පළාත් තරග ආරම්භ කරමින් මාර්තු 30 වැනිදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්විණි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ප්‍රධාන ලේකම් A.S. නාලක, ඩයලොග් ආසියාටා මෙහෙයුම් කළමනාකරු මංජුල ගුණසේකර ඇතුළු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ විශාල පිරිසක් සහභාගී විය.

මෙහිදී බස්නාහිර පළාත් පිරිමි තරගාවලියේ ශූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර, අනුශූරතාව පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. බස්නාහිර පළාත් කාන්තා ශූරතාව කිරිඳිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනුශූරතාව හෝමාගම ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. මෙම ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් ජුනි මාසයේ පැවැත්වීමට නියමිත ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division