යුකේකැන් බ්‍රසීලය, උරුගුවේ වනසයි | සිළුමිණ

යුකේකැන් බ්‍රසීලය, උරුගුවේ වනසයි

යුකේකැන් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රසීලයට සහ උරුගුවේ රාජ්‍යයට හානි සිදුවී ඇතැයි වාර්තා වේ. මේ දෙරටේම බොහෝ ප්‍රදේශ සිසාරා පැයට කිලෝමීටර් 61කට වැඩි වේගයෙන් සුළං හමා යමින් පවතින අතර ජීවිත හානි ද වාර්තා වී තිබේ. සුන්දර මුහුදු වෙරළ තීරයන්ට උරුමකම් කියන මේ දෙරටේම වෙරළාසන්න බොහෝ මාර්ග මුහුදු ජලයෙන් වැසී යමින් ඇත්තේ හමා යන දැඩි චණ්ඩ මාරුතය හේතුවෙනි.

කැරිබියන් කලාපය බොහෝ විට සුළි කුණාටුවලට උපත ලබා දෙන අතර ඇමරිකාව ද ප්‍රමුඛව කැරිබියන් කලාපයේ රටවල් බොහොමයක් වසරකට වරක්වත් දරුණු සුළි කුණාටු හේතුවෙන් පීඩාවට පත්වෙති.

Comments