ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන බව විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ඉකුත් බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ. ඔවුහු මේ අදහස් පළ කළේ, ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පැවැති විවාදයේදී අදහස් දක්වමිනි.
සජබෙ මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළේ, බංකොළොත්භාවයෙන් ගොඩ...