“හච් දැනුමයි මිලියනයයි” ජයග්‍රාහකයින් ට මුදල් ත්‍යාග | සිළුමිණ

“හච් දැනුමයි මිලියනයයි” ජයග්‍රාහකයින් ට මුදල් ත්‍යාග

 

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 27 වන හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

දිනකට රුපියල් 5ක් වැනි සුළු මුදලකට ලියාපදිංචි වීමෙන් ඕනෑම අයෙකුට තරඟයට සහභාගී විය හැකි අතර බෝනස් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් තම ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටද හැකියාව පවතී. මෙය සහභාගී වන සියලු දෙනාට සමාන දිනුම් අවස්ථා සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන තරගයකි. මේ සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටිනා හච් පාරිභෝගිකයින් හට සිය ජංගම දුරකතනය මගින් WIN ලෙස type කර 6633 ට SMS කිරීම මඟින් හෝ play store මඟින් Danumai Miliyanayai app ඩවුන්ලෝඩ් කර ඒ සඳහා ලියාපදිංචි වියහැක. මාස හයක් අවසානයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් තිදෙනෙක් තෝරා ගනු ලබන අතර ඒ සඳහා සුදුසුකම් ලබන්නේ වැඩිම ලකුණු ලාභීන් පමණි.

 




Comments