ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට | සිළුමිණ

ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

චාර්ය බන්දුල ගුණවර්ධනයන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළි පත් වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ඔහු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ධුරයද දරනු ඇත. පසුගිය 23 වෙනිදා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් ඉදිරියේ දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කෙළේය.

1953 මාර්තු 15 වැනි දින මාලඹේදී උපත ලැබූ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇත. ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1989 දී දේශපාලනයට පිවිස ඇත.

Comments