මැලිබන් සමාගමේ 70 වසරක අභිමානය | සිළුමිණ

මැලිබන් සමාගමේ 70 වසරක අභිමානය

ශ්‍රී ලංකාව පෙර නොවූවිරූ අයුරින් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින මේ මොහොතේ, වසර 70 කට අධික කාලයක් යහගුණයෙන් පන්නරය ලැබූ සැබෑම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් ලෙස මැලිබන්, කාලීන වූ අස්ථාවර ආර්ථික තත්ත්වයන් නිසා මුළුමහත් ශ්‍රී ලාංකිකයන් අත්විඳිමින් සිටින අප්‍රමාණ වූ දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ඉමහත් කම්පාවට පත්වී සිටින්නෙමු.

අන්‍යෝන්‍ය වටිනාකම් අගයමින්, ඉතාමත් සාමකාමී පිළිවෙතක් අනුගමනය කරමින්, මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව එක්රැස් කර ගනිමින්, දැයේ හෙට දිනය බලාපොරොත්තුව වන අභිමානවත් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මේ ප්‍රශංසනීය ප්‍රයත්නය, 100% දේශීය ආයතනයක් වන මැලිබන් විසින් නිහතමානීව අගයන්නෙමු. මෙම එක්සිත්ව නැඟී සිටීම අවිනිශ්චිත හෙට දිනය පිළිබඳ නව බලාපොරොත්තු දල්වමින් පවතී. 

Comments