ඇමතිවරුන්ගේ විදේශ සංචාරවලට සීමා | Page 2 | සිළුමිණ

ඇමතිවරුන්ගේ විදේශ සංචාරවලට සීමා

දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන‍ රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
 
එවැනි සංචාරයන් සදහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාල සංචාරයේ රාජකාරී කටයුතු සදහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගී කරවා ගත යුතු බවටත් එම යෝජනාවේ සදහන් වේ. 

Comments