එය මෙසේ සිදු විය | Page 2 | සිළුමිණ

එය මෙසේ සිදු විය

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන පරිදි මීළඟට ජනතාව නැඟිටින්නේ ජවිපෙ නායකත්වයෙනි. අකුරැස්සේ පැවැති ජාතික ජන බලවේගයේ ආසන සමුළුවට සහභාගි වෙමින් එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ පළමු නැඟිටීමට වඩා දෙවැනි නැඟිටීම භයානක බවය.

ඉකුත්දා අරගලය උපරිම ජයග්‍රහණය කරා ගෙන යාමට අසමත් වීම ගැන කනගාටුව පළ කළ ජවිපෙ නායකවරයා දෙවන ජනතා නැඟිටීම සිදු වන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙය වීමෙන් බවද පෙන්වා දුන්නේය.

ජවිපෙ 1971 අප්‍රේල් 5 කැරැල්ලෙන් තරුණයන් 5000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විය. ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 සිට 90 දක්වා පැවති අතර ඉන් ඝාතනයට ලක්වූ හෝ අතුරුදන් වූ සංඛ්‍යාව 67,652 කි. මින් 6,661ක් ඝාතනයට ලක්වූයේ ජවිපෙ කැරලිකරුවන් අතිනි. මේ එම අතීතය පිළිබඳ ආවර්ජනයකි.


 

 

Comments