සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයට අනුමතිය | Page 2 | සිළුමිණ

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයට අනුමතිය

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.
 
මේ සඳහා අනුමතිය හිමි වූයේ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
 
මේ අනුව 2007 අංක 07 දරන සමාගම් පනතේ 477 වන වගන්තිය සමග කියවිය යුතු 527 වන වගන්තිය යටතේ  සහ 2005 අංක 11 දරන සමිති ආඥා පනත (සංශෝධිත) සමග කියවිය යුතු 1891 අංක 16 දරන සමිති ආඥා පනතේ (123 අධිකාරිය) 19 වන වගන්තිය යටතේ පනවන ලද නියෝග සඳහා උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.
 
මීට අදාළ ගැසට් නිවේදනය 2022 ඔක්තෝබර් 25 දින පළ කර තිබූ අතර මේ මගින් 2016 ඔක්තෝබර් 25 දිනැති අංක 1990/12 අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළ කරන ලද සමාගම් සහ සමිති ගාස්තු  සංශෝධනය වීමට නියමිතය.
 
මීට අමතරව දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශිය මට්ටමින් පවතින විවිධ කර්මාන්ත දිරිමත් කිරීම සම්බන්ධයෙන් සහ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන ණය ලබාදීම සහ එම ණය ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නේ දැයි අධීක්ෂණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගයාශාන් නවනන්ද සහ ජගත් කුමාර සමිත්‍රාආරච්චි යන මහත්වරු සහභාගී වූහ.
 

Comments