Home » කාන්තාවන් සවිබල ගැන්වීමට යූනියන් ඇෂුවරන්ස් GROW

කාන්තාවන් සවිබල ගැන්වීමට යූනියන් ඇෂුවරන්ස් GROW

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම Growth and Development (දියුණුව සහ වර්ධනය), Recognition (පිළිගැනීම), Opportunities (අවස්ථා සැලසීම), සහ Well-being (යහ පැවැත්ම) යන සංකල්පවල කෙටි යෙදුමක් වන GROW ක්‍රියාන්විතය ආරම්භ කළේය.

මෙහි අරමුණ වන්නේ, කාන්තාවන් වෘත්තියමය සහ පෞද්ගලිකව සවිබල ගැන්වීමයි. විවිධත්වය, සමානාත්මතාව සහ කිසිවකු මග නොහැරීමේ මූලධර්ම වෙනුවෙන් ස්ථාවර කැපවීමක් ඇති, යූනියන් ඇෂුවරන්ස් සමාගම, සිය ශ්‍රම බළකාය තුළ 51%ක කාන්තා නියෝජනයක් සාඩම්බරයෙන් පවත්වාගෙන යමින් රක්ෂණ ක්ෂේත්‍රයේ ආදර්ශයක් (මිනුම් දණ්ඩක්) බවට පත්ව තිබේ. කළමනාකරණ තනතුරු, ආයතනික නායකත්වය සහ සාම්ප්‍රදායික නොවන භූමිකාවන්හි කාන්තා දායකත්වය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද මුලපිරීම් සමඟින්, GROW ක්‍රියාන්විතය හරහා එම ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි.

මෙහි විශේෂ අවස්ථාවක් වූයේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවති අභිප්‍රේරිත සංවාදමය සාකච්ඡාව යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division