FitsAir ගුවන් ගමන් දැන් ඉන්දියාවටත් | සිළුමිණ

FitsAir ගුවන් ගමන් දැන් ඉන්දියාවටත්

මෙරට ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය FitsAir,කොළඹ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා දැනට සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක කරන ගුවන් සේවය ලබන අප්‍රේල් මාසයේ සිට දෛනික සේවාවක් බවට පත්කිරීමට නියමිතය.

මෙම නව සේවාව පාරිභෝගිකයන් සඳහා සුවපහසු ආසන සහ පහසු පියාසැරි වේලාවන් සමඟින් FitsAir A320 ගුවන් යානයකින් සිදු කෙරේ. හඳුන්වා දීමේ දීමනාවක් ලෙස, FitsAir විසින් සියල්ල අන්තර්ගත ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පතක මිල රුපියල් 55,400කි.

FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර්කාසිම් පැවසුවේ කලාපයේ ප්‍රමුඛතම අඩු වියදමක් සහිත ගුවන් ගමන් සපයන්නා වීම සිය අපේක්ෂාව බවත් මීළඟ කාර්තුවේදී නව ගමනාන්ත 3ක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.මේ පිළිබඳ වැඩි විස්තර www.fitsair.com හෝ පාරිභෝගික සහායක (+94) 117 940 940, WhatsApp (+94) 777 811 118 හරහා ලබාගත හැකිය.

 

Comments