සුකී යළිත් සිර වෙයි | සිළුමිණ

සුකී යළිත් සිර වෙයි

ලයේ සිටියදී සිදුකළ වංචා සහ දූෂණ හේතුවෙන් මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට වසර පහක සිර දඬුවම් නියම කළ බව මියන්මාර රජය ප්‍රකාශයට පත් කර තිබේ. මියන්මාරය හමුදා පාලනයට නතු වීමත් සමඟම එතෙක් එරට පාලනය කරමින් සිටි අවුන් සාන් සුකී අත්අඩංගුවට පත් වූ අතර මිලිටරි පාලනය ප්‍රකාශ කර සිටියේ ඇයට එරෙහිව නඩු විභාගයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඇයට එරෙහිව දූෂණ චෝදනා 11ක් එල්ල වී ඇති බවද ප්‍රකාශ විය. ඒ අනුව පසුගිය 27වැනිදා ඇයට සිර දඬුවම් නියම වූ බව ද මියන්මාර රජය නිවේදනය කර තිබිණි.

කෙසේවුවද සුකී ගේ නඩු විභාගය පැවති ස්ථානය හෝ ප්‍රකාශයට පත් නොකිරීමට මියන්මාර හමුදා රජය වගබලාගෙන තිබිණි. එමෙන්ම හමුදා පාලනය ආරම්භ වූ අවස්ථාවේ සිට සුකීට හෝ ඇයගේ දේශපාලන පක්ෂයේ වෙනත් කිසිවකුට මාධ්‍ය හමුවට පැමිණීමට හෝ හමුදා පාලනයෙන් අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ රටවල් රැසක් මියන්මාර හමුදා රජයට විරෝධය පළ කළ අතර එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කරමින් සම්බාධක පැනවීමටද ඇතැම් රටවල් කටයුතු කර තිබිණි.

Comments