මහජන බැංකුවේ “වාසි කෝටියයි” මිලියනපතියාට ත්‍යාග | සිළුමිණ

මහජන බැංකුවේ “වාසි කෝටියයි” මිලියනපතියාට ත්‍යාග

මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ ජුනි මස මිලියනපතියා වන අයි.ආර්. මධුශංඛ ජයවීර මහතාට හිමි චෙක්පත, ඩුබායි සහ උතුරු එමිරේට්ස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා ඩුබායිහිදී සිදුකෙරිණි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, People's Remittance වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 1 වැනිදා සිට ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

Comments