AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව එක්වෙයි | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව එක්වෙයි

ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය මෙන්ම ශක්තිමත් බෑන්ක් ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී. මෙම සහයෝගීතාවය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සුවිශේෂී යෝජනා සහ බෑන්ක් ඇෂුවරන්ස් ව්‍යාපාරය පිළිබඳ ඇති හසල අත්දැකීම්, ශ්‍රී ලංකාව පුරාවට පැතිර ඇති කොමර්ෂල් බැංකුවේ 260 ක් වන ශාඛා පද්ධතිය හා සම්බන්ධ ඉහළ තලයේ පාරිභෝගිකයින් වෙත හදුන්වා දෙනු ඇත.

මෙම සහයෝගීතාවයෙහි අපේක්ෂාව වනුයේ සාමාන්‍ය බෑන්ක් ඇෂුවරන්ස් සබඳතාවයකින් ඔබ්බට ගොස් ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ බෑන්ක් ඇෂුවරන්ස් ව්‍යාපාරය සඳහා අවශ්‍ය සහය ලබා දීමයි.

Comments