රාහුල් ගාන්ධිට වසර 02ක සිර දඬුවම් | Page 2 | සිළුමිණ

රාහුල් ගාන්ධිට වසර 02ක සිර දඬුවම්

සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.
 
ගුජරාටි අධිකරණයක් මගින් ඔහුට මෙම දඬුවම නියම කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 
 
2019 වසරේ පැවති මැතිවරණ රැළියකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස ගාන්ධි වරදකරු කර ඇත.  
 
රාහුල් ගාන්ධි සමස්ත මෝදි ප්‍රජාවටම අපකීර්තියක් සිදුකර ඇති බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් මීට අදාළ නඩුව පවරා තිබුණි.
 
2019 මහ මැතිවරණයට පෙර කර්නාටක ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැලියකදී කතා කරමින් ගාන්ධි විමසා ඇත්තේ සියලුම හොරුන්ට 'මෝඩි' පොදු වාසගමක් වන්නේ මන්දැයි කියාය. එවකට මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහු පලාගිය දියමන්ති ව්‍යාපාරික නිරාව් මෝඩි සම්බන්ධව මෙලෙස හදුන්වා තිබුණි. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නඩුවේ තීන්දුවට අනුව විපක්ෂ නායක රාහුල් ගාන්ධි හට සිර දඬුවමක් නියම වුවද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසමින් සිර දඬුවම දින 30කට අත්හිටුවා ඇති බවය. 
 

Comments