පොකුණකට වැටී අවුරුදු තුන් හැවිරිදි දරුවෙක් මරුට | Page 2 | සිළුමිණ

පොකුණකට වැටී අවුරුදු තුන් හැවිරිදි දරුවෙක් මරුට

නිවස ඉදිරිපිට මාළු ඇති කරන කුඩා පොකුණකට වැටී අවුරුදු 03 ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
ඊයේ (28) දින සවස පන්විල පොලිස් වසමේ කැලෑබොක්ක උඩ කොටස, මඩුකැලේ ප්‍රදේශයෙන් මෙම අනතුර සිදු වී තිබෙයි.
 
මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී මෙම දරුවා පොකුණට වැටී ඇති බව මූලික විමර්ශන වලදී ආනවරණය වී ඇත.
 
මෘත ශරීරය මඩුල්ලකැලේ රෝහලේ තැන්පත් කර ඇති අතර පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
 
 

Comments