හෙරො­යින් කිලෝ 243ක් නාවික හමුදා අත්අ­ඩං­ගු­වට | Page 2 | සිළුමිණ

හෙරො­යින් කිලෝ 243ක් නාවික හමුදා අත්අ­ඩං­ගු­වට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පසුගියදා ජාත්‍යන්තර මුහුදේ සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 243කට අධික තොගය සහ විදේශීය සැකකරුවන් හත් දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුරළ නෞකාව මඟින් පසුගිය 09 වැනිදා කොළඹ වරාය වෙත රැගෙන ආ අවස්ථාවේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කළ අවස්ථාව.

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති තුනකට (03) ආසන්න කාලයක් ආවේක්‍ෂණය කරමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ගොඩබිම සිට නාවික සැතපුම් 630 ක පමණ (කිලෝ මීටර 1166ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ රාජ්‍ය අනාවරණය නොවූ මේ යාත්‍රාව අත්අඩංගුයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4861ක් බව අනාවරණය වී ඇත.

 

Comments