හදිසි මරණ පරී­ක්ෂ­­කවරුන්ගේ සංග­ම් රැස්වීමක් | Page 2 | සිළුමිණ

හදිසි මරණ පරී­ක්ෂ­­කවරුන්ගේ සංග­ම් රැස්වීමක්

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සුභසාධනය හා කාර්ය සංවර්ධනය කිරීමේ අරමුණින් " සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය " ආරම්භ කර තිබේ. සංගමයේ සභාපතිවරයා ලෙස ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී.පී.ආර්.පී.රාජපක්ෂ පත් කර තිබේ.

දිවයින පුරා විසිරී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන් ඒකරාශි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ රාජකාරි වැඩි දියුණු කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීමටත් රාජකාරි ගැටලු වෙනුවෙන් සංගමය මැදිහත් වීමටත් කටයුතු කෙරෙනු ඇත. සංගමය වෙනුවෙන් අදහස් හා යෝජනා සභාපති වෛද්‍ය පී.පී.ආර්.පී.රාජපක්ෂ, 241/B, විජේරාම පාර,ගම්පහ ලිපිනයට හෝ දුරකථන අංක - 0718923201 ට යොමු කළ හැකිය.

 

ගම්පහ දිස්ත්‍රික් විශේෂ - සිසිල ගුණතිලක

 

Comments