ශ්‍රී ලංකා පොලිසියට ප්‍රංශයෙන් පුහුණුවක් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රංශයෙන් පුහුණුවක්

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා සහ මහජන  ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අතර හමුවක් අද(01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. 
 
ප්‍රංශ - ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා විය. එසේම තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ප්‍රංශ තානාපතිවරයා පැවසීය.
 
එහිදී ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළේය.
 
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධාන කිරීමට සහයෝගය දැක්වීමට ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා මෙහිදී එකඟ විය.

Comments