ජාතික සභාව 20 දා පාර්ලි­මේ­න්තු­වට | Page 2 | සිළුමිණ

ජාතික සභාව 20 දා පාර්ලි­මේ­න්තු­වට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වූ ‘ජාතික සභාව‘ යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවිය යුතු බවට වූ යෝජනාවක් සැප්තැම්බර් 20 අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කෙළේය. මේ පිළිබඳ යෝජනාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කර සම්මත කරගැනීමට ද නියමිතය.

ජාතික සභාව මඟින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තු පොදු ප්‍රමුඛතා නියම කිරීමටද ආර්ථීක ස්ථායිකරණයට අදාළ පොදු අවම වැඩ සටහන් සම්බන්ධයෙන් එකඟතා ඇති කිරීමට ද අපේක්ෂිතය.

එමෙන්ම ජාතික සභාවට ඇති අධිකාරි බලය සහ පොදු වගකීම් අනුව පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ, රජයේ මුදල්, රජයේ ගිණුම් ඇතුළු රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීමටද බලය ඇත. මෙම ජාතික සභාවේ ගණ පූරණය සාමාජික මන්ත්‍රීවරුන් 10කි.

 

Comments