සෙලින්කෝ ලයිෆ් ‘සිහින සිතුවම්’ තරගයට නිර්මාණ 70,000 ක් | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් ‘සිහින සිතුවම්’ තරගයට නිර්මාණ 70,000 ක්

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහින සිතුවම්’ ළමා චිත්‍ර තරගය සහ රචනා තරගය සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000 ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත. මෙම සෑම චිත්‍රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ (Your dream when you grow up) යන තේමාවෙන් ‘සිහින සිතුවම්’ වෙබ් අඩවිය ඔස්සේ එවීමට හෝ සෙලින්කෝ ලයිෆ් ශාඛාවකට පැමිණ භාරදීමට අවස්ථාව ලබාදී තිබුණි.

සමාගම සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගතය සහ පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ මෙම දරුවන් වැඩි වශයෙන් නි‍ෙවසටම වී සිටියද ඔවුන්ගේ නිර්මාණ සඳහා ඔවුන්ගේ මනරම් සිතුවිලි සහ බලාපොරොත්තු ආලෝකයක් වී තිබෙන බවයි.

මේ අනුව, චිත්‍ර වලින් තමන් අනාගතයේදී ඉංජිනේරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් මෙන්ම අනාගත නාසා විද්‍යාඥයින්, තානාපතිවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා වීමේ බලාපොරොත්තු විදහා දක්වා තිබෙන බව සමාගම සඳහන් කරයි. එලෙසම, බාධක ජයගෙන, සිහින සැබෑ කරගනමින් හොඳ අනාගතයක් අත් කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු මතුකර තිබේ. මෙම චිත්‍ර සහ රචනා තරඟයට සහභාගී වූ සියලුම දරුවන්ට සෙලින්කෝ ලයිෆ් විසින් සහතික පත්‍රයක් ප්‍රදානය කළ අතර මේ වනවිට වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රාහකයින් 362 දෙනෙකු සමාගම විසින් තෝරා ගනිමින් සිටී.

Comments