යූනියන් බැංකුවේ කාන්තා දින සැමරුම | සිළුමිණ

යූනියන් බැංකුවේ කාන්තා දින සැමරුම

යූනියන් බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත් වූ අතර, යූනියන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා ජාලයේ සේවය කරන සාමාජිකාවන් පිරිසක් ඊට සහභාගී වූහ. Image Consultants සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නයනා කරුණාරත්න විසින් වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, කාන්තාවන් සවිබලගැන්වීම සහ සමානාත්මතාව පිළිබඳ විශේෂ සැසියක් ද පැවැත්විණ. යූනියන් බැංකුවේ උප සහාපතිනි (මානව සම්පත්) ලිලන්ති දෙල්ගොඩ විසින් Image Consultants සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නයනා කරුණාරත්නට සමරු තිළිණයක් පිළිගැන්වීය.

Comments